කුරුන්දි ඉඩස් දීම බෞද්ධ නටඹුන් අසල ජාතිවාදීන්ට ජනපද දීමක්..පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්
Posted on June 14th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මුලතිව් ඓතිහාසික කුරුන්දි නොහොත් කුරුඳුමලෙයි විහාර භූමියට අයිති නැති අවට භූමියේ ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට ජනාධිපතිතුමන් විසින් දෙන ලද නියෝගයක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ජනාධිපතිතුමන් හට විශේෂ ලිපියක් ඊයේ (13) දින යොමු කොට ඇත.

එම ලිපිය මගින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් විසින් පෙන්වා දී ඇත්තේ කුරුන්දි විහාර භූමිය අවට ඉඩම් ජාතිවාදි අරගල වලට සහය දක්වන පුද්ගලයින් අතට පත්වුවහොත් ඉදිරි අනාගතයේදී අදාල ප්‍රදේශයේ දැඩි අවධානම් තත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවටය.

ජනාධිපතිතුමන් වෙතට යොමුකරන ලද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

‘ජනාධිපතිතුමනි කුරුන්දි විහාරයට අයිතිනැති ඉඩම් මහජනතාවට පවරදීම සඳහා නියමයක්  කර ඇති බවට ඹාධ්‍ය මගින් දැනගතිමි. කුරුන්දි විහාරය අවට භූමියේ බොහෝ තැන්වල විවිද බෞද්ධ ආරාමවල නඨඹුන් විසිරී ඇත.

එම නිසා මෙම ඉඩම් ආවාට ගියාට බෙදාදීම සුදුසු නැත. එමෙන්ම බෞද්ධ ආරාමයක් අසල ජතිවාදි අරගලවලට සහය දෙන උදවියට ඉඩම් ලබාදීමද සුදුසු නැත.මෙයින් බලාපොරොත්තූ වී ඇත්තෙ බෞද්ධ නටඹුන් අසල ජාතිවාදීන්ට ජනපද ඇතිකර දීමකි. දැනටද රජයෙන් ඉඩම් දුන්නත් නොදුන්නත් බලයෙන් ඉඩම් අල්ලාගෙන ඇති බව පෙනේ.

එම නිසා මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් අනාගතයේදී එයින් මහා විනාශයක් සිදුවිය හැකි බවටත් කරුණාවෙන් දන්වන අතර එම ක්‍රියාවලිය නවත්වන ලෙසත් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress