13 බලාත්මක කරමින් රනිල් සිදුකිරීමට යන මහා පාවාදීම ජවිපෙ සඟවන්නට හදන හැටි ජයන්ත සමරවීර කියාදෙයි (වීඩියෝ)
Posted on February 5th, 2023
Lanka Lead News
රටේ ජනතාව බෙහෙත් පෙත්තේ සිට ගන්නා ආහාර වේල දක්වා ආපදාවට ලක්වී, අසරණ වී සිටින මොහොතක එම ආපදාව ප්‍රයෝජනයට ගනිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේ මාමා වූ ජේ.ආර්. ජයවර්ධනට කරගැනීමට නොහැකි වූ 13 සංශෝධනය හරහා රට බෙදීමේ ක්‍රියාවලිය සක්‍රීය කරමින් සිටින බව ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
13 සම්පූර්ණයෙන් බලාත්මක කර, රට බෙදා ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියෙන් අඩියක් පස්සට තැබීමට ජනාධිපතිවරයාට අද සිදුව ඇත්තේ මෙරට ජාතික සංවිධාන, සිවිල් සංවිධාන විසින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීමෙන් උන්වහන්සේලා මෙම ක්‍රියාවට එරෙහිව පියවර ගැනීම නිසා බවත්, එහෙත් ජනාධිපතිවරයා එම ක්‍රියාවෙන් තවමත් ඉවත්වී නොමැති බවත් ඒ මහතා පවසයි.
ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාවේදී ඒකීය රටක් තුළ උපරිම බලය බෙදීමක් ගැන කතා කළද 13 බලාත්මක කිරීම යනු එම ක්‍රියාදාමයම බවයි ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙන්නේ. මෙම 13 වැනි සංශෝධනයේ ඇති ව්‍යවස්ථා බාධක ඉවත්කිරීම හරහා රට බෙදීම සිදුවන බවද, එමගින් බෙදුම්වාදීන්ට අවශ්‍ය ෆෙඩරල් රාජ්‍ය නිර්මාණය වන බවද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරම යුතුකම ඔහු විසින් ඉටුකිරීමට යාම පුදුම සහගත සිදුවීමක් නොවන බවත්, පුදුමයට කරුණ නම් ඉතිහාසයේ සිටම මෙයට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගේ මෙම මහා පාවදීම සැඟවීමට උත්සාහ දරමින් සිටීම බවද ඒ මහතා පවසයි.
වීඩියෝව පහළින්…
https://www.facebook.com/watch/live/?ref=external&v=746202666671878