වර්තමාන ජාතික දේශපාලනය කොයිබටද?
Posted on February 10th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

දේශපාලනය ඉතා ගැඹුරු විෂයකි. මෙහිදී දැනුම, වචන හා අවිආයුධ බාවිතය අනිවාර්ය අංගයකි. දැනුම හා වචන බාවිතා කරමින් ජාතික දේශපාලනය කරමින් සිටි මිනිසුන්ව නිරුත්තර බාවයට පත් කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය.

ඔහුගේ කාලය තුලදී ඔහු ගෝඨාභයගේ චරිතයට පණ  පොවනවා වෙනුවට සිරිසඟබෝ චරිතයට පණ පෙවිමට යාම නිසා ඔහුට චන්දය දුන් සියල්ලන්ම අතරමං කළහ. ඒ සිදුකල වරදට ඇත්ත වශයෙන්ම මෙරට ජනතාව තුල ඇත්තේ දැඩි කලකිරීමකි. රට හදන්නට අවැසි නීති නැත්නම් නීති හදපන් කියලා 2/3 ක පාර්ලිමෙන්තුවක්ද ජනතාව ඔහුට ලබාදුන්නේ විශාල බලාපොරොත්තු කන්දරාවක්ද සමගින්ය.

ගෝඨාභය මිලින්ද මොරගොඩව ඉන්දීය මහා කොමසාරිස් බවට පත්කිරීමත් සමග, ඔහුත් දිරච්ච ලනුකාලා නොව ගිලලා දේශපාලනය කරන බව දැනගත් අප තවදුරටත් පොහොට්ටුව මෙරට ජාතික බලවේගය නියෝජන කරන දේශපාලන පක්ෂයක් නොවන බව තේරුම් ගෙන නව දේශපාලන සන්ධානයක් නිර්මාණය කලයුතුයි යෝජනාවක්ද ඉදිරිපත් කළෙමු. ඒ 2021 ජුලි මස 11 වෙනිදාය ඒ මෙසේය.https://www.lankaweb.com/news/items/2021/07/11/%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a%e0%b6%af-%e0%b6%b8%e0%b7%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b7%99/

අපට අපේ දේශපාලනය තුලින් අනාගතය මේ ආකාරයට පැවසිය හැකිනම්, මේ දේශපාලන ගඟුලේ පිහිනමින් සිටින අයට මේවා පැහැදිලිව දැනිය යුතුය. නමුත් ඔවුන් නිද්රාශිලිව සිටීමේ පලයක් වශයෙන් අප බලයට පත්කළ නායකයා අපට අහිමි විය. මේවනවිට අපට ගයමින් සිටීමට සිදුව ඇත්තේ,

අනේ කුහුබුන්නේ තොපටත් රජෙක් ඉන්නේ …………..යන සුප්‍රකට පදවැලයි .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress