අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඓතිහාසික නවගමුව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක මල්වානෙ පඤ්ඤාසාර හිමිපාණන් බැහැ දකියි.
Posted on January 4th, 2023

  අග්‍රාමාත්‍ය    මාධ්‍ය අංශය


අග්‍රාමාත්‍යවරයා 2023.01.04 දින  ඓතිහාසික නවගමුව රජමහා විහාරස්ථානයේ සහ පත්තිනි දේවාලයේ  ආගමික වතාවත් වලට සහභාගී වූ අතර විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම  මහා සංඝ සභාවේ මහා නායක මල්වානෙ පඤ්ඤාසාර හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
එහිදී අනුශාසනා කළ නවගමුව රජමහා විහාරාධිපති මල්වානෙ පඤ්ඤාසාර හිමියන්  –
  අපේ නවගමුව පූජා භූමිය විහාරස්ථානය සහ පත්තිනි දේවාලය   අග්‍රාමාත්‍යතුමන්ට  අමුතු තැනක් නෙමෙයි. අග්‍රාමාත්‍යතුමාගේ සීයා බොරළුගොඩ රාළහාමි නව ගමුව   පූජා භූමියේ භාරකාරීත්වය අරගෙන මේ ස්ථානයේ දියුණුවට කටයුතු   කළා.    
 අග්‍රාමාත්‍යතුමා කුඩා කාලයේත් පත්තිනි දේවාලයට පැමිණ විවිධ අවස්තාවන් වලට සහභාගි වී  මේ ස්ථානයේ දියුණුවට නොයෙක් වර විවිධ කටයුතු සිදුකළා.
 මේ නවගමුව පූජා භූමිය සහ සත් පත්තිනි දේවාලය පිළිබඳව එතුමන්ලාට ලොකු වගකීමක් තියෙනවා. ඉදිරියටත් ඒ යුතුකම් ඉෂ්ට කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
 ″ඔබතුමා රට වෙනුවෙන් කළ කැපවීම සහ ඉවසීම නිසා අද මේ රටේ අග්‍රාමාත්‍යධූරයට පත් වුණා.  රටට  ජාතියට හදවතින්ම කටයුතු කරන පුද්ගලයෙක් හැටියට එය රටේ  අනාගතයට වැදගත්.”  යැයි      උන්වහන්සේ වැඩිදුරටත්  සඳහන් කළේය
  මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ද එක් වූ අතර  ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද කිරීමද මෙහිදී සිදු කෙරිණී. සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ,  කඩුවෙල මහ නගරසභා මන්ත්‍රීවරුද මෙම අවස්ථාවට එක්විය.
 
  අග්‍රාමාත්‍ය    මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress