අදිසි රජය විසින් හසුරවන ශ්‍රී ලංකාවේ දේශපාලනය.
Posted on March 5th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී රාජ්‍යකි, ඒ ව්‍යාවස්තාවට අනුකුලවය. ඒත් මේ රාජ්‍ය තුල ප්‍රජාතන්ත්‍රවාදයවත්, සමාජවාදයවත්, රාජ්‍යත්වයක්වත් නැති බවත්, ඒ සියල්ලක්ම විනාශ කරන අද්බුත යමක් රටතුල දෝලනය වෙමින් පවතින බව මෙරට ජනතාවට ඉතා පැහැදිලිවම දැනිය යුතුය..

ප්‍රජාතන්ත්‍රවාදය ඇත්නම්, පළමුව චන්ද බලයෙන් අගමැතිවූ ,ඩී. එස්. සේනානායක මහතාට, දෙවැනිව චන්ද බලයෙන් අගමැතිවූ ඩඩ්ලි සේනානායක මහතාටද, තෙවනුව චන්ද බලයෙන් අගමැතිවූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකද සියධුරයන් අහිමිවුයේ, ගුප්ත අන්දමින් වීම දෙස මෙරට ජනතාව සිය මනස යොමුකර බැලුවේ නම්, කුමක්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය යනු මනාව අවබෝධ කරගැනීමට ඉඩ තිබුණි.

මෙරට ජනතාවට  ලබාදුන්නයයි කියනු ලබන ඒ වටිනවා යයි කියනු ලබන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවිරහිත කරනු ලබන්නේ කවුදැයි කිසිවෙක් හෙළි නොකරන තත්වයක් තුල ඒ  සම්බන්ධව අවබෝධ කර ගැනීමට වෙර දැරීමට මෙරට ජනතාවට ශුද්ධවූ අයිතියක් ඇත.

අවාසනාව වන්නේ, එවැනි, සමීක්ෂණයක් සිදු නොකර දිනපතාම ප්‍රජාතන්ත්‍රවාදය පසු පසම හඹා යාමයි.

සුද්දා මෙරට තේ වතුවල පැලපදියම් කල ඉන්දීය වතුකම්කරුවන්ව ආරක්ෂා කිරීමට නිර්මාණය කල වතු කම්කරු වෘත්තීය සංගම් නිර්මාණය කරන ලද්දේද සුද්දාවූ අතර, ඒ වෘත්තීය සංගම් අපි මේ කතාකරන අදිසි හස්තයේ,ඉතිහාසගත කාර්යයන්  ඉටුකිරීම සඳහා කර ඇති කාර්යභාරය අති විශාලය.

මෙරට ජනතාවට අයත් ඉඩම් කොල්ලකා ඒවායේ තේ වගා කොට ඒවායේ පදිංචිකරන ලද මේ ඉන්දීය කුලීකරුවන් සුද්දාගේ කුලී හේවායින් සේ සලකා, ඔවුනටද චන්ද බලය ලබාදී මෙරට පළමු පාර්ලිමේන්තු චන්දයේදී චන්ද බලය ලබාදීම තුලින්  අපට පෙන්නුම් කරන්නේ,කුමක්දැයි අප සිතා බැලිය යුතුය.

බලය ලබාගත්, අගමැති, ඩී. එස්. සේනානායක මහතා සිදුකල ප්‍රමුඛ කටයුත්තවුයේ, මෙරටට ගෙනා නොරටුන් සතුවූ ඒ චන්ද බලය, පුරවැසි පනත තුලින් අහෝසි කිරීමයි. එහි ප්‍රතිපලය ඉතා ප්‍රබල වූ අතර, වතු කම්කරු වෘත්තීය සංගම් වලට එරෙහිව  කටයුතු කල ආණ්ඩුකාර එඩ්වඩ් ස්ටබ්ස්ට ආණ්ඩුකාර ධුරය අහිමි කල ආකාරයටම අගමැති ඩී. එස්. සේනානායක මහතාට අගමැති ධුරය හා ජීවිතය අහිමි කිරීමට එම සිද්ධිය ප්‍රමාණවත් විය..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress