ඇමරිකානු තානාපතිට එරෙහිව ආණ්ඩුකාර කරන්නාගොඩ නඩු යයි
Posted on May 3rd, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොළඹ සිටින ඇමරිකානු තානාපති ජූලි චන්ග් සම්බන්ධයෙන් තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා සඳහන් කරයි.

ඇමෙරිකානු තානාපතිය වෙත ලිපියක් මගින් ඔහු දැනුම් දී ඇත්තේ තමන් සහ තම බිරිඳ ඇමරිකාවට ඇතුළු වීමට නුසුදුසු පුද්ගලයන් යයි ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධියක් ලබා දීමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය කටයුතු කිරීම මගින් බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බවයි.

එමෙන්ම තම ගෞරවයට හා කීර්ති නාමයට බරපතළ ලෙස බලපෑමක් ඉන් සිදුවී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එම තත්ත්වයන් මත අධිකරණයේ පිහිට පැතීමට තමන් අදහස් කර ඇති බවද එම ලිපිය මගින් දැනුම් දී තිබේ.

තමන් පසුගිය වසර දාහතරක කාලය තුළ ඇමරිකාවට ඇතුළුව සඳහා වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන නැති බවත් ඒ සඳහා සමාලෝචනය කිරීමට ඇමෙරිකානු තානාපතිනියට හෝ වෙනත් අධිකාරියකට සුදුසුකම් ඉදිරිපත් කර නැති බවද ඔහු තව දුරටත් කියා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress