දළදා වහන්සේට අපහාස කිරීමේ සේපාල් අමරසිංහගේ අරමුණ එළියට – මාසෙකට ලක්ෂ 14ක් සමාජ මාධ්‍ය හරහා ගරලා
Posted on January 10th, 2023
Lanka Lead News
දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ අද දින(10) කොළඹ මහේස්ත්‍රාත් වෙත යොමුකිරීමෙන් අනතුරුව ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
මෙහිදී විත්තියේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව එදිනට නිකුත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා පැවසුවේ.
කෙසේ වෙතත් අද නඩුව කැදවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට පෙන්වා දුන්නේ සේපාල් අමරසිංහ දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත්කර ඇත්තේ 172,000ක ග්‍රාහකයන් පිරිිසක් සිටින සිය සමාජ මාධ්‍ය පරිශීලකයන් හරහා ඒවා බෙදාහැරීමෙන් මුදල් උපයා ගැනීමේ අරමුණින් බවය.
ඔහුගේ මෙම ගිනුම් මගින් මසකට රුපියල් ලක්ෂ 14ක මුදලක් උපයා ඇති බවද මෙහිදී සොලිස්ටර් ජනරාල්වරයා කරුණු අනාවරණය කළේය.
මෙහිදී අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාද පැවසුවේ සැකකරු පුරාවිද්‍යා අඥා පනත යටතේ වරදක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බවය.