යුක්රේනයෙන් පුපුරණ ද්‍රව්‍ය මිලදී ගෙන කොටුවේ මහ බැංකු බෝම්බ පිපිරීම සිදු කළ හැටි වසර 27කට පසු හෙළිවෙයි
Posted on January 8th, 2023

Lanka Lead News

කැනඩාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් අශෝක වීරසිංහ මහතා හෙළිකරන්නේ 1997 ජනවාරි 31 දා සිදුවූ කොටුවේ මහ බැංකු බෝම්බ පිපිරීම සඳහා ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් 50 ක් සහ ආර් ඩී එක්ස් පුපුරණ ද්‍රව්‍ය ටොන් 10 ක් මිලයට ගෙන ඇත්තේ යුක්රේනයේ රුබේයෝන් රසායන කම්හලෙන් බව ය.

කොටුව බෝම්බ පිපිරීමෙන් සියයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වූ අතර, මෙම ප්‍රහාරය පිළිබද තොරතුරු මෙලෙස අනාවරණය වන්නේ වසර 27 කට පසුවය.

බෝම්බ සෑදීම සදහා අධිබල පුපුරණ ද්‍රව්‍ය මිලයට ගෙන ඇත්තේ කැනඩාවේ වැන්කුවර්හි බැංකුවක ඩොලර් මිලියන 7 ක ගිණුමකින් වන අතර, ගිණුමේ හිමිකරු ද්‍රවිඩයකු බවද අශෝක වීරසිංහ මහතා තවදුරටත් හෙළිකර ඇත.

එහෙත් කැනඩාවේ ආණ්ඩු අද වනතුරු එම සිද්ධිය ගැන පරික්‍ෂණ පවත්වා නොමැති බවත් ඒ මහතා සදහන් කරයි.

කොටුවේ බෝම්බ පිපිරීම ප්‍රභාකරන් සිදුකළ බවට තහවුරු වූයේ බෝම්බකරුවන්ට තෑගි කළ තෑගි බෝම්බයේ තිබී පොලිස් ත්‍රස්තමර්දන ඒකකයේ පරීක්‍ෂක නිලාබ්දීන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු තුනක් සොයාගැනීම නිසාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress