එක්සත් මහජන පක්ෂයේ 2023 පළාත් පාලන මැතිවරණය පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව
Posted on January 16th, 2023

අකිල තෙන්නකෝන් මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්

2023 පලාත් පාලන මැතිවරනයට එක්සත් මහජන පක්ෂය ලෙස අප පක්ෂයේ සහභාගීත්වය සහ ඉදිරි දේශපාලන වැඩපිලිවෙල පිලිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා වන මාධ්‍ය සාකච්ඡාව 2023.01.16 දින කොළඹ පදනම් ආයතනයේදී පවත්වන ලදී

ඒ සදහා පක්ෂය නියෝජනය කරමින් චමින්ද ගුණසිංහ මහතා, අවිශ්ක විරාජ් කෝණාර මහතා, මාෂි සේනානායක මෙනවිය සහ චතුර රාජපක්ෂ මහතා සහභාගී විය.එහිදි පහත කරුණු සම්බන්ධව අදහස් පල කරන ලදී.

ශ්‍රී ලාංකීය දේශපාලනයේ වසර 74ක් පුරාවට වැරදි දේශපාලනික මැදිහත් වීම,නිළධාරීවාදය සහ අකාර්යක්ෂමතාවය හේතුවෙන් මේ වෙන විට රට පත්ව ඇති අසීරු තත්ත්වය වෙනස් කිරීමට නව නව දැක්මක් සහ වැඩ්පිලිවෙලක් පුරවැසියන් විසින් අපේක්ෂා කරන බවත් ඒ සදහා හුදු විවේචනය සහ විචාරයෙන් ඔබ්බට ගිය විසදුම් මූලික කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස කටයුත් කිරීමේ අරමුණින් මෙම පලාත් පාලන මැතිවරණයට පක්ෂයක් ලෙස මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉදිරිපත් වීමට එක්සත් මහජන පක්ෂය තීරණය කර ඇති බවට චමින්ද ගුණසිංහ මයා විසින් මාධ්‍ය දැනුවත් කරන ලදී. එමෙන්ම වැඩ මූලික දේශපාලන ව්‍යාපාරයක් සමග අත්වැල් බැද ගැනීමට කැමැත්ත ඇති ඉදිරි මැතිවරණයේදී තරග කිරීමේ බලාපොරොත්තුව සහිත පුරවැසියන්ට පක්ෂය හා එකතු වන ලෙස ආරාධනා කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වූ අවිශ්ක විරාජ් කෝණාර මහතා අරගලයේදී දැක්වූ විරෝධය පාලකයා වෙනස් කිරීමෙන් අනතුරුවද දිගින් දිගටම පවත්වා ගැනීම නොව මේ මොහොතේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් සියළු පාර්ශව කටයුතු කල යුතු බව අවධාරණය කරන ලදී. එමෙන්ම ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම සදහා ඔහු විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධව මාධ්‍ය දැනුවත් කරන ලද අතර දේශපාලනයට අවතීර්ණ වීම සදහා මෙම පක්ෂය සමග එකතු වීමට ප්‍රධානම හේතුව ඔහුගේම වැඩපීවෙලක් ඔස්සේ නිදහස්ව වැඩ කිරීමට පක්ෂය ලබා දී ඇති අවස්ථාව බවත් එය උපයෝගී කර ගනිමින් ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සහාව සදහා පක්ෂයෙන් සහභාහී වීමට අපේක්ෂා කරන ලදී.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා සහභාගී වූ මාෂී සේනානායක මෙනවිය. ලංකාවේ පාර්කිමේන්තුව තුල කාන්තා නියෝජනය ඉතා අවම මට්ටමක් පැවතෙන බවත්, කාන්තාවගේ සෑබැ ගැටළු සාකච්ඡා කිරීමට නම් කාන්තාවන් වැඩි වශයෙන් දේශපාලනයය ප්‍රවිශ්ඨ විය යුතු බවත්, ඒ සදහා ලංකාවේ කාන්තා සහික නියෝජනය වෙනුවෙන් නිශ්චිත ප්‍රතිශතයක් වෙන් වන එකම මැතිවරණය පලාත් පාලන මැතිවරණය බැවින් සදහා අප පක්ෂය සමග එකතු වන ලෙස කාන්තාවන්ට විවෘත ආරාධනාවක් සිදු කරන ලදී.

එමෙන්ම මෙම මැතිවරණය පුංචි ඡන්දය ලෙස හැදින්වූවද මෙය මේ මොහොතේ පවතින දේශපාලන වාතාවරණය අනුව ජාතික මැතිවරණයක් මට්ටමටම වැදගත් බවත් එබැවින් මෙම මැතිවරණයේදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන ඕනෑම පක්ශයක අපේක්ශකයෙකුගෙන් ඔහු ඉදිරිපත් වන පලාත් පාලන ආයතනය හෝ මැතිවරණ කොට්ඨාසය සදහා නිශ්චිත වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීම අනිවාර්යය කාර්‍යයක් ලෙස පුරවැසියන් සැලකිය යුතු බව චතුර රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කරන ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින් තම පක්ෂය මගින් ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ තම වැඩපිලිවෙල ඉදිරිපත් කරන බවත්, එම කරුණු තුන අදාලා පලාත් පාලන ආයතන අශ්‍රීතව ආර්ථික ඵලදායිතාවය ඇති කිරීම, පුරවැසියන්ගේ ආකල්පමය දියුණුව වෙනුවෙන් වැඩපිලිවෙලක් සකස් කිරීම, පලාත් පාලන ආයතන වල ප්‍රමුඛ කර්‍ය්යක් වන මංමාවත් සහ් යටිතල පහසුකම් පවත්වාගෙන යාම වෙනුවෙන් නිශ්චිත වැඩපිලිවෙලක් සකස් කිරීම යන ප්‍රධාන කරුණු ඔස්සේ කටයුතු කරන බව දැනුම් දෙන ලදී. එමෙන්ම මෙම මැතිවරණයේදී ඕනෑම පක්ෂයක් මගින් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් සතුව නිශ්චිත වැඩපිලිවෙලක් පවතින්නේද යන්න විමසා බැලීම ඡන්ද දායකයන් සතු වගකීමක් බැවින් එය පක්ෂ බේදයකින් තොරව සිදු කරන ලෙසද ඉල්ලා සිටින ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress