සමඟි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද
Posted on January 16th, 2023

තිසර සමල් – අනුරාධපුර 

සමඟි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා අනුරාධපුර මහ නගර සභාව ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (16) සිදු කරනු ලැබීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ අතර, ඒ සඳහා හිටපු අමාත්‍යයවරුන් වන පී.හැරිසන්, චන්ද්‍රාණී බංඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහින්දසෝම යන මහත්ම මහත්මීන් ඇතුළු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ පී හැරිසන් මහතා, 

  මේ මැතිවරණය සමඟි ජන බලවේගය විශීෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කරනවා.සන්ධාන ගත වෙන්න අපිට අවශ්‍යතාවක් න යැයි පැවසීය.

අනතුරුව අදහස් දැක්වූ හිටපු අමාත්‍යය චන්ද්‍රාණී බංඩාර මහත්මිය,

අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා, අනුරාධපුර මහ නරග සභාව ඇතුළු සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා.අද පොහොට්ටුවට අපේක්ෂකයෙක්වත් හොයාගන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා.පොහොට්ටුවෙන් පත් වුණ මන්ත්‍රීවරු වක්කඩ කඩා ගෙන ගියා වගේ අපි ලඟට එනවා අපේක්ෂකත්වය ඉල්ලා ගෙන, ඒ අයට ගමට යන්න බෑ පොහොට්ටුව ලකුණෙන්.අද විවිධ ලාංඡන වලින් සන්ධාන හදාගෙන ඉන්නවා, හැබැයි ඒ හැම පක්ෂයක්ම එදා පොහොට්ටුව යට ඉඳගෙන මේ රට විනාශ කරපු අය.ඒ නිසා මොන ලාංඡනයෙන් ආවත් මහජනතාව ඒ අයගේ පෙර වැරදි ගැන දන්නවා.අද අපිට අපේ අපේක්ෂකයෝ තෝරලා ඉවර කර ගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණ වෙන නමකින් ගියත් ගමේ මිනිස්සු දන්නවා ජේ.වී.පී කියලා, ඒ අය මේ රට විනාශ කරපු හැටි ජනතාවට මතකයි.මොන බලවේගය ආවාත් සමඟි ජන බලවේගය තමයි මේ රට ඉදිරියට ගෙන යන්න පුලුවන් පක්ෂය.කවුරු මොන වෙස්මූණු දාගෙන ආවත් ජනතාව දන්නවා ඒ අය ගැන යැයි පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress