මානව හිමිකම් කොමිසමේ අල්ලස් දූෂණ ඔඩු දුවයි – අල්ලස් ගැනීමට විරුද්ධ වූ කොමසාරිස්වරුන්ට පහරදීමේ සැලසුමක්
Posted on June 4th, 2023

Lanka Lead News

පසුගිය සිදුකුරාදා දිනයේ රැස්වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරු යැයි කියා ගන්නා කිහිප දෙනෙකු හා විර්ශන නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිෂන් සභාවේ සිදුවන අල්ලස් හා දූෂණවලට විරුද්ධව කටයුතු කළ කොමසාරිස්වරු තිදෙනෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බව තීරණය කර ඇති බව එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි.

එම කොමිසමේ උසස් නිලධාරියකු පවසන්නේ මෙම කොමසාරිස්වරු තිදෙනා පැමිණීම වැළැක්වීම සදහා ඔවුන්ට තර්ජනය කිරීමට හා පහර දීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම මෙම පහරදීම් ජනතාව කළ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කරයි.

මෙම සැලසුම ක්‍රියාත්මක කරන පුද්ගලයන් මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයන්ගෙන් ද යම් යම් අල්ලස් ලබාගන්නා බවත්, එම පරීක්ෂණ ප්‍රමාද වන බවට පවසමින් අදාළ පුද්ගලයන්ව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පොළඹවා ඔවුන්ට නීතිඥයන් සපයා දෙමින් වංචනිකව මුදල් අයකරන බවත් එම උසස් නිළධාරියා කරුණු හෙළිකරයි.

එමෙන්ම පොලිසිය හා ආරක්ෂක අංශ විසින් විවිධ පුද්ගලයන්ට පහරදුන් බවට චෝදනා ඉදිරිපත් කරමින් එම නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ද මෙම පිරිස විසින් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress