මහව – ඕමන්තේ රේල් පාරට ඉන්දියාවට හතර ගුණයක් ගෙවයි
Posted on January 9th, 2023

 Lanka Lead News

දේශීය දැනුම, ශ්‍රමය හා අමුද්‍රව්‍ය යොදා ගනිමින් රේල් පීලි පමණක් ආනයනය කර මහව – ඕමන්තේ රේල් පාර ප්‍රතිසංස්කරණය කිරීම සදහා ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඇස්තමේන්තු කළ මුදලට වඩා හතර ගුණයක වැඩි මුදලකට ඉන්දියාවට කොන්ත්‍රාත්තුව ලබාදීම පිළිබදව දුම්රිය ඉන්ජිනේරු අංශ විමතිය පළ කරති.

ඒ පිළිබදව අදහස් දැක්වූ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු සහ අමාත්‍යංශ ලේකම්වරයකු වූ මහාචාර්ය ගුණරුවන් මහතා සදහන් කළේ එම ව්‍යාපෘතිය දේශීයව දුම්රිය දෙපාර්තමෙන්තුව මගින් සිදුකළහොත් උපරිම වශයෙන් ඩොලර් මිලියන 20ක් පමණ වැය වුවත් දැන් ඉන්දියානු සමාගමකට එම කොන්ත්‍රාත්තුව ලබාදෙන්නේ ඩොලර් මිලියන 90කට බවය.

මීට පෙර 2015 දී රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා විසින් එම ව්‍යාපෘතිය දේශීයව ඉදිකිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුනද ඉන්දියාවේ බලපෑම සහ කොමිස්කාරයන්ගේ බලපෑම නිසා එය අත්හිටවූ බවද ඔහු සදහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress