මෛත්‍රීට පෞද්ගලිකව දඬුවම් විඳීමට සිදු වුවද පාස්කු ප්‍රහාරයට පාර කැපුවේ මංගල, රනිල් ප්‍රතිපත්තියයි – ජාතික සංවිධාන කියයි
Posted on January 12th, 2023

Lanka Lead News

පාස්කු ප්‍රහාරයට අදාළව වගකීම් පැහැර හැරීම පිළිබදව රාජ්‍ය නිලධාරීන් 4 දෙනෙකු සහ ජනාධිපතිවරයකු පෞද්ගලිකව වගකිව යුතු බවට ලබාදී ඇති නඩු තීන්දුව පිළිබදව ලංකා ලීඩ් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්.

ජාතික ආරක්ෂාවට අදාළව විධායකයේ වගකීම් පැහැර හැරීමේ වගකීමෙන් ජනාධිපතිවරයකුට පවා ගැලවිය නොහැකි බව මෙම නඩු තීන්දුව මගින් ප්‍රකාශයට පත්වෙලා තියෙනවා. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් නඩු තීන්දුවක් බවට විවාදයක් නැහැ. අනාගත පාලකයන්ට ඒ මගින් ඉතා බරපතළ පිණිවිඩයක් ලබාදී තිබෙනවා.

ඒත් නැගෙනහිර පළාතේ ඔත්තු සේවා බිඳ වැටීම මගින් පාස්කු ප්‍රහාරයට මග පාදන්නේ මංගල – රනිල් විදේශ ප්‍රතිපත්තියයි.

2015 දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට ස්තූති පූර්වකව අනුමැතිය ලබාදීමෙන් පසුව ආරක්ෂක හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීමේ ක්‍රියාවලිය ඇරඹුණා.

ඒ අනුව නැගෙනහිර පළාත බාර ඔත්තු සේවා නිලධාරීන් අත්අඩංගුවට ගත් අතර එම අංශ වසාදමා ලිපිගොනු පවා අත්අඩංගුවට ගත්තා. එහි අවසන් ප්‍රතිඵලය තමයි පාස්කු ප්‍රහාරය.

එහෙත් අධිකරණය සලකා බලන්නේ අධිකරණයට ඉදිරිපත් වන කරුණු පමණයි. ඒ නිසා දැනට පරලොව සිටින මංගල සමරවීර මහතාට සහ මෙලොව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට තම වගකීමෙන් ගැලවීමට හැකි වෙලා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress