අගමැතිගේ චීන නිල සංචාරයෙන්, ධිවර ප්‍රජාවට සහල්, ධිවර දැල්, නිවාස; තවත් ගිවිසුම් 8ක්—පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි
Posted on May 8th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙස, තමන්ගේ චීන නිල සංචාරයේදී අවබෝධතා ගිවිසුම් නවයක් අත්සන් කළ බවත් හදිසි මානුෂික ආධාර යටතේ සහල්, ධිවර දැල්, නිවාස පහසුකම් ලබාදෙන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2024.05.08 දින අනාවරණය කළේය. ඒ අනුව එක ගිවිසුමක් යටතේ, චීනය විසින්, යුවාන් මිලියන 35.7ක වටිනාකමින් යුත් සහල් ටොන් 1630ක් ද, ධිවර දැල් 75,000ක් ද, පෙර සකසන ලද නිවාස 500ක්ද මෙරට ධිවර ජනතාවට ඉදිරි මාස දෙක හිමිවීමට නියමිත බව, ඔහු පැවසිය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ කපිල අතුකෝරළ මන්ත්‍රීවරයා, පාර්ලිමෙන්තුවේදී 2024.05.08 දින ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

චීන රජයේ ආරාධනයෙන් 2024.03.25 සිට 30 වනදා දක්වා නිරත වූ චීන නිල සංචාරය ඉතා සාර්ථක සංචාරයක් බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා,

අතුරු ප්‍රශ්න විමසීමේදී, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, වැඩිදුරටත් මෙසේ කිය.

“ගරු කථානායකතුමනි, අතුකෝරාල මන්ත්‍රීතුමා නගන ප්‍රශ්නය මාර්තු 25 වැනි දින චීන සංචාරය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා හැටියට. ඔව්. චීනයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට කරන ලද ආරාධනයක් පරිදි එම සංචාරය අප යෙදුණා. එය ඉතාම සාර්ථක නිල සංචාරයක්. එහිදී Xi Jinping ජනාධිපතිතුමා හමුවීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හා ශක්තියක්. ඒ වාගේම අග්‍රාමාත්‍ය Li Qiang හමුවීමෙන් තවත් අපි ශක්තියක් අපේ රටට ඇති කර ගත්තා.

විශේෂයෙන් ඔබතුමා නඟන ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සම්බන්ධව චීන රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා. තවත් ගිවිසුම් 8කට අත්සන් තබනු ලැබුවා. ධීවර ක්ෂේත්‍රය සම්බන්ධව අපේ ධිවර රාජ්‍ය ඇමතිතුමත් හිටියා. මහජන චීන ජනරජයේ මානුෂීය ආධාර පරිත්‍යාග වැඩසටහන යටතේ ධීවර දැල්, නිවාස පහසුකම් ඇති කිරීම, සහල් ආධාරය ලබා දීම ක්‍රියාත්මක කිරීම පිණිස නිල හුවමාරු ලිපියකට අපි අත්සන් තැබුවා. චීනය විසින් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ව්‍යාපෘතිය යටතේ RMB යුවාන් මිලියන 35.7ක වටිනාකමකින් යුත් සහල් ටොන් 1630 ක් පමණ, ධීවර දැල් 75000ක්, අපේ ගරු ඇමැතිතුමා විශේෂයෙන් මේ ගැන ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා මැදිහත් වෙලා තිබෙනවා. පෙර සකසන ලද නිවාස 500ක් මෙරට ධීවර ජනතාවට හිමි වීමට නියමිතයි. ඉදිරි මාස දෙක ඇතුළතදී ඒවායේ ලැබීම සිදුවීම ආරම්භ වෙනවා. ගරු මන්ත්‍රීතුමා. ඔබ ප්‍රදේශයට මං හිතන්නේ නැගෙනහිර පළාතේ විශේෂයෙන් මෙය අන්තර්ගතයි. …..මම ස්තූතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාට, මේ කාරණය නැගුවාට.”
…………
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලබාදුන් පිළිතුර සහ ගිවිසුම් නවය ඇතුළත් ඇමුණුම මේ සමග ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress