ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් (වීඩියෝ)
Posted on March 4th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් සහාය දීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා.

>ඒ අනුව ඊට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම මුල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගෙන ඇති ගනුදෙනුව අවසන් වූ වහාම සිදු කෙරෙනු ඇති.

ලෝක බැංකුව විසින් එම මූල්‍ය ප්‍රදානය පියවර කිහිපයක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කෙරෙන අතර, පළමු මුදල් ලබාදීම අයි.එම්.එෆ්. ගනුදෙනුව අවසානයේ දී සිදු වනු ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දැඩි ආර්ථික අවපාතයක් නිර්මාණය වී ඇති පසුබිමකදියි ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙලෙස ලෝක බැංකුවෙන් ප්‍රදානයක් සිදුවන්නේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදිරයක පවතින අතර, ඊයේ දිනයේ දී මෙරට රජය විසින් බැංකු පොලී අනුපාතය පවා යළි ඉහළ දැමීමට තීන්දු කිරීම පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසීමට ලක්වුණා.

එය ආර්ථිකය සවිමත් කිරීම උදෙසා රජයක් විසින් ගතයුතුම තීරණයක් බවයි ඔවුන් සඳහන් කළේ.

මෙරට උද්ධමනය පාලනය සඳහා ගෙන යන වැඩසටහනට එය මහත් රුකුළක් වනු ඇති බවත්, ඊයේ දිනය වන විට ශ්‍රී ලංකා රුපියල ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 4.9කින් අතිප්‍රමාණය වීමක් ද දීර්ඝ කාලයකට පසුව සිදුව තිබෙන අයුරු දක්නට ලැබුණා.<br /><br />ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික පසුගාමීත්වයක් යම් තරමකින් වර්ධනයක් පෙන්නුම් කරන මොහොතකදියි ලෝක බැංකුවෙන් මෙවැනි මූල්‍ය සහායක් හිමිව ඇත්තේ.<br /><br />එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නැවුම් බලාපොරොත්තුවක් පවා ඇති කරවිය හැකි බවත් වාර්තා වනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress