මේ රටට කිසිම දිනක නොලැබුණු නිදහසක් සැමරීමට ඇස්තමේන්තුගත මුදල  රු. කෝටි 57 යි?
Posted on January 27th, 2023

ආචාර්‍ය සුදත් ගුණසේකර  මහනුවර

ඩී. ඇස්. සේනානායක  පිලිරුවට පැළැඳවීමට  නියමිත මල් මාලයට පමණක් රු 97,000

මේ වසරේ නිදහස් සමරුවට නියමිත මුල් ඇස්තමේන්තු මුදල රු කෝටි 57ක් වූ බවද ජනාධිපතිවරයාගේ මැදිහත් විමෙන් එය කෝටි 20 දක්වා අඩුකළ බවද, ඩී. ඇස්. සේනානායක  පිලිරුවට පැළැඳවීමට  නියමිත මල් මාලයට පමණක් රු 97,000 ඇස්තමේන්තුකොට තිඹුණු බවද 27 වන දින උදෑසන දෙරණ රූපවාහිනී ප්‍රවුර්ති වලින් කියවින

රාජ්‍ය භාන්ඩාගාරය පතුලටම හිඳී තිබියදී

රාජ්‍ය භාන්ඩාගාරය පතුලටම හිඳී ඇති මෙවැනි අවස්ථාවක ජාතික ධනය රු.කෝටි 20ක් නාස්තිකොට නූපන් ළමයෙකුවෙනුවෙන් පැවැත්වෙන උපන්දින සාදයක් වැනි  කිසිදිනක අපට නොළැබුණ  නිදහසක් සැමරීම සඳහා  රු කෝටි 20 ක් වැය කිරීම  රටත් ජාතියත් කබලෙනුත් ලිපටම තල්ලුකිරීමකි.එසේම සහගහන ජාතික අපරාධයකි.

අද රටේ 60 ලක්ශ ගානක් හාමතේය. රෝහල්වල තබා පුද්ගලික ඔසු සැල් වලද ලෙඩට බෙහෙත් නැත.දේශපාලකයින්ට සහ සුපිරි ධනවතුන්ට හැර වේලක් ඇර වේලක් කෑමට පවා  මුදල් නැත. මුදල් තිබුණද බඩු නැත.සෑම භාණ්ඩයකම මිල අහස උසට නැග ඇත.විදුලියද නැත.විදුළි මෝලට ගල් අඟුරු ගෙන්වාගන්නෙත් එදා වේල පිරිමසාගන්නා හැටියටය.අද ගල් අඟුරු නාවොත් හෙට විදුලිය නැත. ජාතියේ ප්‍රධාන ආහාරය වන බත නිපදවෙන රටේ ප්‍රධාන ආහාර භෝගයනවන වී වගාව, ඒ වගේම ප්‍රධාන අපනයන භෝග වන තේ,පොල් සහ රබර් සියල්ල කඩාවැටී ඇත. බීමට පවා ජලයද නැත. මේ සෑම දෙයකම ගාස්තුද දිනපතා ඉහල යයි

කොටින්ම කියනවානම් අද රජයේ සේවක්යින්ට මාසික පඩිය ගෙවා ගැනීමටද රජයට සල්ලි නැත. පෙන්ශන් කාරයාගෙ පෙන්ෂන් එකෙන්ද අදායම් බදු අයකරයි.මේ මාසයේ සිට රජයේ සේවකයින්ට මාසික වැටුප දීමටවත් රාජ්‍ය භාණ්ඩාගාරයේ සල්ලි නැතිළු. ඒ නිසා රජයේ සේවකයින්ට මේ මාසේ පඩියත්  පමාවෙනවාළු.බදු ගැසීමට දැන් ඉතිරිව ඇත්තේ බල්ලන්ට පමණි.  ඔන්න ඔකයි අද රටේ ආර්ථිකයේ තත්වය.

රටේ ආර්ථිකයේ තත්වය එසේ තිබියදී මේ සා විශාල ධනස්ඛන්ධයක් විනාශකර පුහු සාටෝප  උත්සව  පවත්වන්නේ මොන කෙන්ගෙඩියකටද?වඩා වැදගත් ඉහතින් දැක්වු මිනිසුන්ගේ ජීවත්වීමේ මූළික ප්‍රශ්න විසඳීමද එසේත් නැත්නම් වරප්‍රසාදලත් කීප දෙනකුගේ විනෝදය සහ  පුහු ආටෝපය ප්‍රදර්ශනය සඳහා  පොදු මහජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැති උත්සව පැවැත්වීමද කියාවත් තෙරුම්ගත නොහැකි පාර්ලිමේන්තුවක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි මටනම් නොතෙරේ.

අනිත් අතින් ඩොලර් බිලියන 60-70ක් ලෝකෙට ණය. කලින් ලබාගත්  නය ගෙවා ගැනීමට නොහැකිව මහපොලව අතුලු රටේ සම්පත් චීනෙට, ඉන්දියාවට විකුනයි. කොයි මොහොතේ චිනෙ හෝ ඉන්දියාව දීපු ණය ආපහු නොදෙන නිසා අපේ රටට එරෙහිව ණඩු දමා ඇස්කීසි ගහයිද කියන්ටත් අමාරුයි. කොටින්ම කියනවානම් ජාතියක් රටක් වෂයෙන් අපි අද එදා වේලවත් කන්ට නැති රටක් බවට පත්ව ඇත.

මෙන්න මෙවැනි තත්වයක රට තිබෙද්දි තමා රුපියල් කෝටි 20කට අදික  රාජ්‍යමුදල් කන්දරාවක් නාස්තිකොට ලබාගත් කිසිදු නිදහසක් නැති නිදහස් දින උත්සව පවත්වන්නේ.

ඊටත් අමතරව  පෙබ 4 වන දින නිදහස් දිනය වශයෙන් සැලකිය යුතුයි කියන එසේම ජාතික ධනය කෝටි ගණනින් නාස්තිකරමින් පෙබ 4 ජාතියේ නිදහස් දිනය සමරණ සියලුම දේශපාලකයින්ගෙන් පහත සඳහන් ප්‍රස්න 12 ද අපි අසමු

1.1815 දී ඉන්ග්‍රීසින් විසින් උඩරට ගිවිසුමෙන් භාරගත්  මාලදිවදියින අතුලු සින්හලේ රාජධානියට අයත් සියලුම දූපත්වල මහපොලවේ  සහ මුහුඳු සීමාවන් වල අයිතිය 1948 දී අපට ආපසු ලැබුණාද?

2. 1815 මාර්තු 2 උඩරට ගිවිසුමෙන් භාරදුන් රටේ නම වූ සින්හලේ කියන මේ රටේ නමවත් 1948 දී ලබාගත්තාද?

3.මේ රටේ හා ජාතියේ හදවත වූ කන්ද උඩරටින්, සුද්දන් විසින් තේ වගාව සඳහා බලහත්කාරයෙන් අල්ලාගත් ලක්ෂ 13  ක් පමණවූ මහපොලවේ නිරවුල් අයිතිය සහ භුක්තිය මුල් අයිත්කරුවන්ට ලබා දුන්නාද.

4.වසර 2500 ක් පුරා සින්හලයින් සතුව තිබුණු එම ඉඩම්වල සුද්දන්ගේ තේ වතුවල වහල් මෙහෙයට දකුණු ඉන්දියාවෙන් ගෙනවිත් පදින්ච්කළ ලක්ශ දොලහක් පමණවූ දෙමළ කම්කරු හමුදාව ආපසු ඉන්දියාවට හෝ එන්ගලන්තට රැගෙනගොස් සින්හල අපගේ ඒ මව්බිමේ නිරවුල්  භුක්තිය අපට ආපසු දුන්නාද  

5. වසර 2500 ක් පුරා පැවති එසේම 1815 දී ද පැවැති මේ රටේ රාජ්‍ය භාෂාව වූ සින්හල භෂාව සහ රාජ්‍ය ආගම වූ බුද්ධාගම්, රාජ්‍ය භාෂාව සහ රාජ්‍ය ආගම වෂයෙන් ප්‍රකාෂ කලාද

6 වසර 2500 ක් පුරා මේ රටේ පැවති සින්හල නීතියෙන් රට පාලනය කිරීමේ පරම අයිතිය ලබාගත්තාද? යටත් පිරිසෙයින් මේ රට තුලදීම අවසාන අභියාචන බලයක් හෝ ඇති අධිකරණ ක්‍රමයක්වත් අපට ලැබුනාද

7. 1815 සිට ඔවුන් පාලනය කළ අපගේ මව්බිම නිදහස්, නිවහල් ස්වාධීන රටක් වශයෙන් අපට අවශ්‍ය අන්දමට පාලනය කරගැනීමේ පූර්ණ අයිතිය අපට දුන්නාද?

8 එන්ගලන්තේ නීතිඥ්යෙක් විසින් ඒ රටේ සන්ස්කෘතියට අනුව නිර්මාණය කරනලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට අපගේම රාෂ්ට්‍ර පාලන හා සන්ස්කෘතික පදනම අනුව සකස්කළ, එසේඔම සදාකලිකාව් අප පාලනාය් කිරීමට හැකිවන පරිදි තෝන් ළණුව ඔවුන් අතේම තබාගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙණුවට අපගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනිමේ අයිතිය හා නිදහසින් පසු මේ රට පාලනය කලයුතු ක්‍රමය අතුලු සියලු කරුනු ඇතුලත් අපේම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කරගැනීමේ අයිතිය ලබාගත්තාද

9.එවැනි අපේම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිදහස වෙනුවෙන් සටන්කළායයි කියන  දෙශපාලකයින් සකස්කොට බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කලාද.

10 වසර 2500 ක් පුරා  ලෝකයේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලනයක් තිබුණු මේ රටෙ අපගේම පාලන ක්‍රමයක් ඇතිකර ගැනීමේ නිදහස ලබාගත්තාද.

11 පේ රටේ අභ්‍යැන්තර සහ විදේශ කටයුතු අපට අභිමත පිලිවෙලකට පවත්වාගෙන යාමේ නිදහස ලබා ගත්තාද?.

12 ලෝකයේ ඔනෑම රටක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ස්වාධීනව කටයුතු කළහැකි පරිදි යටත්විජිත වාදීන්ගේම කොම්පැණියක් වූ ඊණියා පොදුරාජ්‍ය මණ්ඩල සමාගමේ ග්‍රහණයෙන් මේ රට මුදා ගත්තාද

සිහිමොලේ ඇති ඕනෑම පුරවැසියෙකුට මෙයට දිය හැකි එකම පිලිතුර නම් කිසිසේත්ම නැත යන්නය.

පූර්ණ නිදහස් රාජ්‍යක් වශයෙන් ලබාගතයුතු මෙබඳු කිසිම අයිතියක් 1948 ෆෙබ් 4දා  නොලැබුණේනම් ඇත්තවශයෙන්ම පෙබ 4 නිදහස් දිනය වශයෙන් සලකන ඔබලාට ලැබුණා යයි මහත් උජාරුවෙන් කියන ඒ නිදහස ලැබුණේ කුමණ රටකටද?  ඒ කාටද? අද වන තුරුත් අපට ලැබී නැති ඒ නිදහස තියෙන්නේ කොහේද යන ප්‍රශ්නවලට මෙවැනි නිරර්ථක බොරු උත්සව පවත්වන අය ජාතියට පිළිතුරු දිය යුතුය.1815 දී අප ජාතියට අහිමිවූ මේ කිසිවක් 1948 පෙබ 4 වනදා නොලැබුණේනම් මේ රටට නිදහස ලැබුණු දිනය වශයෙන් රජය තවමත් එදින සමරන්නේ කුමන පදනමක් මතදැයි මුළු රටම ඔබගෙන් අසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress