සින්හල බෞද්ධ ජාතික උරුමයන් සහ අනන්‍යතාව රැකගැනීමටනම් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන පියවරයන් ගත යුතුය
Posted on June 20th, 2023

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර.

1505න් ආරම්භවී මේ දක්වා සින්හල ජාතියට අහිමිවීගොස් ඇති වසර 2500 කට අධික ඉතිහාසයේ ලාන්චනය වන සින්හල බෞද්ධ ජාතික උරුමයන් සහ අනන්‍යතාව රැකගැනීමටනම් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන පියවරයන් ගත යුතුයයි මම යෝජනා කරමි.

1505 සිට මේ රට පුරා වෙනස්කොට ඇති සහ අලුතෙන් තබා ඇති සියළුම විදේශීය පුද්ගල නාම ඇතුළ, ස්ථාන, ගන්ගා, මාර්ග,නගර, ආයතන,ජනපද සහ ගොඩනැගිලි ආදී සියළුම නාම 1505 න් පෙර තිබුණු නාම බවට වහාම හැරවිය යුතුය. මන්ද කඩිනමින් එසේ නොකළහොත් මේ රටේ ඉන්නේ පෘතුගිසි, ඉන්ග්‍රීසි, දකුණු ඉන්දීය සහ අරාබිකරයේ ජාතීන් සහ මේ රට සෑදී ඇත්තේ එකී රටවල කෑළිකීපයක්  එකතුකිරීමෙන් යයි ලෝකයා සිතිය හැකි බැවිනි.

පූර්ණ නිදහස්, නිවහල් සින්හල ජාතියේ පුනරුත්ථානය පටන්ගත යුත්තේ එතැනිණි.

මෙම ක්‍රියාවළියේ ආරම්භය මේ රටට පූර්ණ දේශපාලන නිදහස ලබාගත් 1972 සිදුකළ පරිදි පාර්ලිමේන්තුව, යළිත් ජාතික රාජ්‍ය සභාව නමින් නම්කොට ආරභ කරමු.

ඊ ලඟට එහි සියලු තනතුරු, ආයතන සහ අන්ශ යනාදිය සින්හලෙන් නම්කරමු. එහිදී ජනාධිපති ළකිසුරු නමින්ද කැබිනට එක අමාත්‍යමන්ඩලය ආදි වෂයෙන් නම්කළ යුතුයයි මම යෝජනා කරමි. මේ සඳහා විද්වත් මණ්ඩලයකින් උපදෙස් ලබාගත යුතුය.

එසේම දෙමළ සහ මුස්ලිම් සුළුජන කොටස් සහ ත්‍රස්ථවාදීන් විසින් විනාශකොට, වෙනස්කොට ඇති සියළුම පුරාවිද්‍යාත්මක ස්ථාන පුනරුත්ථාන කොට ඒවාට පෙර රජදවස දී තිබුණු භූමි ප්‍රමාණයන් සහ වරප්‍රසාධ සියල්ල ආපසු ලබාදිය යුතුය. ඒවා වෙනස්කොට ඇති පුද්ගලයින්ට එරෙහිව අදාල අනපනත් යටතේ දඬුවම් ලබාදියයුතුය. එසේම දෙමළකරණය සහ මුස්ලිම් කරණයකොට ඇති සියළුම ගම් ස්ථානනාම හා පූජා භූමීන්ද ඒවායේ පැරණි නම්වලින් හැඳින්විය යුතුය.

එසේ කිරීමෙන් පසු දෙමාපියන්විසින් දරුවන්ට තබන නම් හැර සෙසු සියළුම නම් කිසියම් විශේෂ හේතුවක් මත වෙනස් කිරීමට අවශ‍යනම් ජාතික රාජ්‍ය සභාවට ඒ ගැන යෝජනාවක් ඉදිරිපත්කොට ඒ සඳහා රාජ්‍යසභාවේ පූර්ණ අනුමැතිය ලබාගත යුතුය.

පිටරටක ආයතනයක් මෙහි පිහිටුවන සෑම අවස්ථාවකදීම ආයතනයේ නමට ඉදිරියෙන් – ශ්‍රී ලන්කා යනුවෙන් සඳහන් කළයුතුය.

මෙම ක්‍රියාවළිය අවසානයේ එම වෙනස්කම් ඇතුලත්කොට ඒවා භූමියේද, සිතියම් සහ සහ ලේඛණ වලද ඇතුලත් කළයුතුය.

මෙම කටයුත්තට උපදෙස් ලබාගැනීම සඳහා සඳහා පුරාවිද්‍යා චක්‍රවර්ති ගරු එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටවිය යුතුයයිද මම රජයට යෝජනා කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress