ජනපතිගේ අනුදැනුමෙන් කරන  කුරුන්දි ඉඩම් මංකොල්ලය අනුමත කරමුද?
Posted on June 14th, 2023

මතුගම සෙනෙවිරුවන්

              මුලතිවු දිස්ත්‍රික්කයේ තන්නිමුරුප්පු වසමේ පිහිටා තිබෙන ‌ෙඑතිහාසික කුරුන්දි විහාරය සම්බන්ධව  දෙමළ ජාතික සන්ධානයේ මනත්‍රීවරු සමග පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා කළ ප්‍රකාශය මෙරට  ව්‍යවස්ථාදායක බලය අභියෝගයට ලක් කරන්නකි.කුරන්දි  අවට පිහිටා තිබෙන නාගචෝල වන රක්ෂිතය 1932 දී දැඩි වන රක්ෂිතයක් ලෙසට ගැසට් කර ඇත. එහි වපසරිය හෙක්ටයාර් 6825 කි. මෙම වන රක්ෂිතය තුළ අක්කර 78 ක ඉඩම් ප්‍රමාණයක  කුරුන්දි  විහාර පුරාවිද්‍යා රක්ෂිතය පැතිරී පවතී. 2019- 2020 කාල වකවානුවේ දී  වවුනියා පුරාවිද්‍යා කාර්යාලය විසින් කරන ලද ගවේෂණයකින් පසුව අක්කර 229 ක ප්‍රදේශයක් පුරා පුරාවිද්‍යා නටබුන් තිබෙන බවට හඳුනා ගන්නට යෙදුණි. 1905 දී එච්.සී.පී. බෙල් පුරාවිද්‍යා කොමසාරිස් වරයා විසින් කරන ලද සොයා බැලීම් වල දැක්වෙන්නේ මෙම වපසරිය තුළ පිහිටා තිබෙන්නේ  කුරුන්දි නගරය බවයි. ආරාම සංකීර්ණය පමණක් නොව පොකුණු මාළිගා පධාන ඝර ගල් පාලම් ආදී වැදගත් පුරාවස්තු මෙම ප්‍රදේශය පුරාවටම පැතිරී තිබේ.

     1940 පුරාවස්තු ආඥා පනත අනුව පුරාවිද්‍යා රක්ෂිත නිල වශයෙන් ගැසට් කිරීමේ බලතල අයිති වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ සීමාව ට යටත්වයි.ශාස්ත්‍රීය ගවේෂණ නිගමන මත පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමේ ක්‍රියාවලිය සිදු වෙයි. මෙම බලය කිසිවෙකුට අභියෝග කළ නොහැකිය.නමුත් 2023 ජනවාරි 11 මෙම බලයට අභියෝග කරමින් ජනපති කාර්යාලයෙන් ලිපියක් නිකුත් කර තිබේ.පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමේ දි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල යුතු බව එම ලිපියේ දැක්වෙයි. ඊට අමතරව 2023 මැයි 10 දින  ජනපති ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් පිළිබඳ රැස්වීමේ දී ජනපතිවරයා දක්වන්නේ 1985 ඉඩම් පරිහරණ සැලැස්මට අනුව කටයුතු කළ යුතු බවයි. 1983 දී ඉඩම් හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය පිහිටුවාලීමෙන් පසුව ඉඩම් පරිහරණය පිළිබඳ කටයුතු කිරීමට ආයතනයක් පිහුටුවනු ලැබිණ. 1985 සිට එම ඉඩම් පරිහරණය පිළිබඳ කටයුතු කරන්නේ එම ආයතනයයි  නමුත් 2007 වර්ෂයේ දී මෙම ඉඩම් පරිහරණ කටයුතු තවත් නවීකරණය වෙමින් අක්ශාංෂ හා දේශාංෂ අනුව ඉඩම් හඳුන ගැනීමද පරිඝනකගත කිරීමද සිදු වෙමින් පවතී. දැන් ජනපතිවාරයා ගේ ප්‍රකාශය රැගෙන බලමු. ඔහු පවසන්නේ 1985 ට ආපසු යා යුතු බවයි. එය සම්පූරණයෙන්ම අවිද්‍යාත්මක ක්‍රියාවලියිකි. නමුත් එහි යථාරථය නම් 1985 ට පෙර උතුර සහ නැගෙනහිර පළාත් වල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන නම් කොට තිබුණේ 276 ක් පමණක් වීමයි. නමුත් වර්තමානය වන විට එය1700 දක්වා පුළුල් වී තිබේ. තවමත් කිලිනොච්චි ද්ස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ආවරණය වී නොමැත.

    ජනපතිවරාය සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවති සාකච්ඡාවේ දී ඉස්මතු වූ ඉඩම් ගැටළුව ඇත්තේ මෙතැනයි.කුරන්දි විහාරයට මෙතරම් ඉඩම් කුමටදැයි ඔහු ප්‍රශ්ණ කරයි. මෙතනදී 1905 බෙල් වාර්තාවේ සඳහන් කුරුඳු නගරය ගැන ජනපති වරයාට මතක් කිරීමට අනුර මනතුංග මහතාට හැකි වූයේ නැත. කුරන්දි විහාරය අසල අක්කර පහක් වන රක්ෂිතය ගැන කතා කිරීමේ දී ද ඒවා 2019 වසරෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ සෂි කුමාර් නම් ප්‍රාදේශිය දෙශපාලනඥයා විසින් කපා දමන ලද නාග චෝල රකෂිතයේ කොටසක් බව කියන්නට අනුර මනතුංග මහතාට දැනුම තිබුණේ නැත. සෂි කුමාර් නමැත්තා ඒ වන විටත් අක්කර 100පමණ ප්‍රමණයක් රකෂිත ඉඩම් කපා දමා කුඹුරුකරන්නෙකි. සාමාන්‍ය දෙමල ජනතාවට මෙහි ඉඩම් තිබෙන්නේ ඉතාමත් සීමිතවයි.

 රනිල් වික්‍රමසිංහ ජනපතිවරායා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග ලබා දෙන්නේ මායිම් කණු ගලවා ඉඩම් නිදහස් කරන ලෙසටයි. නමුත් මෙය නාග චෝල රක්ෂිතය බවද වන සංරකසන ආඥා පනත අනුව එය කළනොහැකි බවද  පැහිදිලි ලෙසට ප්‍රකාශ වූයේ නැත. මින් ප්‍රයෝජන ගත් ජනපති වාරයා ඉතිහාසය පීළිබඳ වරදි තොරතුර ඉදිරිපත් කරමින් පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමාට තර්ජන කරන ලද්දේය. අමාත්‍ය මණ්ඩල තීරණ නොසලකා ක්‍රියා කරන්නේ නම් ඉල්ලා අස්විය යුතු බවට ජනපති වරයා තර්ජනය කළ බව මෙහිදී නිල නොවන මට්ටමෙන් අනාවරණය වෙයි. එවැනි තත්වයක් යටතේ අනුර මනතුංග මහතාට තව දුරටත් සිය ධූරයේ කටයුතු කළ නොහැකිය. විශ්ව විද්‍යාල උගතෙකු වන අනුර මනතුංග මහතා රනිල් වික්‍රමසිංහ වැනි කෝලම් කාරයෙකු උද්දච්ච ඒකාධිපතියෙකු ඉදිරියේ හෑල්ලු වන්නට කැමති වන්නේ නැත. මීට ප්‍රථම හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ටද රනිල් වික්‍රමසිංහ මහතා බලපෑම් කර තිබේ. කලුදිය පොකුණ පුරාවිද්‍යා රක්ෂිතයේ ගල්ලෙනක් හෝටලයකට ලබා දිය යුතු බවට එහිදී ඔහු නියෝග ලබා දී තිබුණි. එය නොසලකා හැරි බැවින් සෙරත් දිසානායක මහතා ධූරයෙන් ඉවත් කරනු ලැබිණ. පසුව පවැති විනය පරීක්ෂණයෙන් පසු ඔහු නිදොස් කොට නැවත සේවයේ පිහිටවනු ලැබිණ.

     පස්දමා ගොඩ කර පස්දුන්කොරලය සැදුවා යැයි ගල් පැලෙන බොරු කියූ ජනපති වරයාගේ ඉතිහාස දැනුම ගැන කවුරුත් දනී. ඔහු හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය තත්වයන් උල්ලංඝන කරන්නෙකි. ව්‍යවස්ථාවේ 33(ඊ) වගන්තිය අනුව යම් ලිඛිත නීතියකට පටහැනි නොවන්නාවූ ක්‍රිය කිරීමට පමණක් ඔහුට බලය තිබේ. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණ බලය මැනවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබියදී වත්මන් ජනපති වරයා හැසිරෙන්නේ ඩෝසර ක්‍රියාකරුවෙකු ලෙසිනි. ඔහු සියලුම නීති චාරිත්‍ර සම්ප්‍රදායන් ඩෝසර කරමින් හිතුවක්කාර ලෙසට අනීතිකව වැඩ කරන්නෙකු බවට පත්ව තිබේ. කුරන්දි විහාර ගැටළුවේ දී ඔහු දෙමළ ජාතික සන්ධානයට සහ ඉන්දියාවේ භූ දේශපාලනික න්‍යයා පත්‍රයට අනුව හැසිරෙන රූකඩයක් බවට පත් ව තිබේ. අන්තවාදීන්ට මෙම ආගමික සංහරයන් කිරීමටද නිතියෙන් රැක වරණ ලැබීමටද හැකියාව ලැබී තිබෙන්නේ මේ නිසයි. උතුරු පලාතේ බෞද්ධ ස්මාරකයන් උඩ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ශිව ලිංග තැන්පත් කොට බෞද්ධ ඉතිහාසය විකෘත කිරීමට මේ ආණ්ඩුව ඉඩදී තිබේ.ඒ පීලිබඳ පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට පොලිසියට බල කර තිබේ. රනිල් වික්‍රමසිංහයන්ට තිරියායේ හිරි ගඩු සෑය ලයිට් හවුස් එකක් පමණකි. එංගලන්ත සභාවේ බලවත් අනුගාමිකයන් 1819 සිටම ලංකාව උතුර සහ දකණ වශයෙන් බෙදා දක්වමින් දෙමළ රට සහ සිංහලරට වශයෙන් ප්‍රසිද්ධියට පත් කලේ යම් සේද එහි වර්තමන් අනුප්‍රාප්තිකයා වන වත්මන් ජනපති වරයා අකාශ චෛත්‍යකට ලයිට් හවුසියක්  යැයි කීම පුදුමයක් වන්නේ නැත.ඔහු සිය පූරාවගාමීන් අනුව යමින් උතුරේ දෙඹළ රට සහ දකුණේ සිංහල රට වශයෙන් බෙදා දක්වමින් බරපතල දේශපාලනික සූදුවක නිරත වී සිටී.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress