පාර්ලිමෙන්තුව විසුරුවන්න සූදානම්…? SJB ජනපති සමග ආණ්ඩු කරන්න සූදානම්..
Posted on June 14th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව පවත්වාගෙන යාමට බාධාකාරී තත්ත්වයන් ඇති වුවහොත් මෙම පියවර ගැනීමට  අවධානය යොමුව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් දිගින් දිගටම ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දෙන ලෙස එල්ලවන බලපෑම්ද මීට බලපා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා කැඳවන ලද පොදුජන පෙරමුණේ හමුවක් සඳහා අදාල ජේෂ්ඨයන් පිරිස සහභාගී නොවීය.

මේ අතර සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ද ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් පිහිටුවන තම ආණ්ඩුවක් වත්මන් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

නව ආණ්ඩුවක් යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදිරි කාලය රට මෙහෙයවීමට සූදානම් යයිද සමගි ජන බලවේගය ද දැනුම් දී ඇත.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද ජනහමුවක් අමතමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

මේ බව ජනාධිපතිවරයාට කිහිප වතාවක්ම දැනුම් දී ඇති බවත් ව්‍යවස්ථාව යටතේ වැඩ කිරීමට තම පක්ෂය සුදානම් බවත් හෙතෙම පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress