ජීවවිද්‍යාව, වාග්විද්‍යාව නොදන්නා විග්නේෂ්වරන්ට මහාචාර්ය රාජ් සෝමදේව යළිත් කරුණු පැහැදිලිකර දෙයි
Posted on February 14th, 2023

 Lanka Lead News

රවිඩ භාෂාව කතාකරන ජනයා මේ රටේ මුල්ම ජනාවාස ඇති කළ බව හා සිංහලයන් පැවතගෙන එන්නේද ඔවුන්ගෙන් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසන ප්‍රකාශය කිසිම පදනමක් නැති ප්‍රකාශයක් බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා යළිත් වරක් පෙන්වා දී තිබේ.

එම ප්‍රකාශයේ ජීව විද්‍යාත්මක හෝ වාග්විද්‍යාත්මක පරදනමක් නොමැති බවත්, එය අවිද්‍යාත්මක ප්‍රකාශයක් පමණක් බවත් මහාචාර්යවරයා සදහන් කරයි.

මේ පිළිබදව ප්‍රකාශ නිකුත් කිරීමට පෙර මෙම විෂය පිළිබදව පුළුල් අවබෝධයක් ලබාගත යුතු බවද, දෙමළ භාෂාව කතාකරන ජනතාව ගැන පමණක් කතාකරන විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා දෙමළ භාෂාව කතා නොකරන එහෙත් ද්‍රවිඩ සම්භවයක් ඇති සහෝදර භාෂා කතාකරන කොපමණ ජනතාවක් ලෝකයේ සිටිනවාද යන්න පවා අවබෝධයක් ලබාගතයුතු බවද රාජ් සෝමදේව මහතා පෙන්වා දෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress