පාසල් දරුවන්ට නොමිලේ කන්න දෙන්නට බැරි රජයට නව ඇමතිවරුන්ට පඩි ගෙවන්න සල්ලි කොයින්ද ?
Posted on January 21st, 2023

බි්‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී හේවාවිදාන ලන්ඩනයේ සිට ලියන අලුත්ම ලිපිය 2023 ජනවාරි 22 ඉරිදා සති අග අරුණේ 14වෙනි පිටුවේ

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය කොතරම් දරුණු වී ඇද්දැයි කියනවා නම් පාසැලට යවන්නේ තමන්ගේ මොන දුවදැයි හා ගෙදර නවතාගන්නේ මොන පුතාදැයි යන අවාසනාවන්ත තත්ත්වයට බොහෝ දෙමාපියන් පාත්‍රෙව්යයි ලෝකයේ ඉහළතම ජනමාධ්‍ය වු BBC ප්‍රවෘත්ති සේවය කියයි.

එම වාර්තාවේ සාරාංශය මෙසේය.  

මේ පින්තූරයේ සිටින දහ හැවිරිදි මල්කි තම සහෝදර සහෝදරයින් හතර දෙනාට පැයකට පෙර උද්යෝගයෙන් ඇඳෙන් ් නැගිට්ටේ ඇයගේ නියපොතු ලස්සනට පාට කරගැනීමටය.  අලුත් අවුරුද්දේ පළමුවැනි දවසේ පාසැලට යාමට ඇය ඉතා ආසාවෙන් ලැහැස්තිවෙයි.  නමුත් අවාසනාවට ඇයගේ සහෝදර සහෝදරියන්ට අද පාසැල් යාමට වරම් නැත.  එයට හේතුව ඒ හතර දෙනා පාසැල් යැවීමට මල්කිගේ දෙමව්පියන්ට වත් කමක් නැත.

හයමසකට පෙර ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු පැමිණි දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණු පෑය.

දැන් ශ්‍රී ලංකාවේ තරමක් හෝ ස්ථාවරයකට පැමිණ සිටී.  නමුත් රැකියා විරහිත බව, දැරිය නොහැකි අධික බඩු මිළ නිසා බොහෝ පවුල් බලවත් ලෙස පීඩාවට පත්ව සිටී.

ආර්ථික උද්ධනමය 95%ක් දක්වා වැඩි වී ආහාර මිල වාර්තාගත ලෙස අහසට ගොස් ඇත.

මල්කිගේ අම්මා ප්‍රියන්තිකාට තම දරුවන්ගේ පාසැල් ගමන ඇන හිටවන්නට සිදුව ඇත්තේ ඔවුන්ගේ සමඟ එකතු වී උත්සවයේ රතිඤ්ඤා විකුණා කීයක් හෝ උපයාගැනීම සඳහාය.

සමහර දිනවල මල්කි  ගේ පවුලේ කිසිවකු වේලක්වත් කන්නේ නැත.  ශ්‍රී ලංකාවේ පාසැල් අධ්‍යාපනය නොමිලේ ලැබෙන නමුත් දිවා ආහාරයට මුදල් ගෙවිය යුතුය.  එයට අමතරව පාසැල් නිල ඇදුමට බස්ගාස්තුවට යන වියදම ගැන සළකන විට අධ්‍යාපනය යන්න ප්‍රියන්තිකාගේ දරුවන්ට ලබා ගත නොහැකි සුඛෝපභෝගී (ඛමංමරහ) දෙයක් වී ඇත.  

ඈ කියන්නේ දරුවන් පාසැල් යැවීමට ඇයට අඩුම ගානේ පැන්ස 90ක් හෙවත් රු. 400ක් අවශ්‍ය බවයි.පවුලේ හැමදෙනාම නිදාගන්නා කාමරයේ ඇඳ උඩ වාඩි වී ප්‍රියන්තිකා කදුඵ සළයි.  මගේ දරුවෝ පස්දෙනා හැමදාම ඉස්කොලේ ගිය ළමයි.  දැන් එයාලව ඉස්කෝලේ යවන්න මට සල්ලි නැහැ.

මල්කි ට තවම ඉස්කොලේ යන්නට පුඵවන්ව ඇත්තේ ඇයගේ පරණ සපත්තු දෙක හා පාසැල් ඇඳුම තවමත් ඇයගේ සිරුරට ප්‍රමාණවත් :ත්‍සඑ *වන නිසාය.

නමුත් මල්කිගේ නැගණිය දුලන්ජනී ඇඳට වී හඬන්නේ අද දවස ඇයගේ පාසැල් යාමේ දිනය නොවන නිසාය. රත්තරන් දුවේ අඬන්න එපා.  මම හෙට ඔයාව ඉස්කෝලේ එක්ක යන්න බලන්නම්” ප්‍රියන්තිකා ඇය අස්වසයි.

හිරු නැග ඒමත් සමඟ සුදු නිල ඇඳුමින් සැරසුණු දරුවන් දුවිල්ලෙන් වැහැණු පස්පාර දිගේ පයින් නැතිනම් මෝටර් සයිකලයෙන් හෝ ත්‍රීවිලයෙන් පාසැල් යති. නගරයේ අනිත් පැත්තේ සිටින කොටහේන මහා විද්‍යාලයේ විදුහල්පති පරාක්‍රම වීරසිංහ මහතා දිග සුසුමක් හෙළයි.

ඉස්කෝලේ දවස පටන් ගත්තාම උදේ රැස්වීමේදි ළමයි බඩගින්න නිසා කලන්තේ හැදිලා වැටෙනවා”.

වීරසිංහ විදුහල්පතිතුමා කියන්නේ ළමන්ගේ පාසැල් පැමිණීම 40% දක්වා අඩු වු බවය. ඊට පස්සේ මම මගේ ගුරුවරුන්ට කිව්වා ගෙදරින් එකනොකට හැමදාම වැඩිපුර බත් පැකට් එකක් ගෙන්න කියලා.  අපේ කරුණාවන්ත ගුරුවරු නිසා දැන් වෙනදට වඩා වැඩි ළමයි පිරිසක් පාසලට එනවා”

ආණ්ඩුව කියන්නේ නම් දැන් එයාලා ඉස්කෝලවලට හාල් බෙදනවා කියලා.  නමුත් BBCය   කරපු විමර්ශනයකදී හෙළිවුනේ බොහෝමයක් පාසැල්වලට ඒවා ලැබී නැති බවය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියන්නේ අධික වියදම දරන්න බැරි නිසා බොහෝ ළමයින් පාසැල් අද්‍යාපනය අතරමඟ නවතා ඇති බව ශ්‍රී ලංකා රජය නොසලකා හරින බවයි.

අපේ ගුරුවරු තමයි ඉස්කෝලේ දී දිනපතා හිස් කෑම පෙට්ටි දකින්නේ මේ ආර්ථික අර්බුදයේ බරපතලකම වින්දිතයන් තමයි පාසැල් ළමයි.   නමුත් ආන්ඩුවට කිසි ගානක් නැහැ.  ඔවුන් ඒකට විසඳුම් හොයන්නේ නැහැ.  නමුත් එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානය ඹබසජැf ඇතුඵ පිටරට ආයතනවලට මේ ඛේදවාචකය පෙනී තියෙනවා”.

UNICEF ආයතනය කියන්නේ තව මාස කිහිපයක් යන විට, උද්ධමනය ආහාරවල මිල අධික වීම නිසා පාවුල් පිටින් හාමතට ලක්විය හැකි බවයි.  තව මාස ටික කලකින් මුඵ රටේම ළමයි පාසැල් පැමිණීම නවත්වන තරමට මේ තත්ත්වය උද්ගත වෙයි.”

ශ්‍රී ලංකා රජයේ මේ ළමයින්ට කිසිම උදව්වක් නොකරද්දී ඔවුන්ට පිහිට වීමට නොයෙක් ස්වේච්ඡාසංවිධාන ඉදිරිපත් වී තිබේ.දශක තුනක් තිස්සේ අගනුවර අසරණ පවුලවලට පිහිට වන  ර්‍ සැමට සරණ” එවැනි එක් ආයතනයකි”.

අද අපි එහි යන විට අගනුවර වටේම ඉස්කෝලවල සිට පැමිණි බඩගින්නෙන් පෙළෙන දරුවන් 200ක් පමණ එහි කෑම අනුභව කරමින් සිටියේය.

ඔවුන්ට ඉල්ලුම තරමට සැයීම කිරීමට බැරිතරම පැමිණෙන දරුවන් ගණන අති විශාලය.

මේ මාමලා නැන්දලා අපිට රහට කන්න දෙනවා.  ගෙදර යන්න බස් ගාස්තුවත් දෙනවා. කෑම පෝලිමේ සිටින පස් හැවිරිදි මනෝජ් අපට කියයි.

අම්මේ අද අවුරුද්දේ පළවෙනි දවසේ ඉස්කෝලේ ගිහින් යාලුවෝ හම්භවෙලා මම හරියට සතුටු වුනා”පාසැල ඉවර වී ගෙදර ආ මල්කී තම අම්මා ප්‍රියන්තිකාට කියන්නේ බලවත් සතුටුනි. 

නමුත් ඊළඟ දවසේ ඉස්කෝලේ ගෙනියන්න මල්කාට උදරනඉදදන” එකක් අවශ්‍ය බව ඇය මවට කියයි.   ර්‍ණ ඒවගේම ඡරදවැජඑ එකකට අවශ්‍ය බඩු ගන්න සල්ලිත් අරන් එන්න කියලා ටීචර් මට කිව්වා.”

ඇය ඉල්ලා සිටින්නේ පවුල සන්තකේට නැති දෙය වු සල්ලිය.  ප්‍රියන්තිකාගේ කඩ හඬ දුක්මුසුය.  අනේ මහත්තයෝ අද වේල කන්න අපි සල්ලි හොයාගත්තොත් ඊළඟට කල්පනා කරන්නේ හෙට කන්නේ කොහොමද කියලා.  මේක තමයි අපේ ජීවිතේ”

මේ වාර්තාවට අමතරව බීබීසී ප්‍රවෘත්ති අන්ශයේ නැන්ගුරම ලෙස සැලකෙන NEWSNIGHT අංශයේ ප්‍රධාන නිවේදිකාව Kirsty Walk විසින් පසුගියදා ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය  පිළිබඳව කොළඹ සිට විශේෂ වැඩසටහනක් බි්‍රතාන්‍ය පුරා විකාශනය කරන ලදී.   ශ්‍රී ලංකාවට ෂඵත්‍ ආධාර ලබා ලබාදීම වළක්වන්නේ චීනය යයි  ඇමරිකා තානාපතිනි ජුලි චැන් බොරු චෝදනාවක් කළේ එහිදිය.

එයට අමතරව බි්‍රතාන්‍යයේ ITN හා SKY නාලිකාවන්  ද ශ්‍රී ලංකාවේ ජනතාව  පන නළ  ගැටගසා ගැනීමට මෑතක සිට කරන බරපතළ අරගලය ගැන විශේෂ ප්‍රවෘත්ති වාර්තා වරින් වර ඉදිරිපත් කරමින් සිටී. මෙයින් බොහෝ වැඩසටහන් පුන පුනා සඳහන් කරන්නේ ලංකා පාසල් දරුවන් මුහුණ පා ඇති ගැටලු  විසදීමට රජය කිසිම උනන්දුවක් නොදක්වන බව ය.

පිටරට ජීවත් වන ලාංකිකයන් වන අපට මේ ප්‍රවෘත්ති වාර්තා දකින විට ඇතිවන ශෝකය හා වේදනාව හා බලවත්ය.

මා පාසල් ගිය හැටේ හැත්තෑ දශකයන් දීදී ඉතාම දුප්පත් දරුවා පවා පාසැල් ආවේ උදේට හොඳ  ආහාර වේලක් ගැනීමෙන් පසුවය. ඒ කාලයේ මන්දපෝෂණය කියා එකක් රටේ තිබුනේ නැතග  කන්න නැතුව ළමයෙක් උදේ  කලන්ත වෙලා වැටුනා කියන කතාව අපි පාසල්  කාලයේ කිසි දිනක ඇසුවේ නැතග නමුත් අද තත්වය කුමක්දග බීබීසී, ITNහා අල් ජසීරා  නාලිකා  කියන්නේ ශ්‍රී ලංකාවේ පාසැලක දරුවන් දහ දොළොස් දෙනෙක් හාමත නිසා උදේ කලන්තව ඇද වැටීම දැන් සාමාන්‍ය සිද්දියක් බවට පත්ව ඇති බවයි. එනිසාම ශ්‍රී ලංකා රජයට ඒ ගැන කිසිම ගානක් නැතැයි ඔවුන් කියති. වේලක් කන්නට මුදල් හොයා ගැනීමට බැරුව ලත වන දෙමව්පියන්ට දරුවන් සඳහා සපත්තු අභ්‍යාස පොත් හෝ උපකරණ මිලදී ගැනීමට බැරි තරමට ඒවායේ මිල අහස උසට නැග ඇත.  බීබීසිය කියන්නේ මෙය ගහෙන් වැටුණු පාසල් දරුවාට ගොනා ඇනීමක් මෙන් කියා ය.

නමුත් ශ්‍රී ලංකා රජයට මේ බරපතළ  තත්ත්වය  පෙනෙන්නේ නැත. අඩුම ගානේ පාසැල්   දරුවන්ට අවශ්‍ය සී ආර්  පොත් හෝ පහසු මිලට ලබාදීමට අධ්‍යාපන ඇමතිවරයාට වුවමනාවක් නැත.

ඇමරිකන්  ආධාර යටතේ  සමහර පාසැල් වල ප්‍රාථමික අංශයේ ළමයින්ට දැන් දිවා ආහාරය ලැබේ. නමුත් ඒක බත් කෝප්පයකට  වඩා දරුවන්ට බෙදිම තහනම්ය. හතරවැන්නේ සිටින නංගිට බත් චුට්ටක් පමණක් ලැබෙන නමුත් 6 වැන්නේ සිටින අය්යට හෝ 10 වෙනි පන්තියේ සිටින අක්කට බනිස් කෑල්ලක්වත් ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැත. මෙය කොතරම් අකාරුණික හා කෲර ක්‍රියාවක් ද.

වාසනාවට ලංකාවේ මැති මැතිඇමතිවරුන්ට නොතේරෙන දරුවන්ගේ දුක ගැන අවබෝධ කරගත් ස්වේච්ඡා සංවිධාන දහස් ගණනක් ශ්‍රී ලංකාවේ දැන් තිබේ. මා සමග ආනන්දයේ ඉගෙනගත් සීනිගම  කුෂිල් ගුණසේකර මිතුරාගේ  ර්‍”ගුණ ජය සතුට” පදනම මගින් මාස්පතා පවුල් 35,000කට  වියලි ආහාර ලැබේ. කරුණා පදනම, සෙත් සරණ, ලන්කා දරුවෝ ශ්‍රී ලංකාවේ ළමා පරපුර  රැක ගැනීමට වෙහෙසෙන තවත් ආයතනය කීපයකි.

අප විසින් ආරම්භ කරන ලද  ර්‍”එක්සත් රාජධානියේ ගාළු මිතුරු පදනම” විසින් කඹුරුපිටියේ පාසල් 12ක දරුවන් 2400 ක ට  පසුගිය ජූනි සිට නොවැම්බර් අග දක්වා දිනපතා දිවා ආහාරය නොමිලයේ සපයන ලද්දේ බ්‍රිතාන්‍ය දානපතියන් පරිත්‍යාග කල රු ලක්ශ 57කිනි. එම පාසැල්  දැරියන්ට සනීපාරක්ශක තුවා . ලබා දීමත් මේ දිනවල අපි කරගෙන යන්නෙමු.

නමුත් මේ රටේ අනාගතය වන   ළමා පරපුර රැක බලා ගැනීම බාහිර ආයතන විසින් කළ යුතු දෙයක් නොවේ.  එය මහජන ඡන්දයෙන් බලයට පත්වූ   රජය අනිවාර්යයෙන්ම කළ යුත්තක් නොවේද.  නමුත් ඇමතිවරු  කරන්නේ ,අනේ අපට ඕවාට සල්ලි නැතයි  බොරු  අදෝනා නගමින් වොයිස් කට් දීම පමණි.    නමුත්  පාසල් දරුවන්ට නොමිලේ එක වේලක්වත් දෙන්න මුදල් නැතැයි කියන ආණ්ඩුවට අලුත් ඇමතිවරු පත්කරගෙන රුපියල් ලක්ෂ ගණන් පඩි ගෙවීමට  නම්   සල්ලි    තිබේ.

රෝහල් වලට උපකරණ ගැනීමට මුදල් නැත.  ෆාමසි වලින් වැඩි මිලට වත් අවශ්‍ය බෙහෙත් ගන්නට   බැරි නිසා   අකාලයේ සිය ගනන් ලෙඩ්ඩු මිය යති.  බඩගින්න ඉවසන්නට බැරුව අම්මලා දරුවන් සමග සියදිවි නසා ගනිති.  ආණ්ඩුවට සල්ලි  නැහැ  කියා ජනතාවට අධික බදු බර පටවද්දී රාජ්‍ය ආයතන තුල කෝටි ගණන් මුදල් වංචා වෙති. ඒවා හොයන්නට හෝ වරදක් කරුවන්ට දඬුවම්  දෙන්නට ආණ්ඩුවට වේලාවක් නැත.

මේ අතර මුලූ රටම හිඟමනට වැටී තිබෙන අවදියක හැත්තෑ පස් වෙනි නිදහස් උත්සවය රුපියල්  මිලියන 18ක  වියදමෙන් අති උත්සවාකාරයෙන් පැවැත්විය යුතු  යැයි අගමැතිවරයා  අවධාරණයෙන් කියා සිටී.   මෙයට විරුද්ධ වීමට විපක්ෂයනායක වරයාටද  කොන්ද පණ නැත .  ඉතා චාම් ලෙස මෙම නිදහස් උත්සවය පවත්වා ඉතුරු කරගන්න  සල්ලි වලින් පාසල් දරුවන්ට මාසයක් දිවා ආහාරය  දෙන්න යැයි  අගමැති දිනෙශ්ට නියොග කිරිමට ජනාධිපතිවරයාට බැරි. ඇයි.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ බයිලා  කීයමින්

පිස්සු නටති. ජනතාව හාමතේය.  මුළු රටම සීඝ්‍රයෙන් අඳුරට ගමන් කරමින් සිටී.

නැව  ගිලෙමින් යද්දී පාලකයින්ට් තවමත් බෑන් චූන් ය.

බි්‍රතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට ලියයි.

devsiri@hotmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress