මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ ක්‍රමවේදය සමාරම්භක අවස්ථාව
Posted on June 14th, 2023

අකිල තෙන්නකෝන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන සේ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රම වේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදුකල හැකිය.

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීමෙ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී 15.06.2023 එනම් හෙට  දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව ටිරාන් අලස් මහතා පවසයි.

නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවද ඔවුන් කියා සිටී.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බවත්

මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන බවත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල

දිස්ත්‍රික්කයප්‍රාදේශීය ලේකම් කාර්යාල
අම්පාරසමන්තුරේ, පොතුවිල්
අනුරාධපුරනුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන
බදුල්ලමහියංගනය, හපුතලේ
මඩකලපුවකෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි
කොළඹසීතාවක, හෝමාගම
ගාල්ලකරන්දෙනිය, අක්මීමන, නෙළුව
ගම්පහමීගමුව, මීරිගම, ගම්පහ
හම්බන්තොටතංගල්ල, තිස්සමහාරාමය
යාපනයචාවකච්චේරි, පේදුරුතුඩුව
කළුතරඉංගිරිය, මතුගම, පානදුර
මහනුවරගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය
කෑගල්ලගලිගමුව, රුවන්වැල්ල
කිලිනොච්චියකරච්චි
කුරුණෑගලපු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය 
මන්නාරමමන්තායි බටහිර
මාතලේනාවුල
මාතරඅතුරලිය, දෙවිනුවර
මොනරාගලබුත්තල
මුලතිව්මුලතිව්
නුවරඑළියඅඹගමුව, වලපනේ
පොලොන්නරුවඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ
පුත්තලමපුත්තලම, හලාවත
රත්නපුරබලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය
ත්‍රිකුණාමලයකින්නියා
වව්නියාවවෙංගලසෙට්ටිකුලම

අකිල තෙන්නකෝන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress