‘කටාර් චැරිටි‘ සංවිධානයේ තහනම ඉවතට – තහනමට හේතු වූ වැරදි නිවැරදි වූ බව නොකියයි
Posted on January 12th, 2023

 Lanka Lead News

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඩොලර් මිලියන 11.7ක සහනාධාර ලබාදීම පිළිබදව කටාර් චැරටි සංවිධානයට ස්තුතිය පළ කරයි.

ඊට අමතරව කටාර් චැරටි සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය නැවත විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ නිලධාරින් දෙදෙනෙකු සමග අමාත්‍ය අලි සබ්රි මහතා ගනුලැබූ පින්තූරයක් ද මාධ්‍යවල දක්නට ඇත.

ඉස්ලාම් අන්තවාදයට සෘජුව සහ වක්‍රව සහාය දැක්වීමේ චෝදනාව යටතේ මීට පෙර කටාර් චැරටි සංවිධානය තහනම් කරනු ලැබීය.

එහෙත් තහනම ඉවත් කිරීමට අදාළව වැරදි නිවැරදි කිරීමක් සිදුවී ඇති බවට වාර්තාවක් හෝ ප්‍රකාශනයක් ඇමැතිවරයා විසින් නිකුත්කර නැත.

කටාර් චැරටි සංවිධානය මුස්ලිම් ජනතාවට විශේෂිතව ආධාර ලබාදෙන කටාර් රජයට අයත් සංවිධානයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress