ජනපති රනිල් නොදන්නා කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය කුරුන්දි විහාරාධිපති හිමියෝ කියා දෙති
Posted on June 14th, 2023

Lanka Lead News

මුලතිව් කුරුන්දි මහා විහාරයේ භූමි ප්‍රමාණය වැඩි බවත්, මහා විහාරයේ භූමි ප්‍රමාණය හා  කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය සංසන්දනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග එක්ව පැවසූ ප්‍රකාශයට පිළිතුරු සපයමින් කුරුන්දි විහාරාධිපති හිමියන් කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය ගැන සවිස්තර පැහැදිලි කිරීමක් සිදු කරති.

මෙරට බෞද්ධ ශාසනය ආරම්භ වූ ස්ථානය මහා විහාරය බැවින් එම විහාරයට මහා විහාරය යන නම භාවිත වන බවත්, මහා විහාරය සතුවද අක්කර 2000කට ආසන්න භූමි ප්‍රමාණයක් පවතින බවත් කුරුන්දි විහාරාධිපති හිමියෝ පවසති.

මෙරට සුදු ජාතිකයන් පාලනය කළ 1933 මැයි මස 18 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් කුරුන්දි විහාරයට අක්කර 78ක් ගැසට් කළ බවත්, පසු කාලීන ගවේෂණ වලදී ඊට වඩා වැඩි වපසරියක නටඹුන් විසිරී තිබීම හේතුවෙන් අක්කර 229ක් ඇතුළත් නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් උන්වහන්සේ පවසති.

තවමත් මෙම භූමයේ හඳුනාගෙන ඇත්තේ නටඹුන් විසිරී ඇති ප්‍රදේශය පමණක් බවත්, නාගචෝල වන රක්ෂිතය තුළ නටඹුන් විසිරුණු බොහෝ ස්ථාන ඇති බවත් විහාරාධිපති හිමියෝ හෙළිකරති.

2018 – 2020 වැනි කාලයේ දී මෙම රක්ෂිතයේ විශාල වන සංහාරයක් සිදුවූ බවද, ශෂි කුමාර් නමැති ද්‍රවිඩ පුද්ගලයා විහාර භූමියට ගැසට්කර තිබූ අක්කර 229ට අයත් භූමියේ වනය කපා දමා අනීතිකව හා බලහත්කාරයෙන් වැවක් සෑදූ බවද උන්වහන්සේ පවසති.

ඉන්පසුව එම භූමියේ කුඹුරු වගාකිරීමට භූමිය යොදාගැනීමක් සිදු කළද මේ වන තෙක් එකඳු හෝ වී ඇටයක් වගානොකළ බවද, කුඹුරු වගා කිරීම අතීතයේ සිට සිදු කළ බවට පවසන ප්‍රකාශ කිසිසේත් සත්‍ය නොවන බවද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කරති.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

https://fb.watch/la1w6VJ9uy/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress