ජනාධිපති ධූර කාලය වසර 6 දක්වා වැඩි කර ගැනීමට සහ 2025 නොවැම්බර් සිට 2030 අගෝස්තු දක්වා විධායක අගමැති ලෙස ධූර දැරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියා කරයිද?
Posted on June 17th, 2023
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර්වලදී අවසන් වේ. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති ධූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කළ හෙයිනි.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ ධූර කාලය වසර 6කට වඩා වැඩිකර ගන්නේ නම් ජනමතවිචාරණයක් පැවැත්විය යුතුය. නමුත් වසර 5 සිට 6 දක්වා වැඩිකර ගැනීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයකට පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රී ඡන්දයක් පමණි.
3. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ධූර කාලය වසර 6ක් දක්වා වැඩි කර ගැනීමෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 2025 නොවැම්බර් දක්වා ජනාධිපති ධූරයේ කටයුතු කළ හැකිය.
4. වර්තමානයේ පවතින පාර්ලිමේන්තුව 2025 අගෝස්තුවල විසිරෙන හෙයින් එය වළක්වා ගැනීමට ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තු ධූර කාලය 2030 අගෝස්තු දක්වා දීර්ඝ කරගත හැකිය. (1982 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා සමයේ පැවති ජනමතවිචාරණය මෙන්)
5. ඉන්පසු 2025 අගෝස්තු සහ නොවැම්බර් අතර නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් විධායක ජනාධිපති ධූරය අහෝසිකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ විධායක අගමැති ලෙස 2030 අගෝස්තු දක්වා කටයුතු කළ හැකිය.
ජනාධිපති ධූර කාලය වසර 6 දක්වා වැඩි කර ගැනීමට සහ 2025 නොවැම්බර් සිට 2030 අගෝස්තු දක්වා විධායක අගමැති ලෙස ධූර දැරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියා කරයිද?
http://neethiyalk.blogspot.com/2023/06/6-2025-2030.html?m=1
අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394