උතුරු මැද පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙි පළාත් ආයුර්වේද රෝහල, ග්‍රාමීය ආයුර්වේද රෝහල්, ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා හා ආයුර්වේද නිෂ්පාදනාගාර ඇගයීමෙි  උත්සවයක්
Posted on January 12th, 2023

තිසර සමල් 

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු  ලැබූ 2020 ජාතික ඵලදායිතා තරගයේ සමිමාන ලැබූ උතුරු මැද පළාතේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙි පළාත් ආයුර්වේද රෝහල, ග්‍රාමීය ආයුර්වේද රෝහල්, ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා හා ආයුර්වේද නිෂ්පාදනාගාර ඇගයීමෙි  උත්සවයක් පළාත් අණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ  පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා උතුරු මැද පළාතේ , ආයුර්වේද සේවාව මගින්  ජනතාවට ඉමහත් ඉහල සේවාවක් කරන්නට හැකියාව ඇති බව මෙම ඵලදායිතා සම්මාන ලබා ගනිමින් ඔප්පු කර ඇති බව පෙන්නුම් කර තිබේන බවත් ආයුර්වේද රෝහල් හරහා ඉටු වන සේවාව නිසා බටහිර ප්‍රතිකාර සඳහා රෝහල් වලට යන රෝගීන්ගේ තදබදය අඩු කිරීමටත් මෙම සේවාව ඉවහල් වන බවත් තවත් මෙවැනි ආයුර්වේද රෝහල්වල සේවාව වැඩිදියුණු කරන්නට පළාත්සභාව පියවර ගන්නා බවත් මේ සදහා විශාල සේවාවක් කරණ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවත් පැවසීය

මෙම අවස්ථා සඳහා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර ආයුර්වේද රෝහල් අධ්‍යක්ෂ පී.එමි ගොඩගේ ඇතුළු නිලධාරීන් සහභාගී විය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress