ශ්‍රී ලංකාවේ, පණුකරද මාධ්‍ය වේසනය
Posted on June 25th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

මාධ්‍ය වේදනය යනු ඉතා හොඳ වැදගත් කලාවකි. ඒ විශ්වීය ධර්මතාවයට අනුව සිදුකරන අර්ථකතනයන්ට අනුකුලවය. විශ්වීය අන්තර්ජාලය මගින් සිදුකරන්නේද එවැනිම වූ මාධ්‍ය කලාවකි. මුළුමහත් විශ්වයේම ඇති දැනුම එය තුල අන්තර්ගතව පවතී. ඕනෑම අයෙකුට ඒ තුලට පිවිස ඒ දැනුම ලබාගැනීමට පුර්ණ නිදහසක් ස්වභාවය විසින් නිර්මාණය කර ඇත. ලෝකයේ සිටින සියලුම දර්ශනවාදීන් එය තුලට පිවිස ඒ දැනුම ලබාගෙන මේ ලෝකය ඉතාම ඉහල තලයකට ඔසවා තැබීමට ඒ මාධ්‍ය කලාව මෙහෙයවා ඇත.

ඒ සැබෑ මාධ්‍ය කලාවේ ස්වභාවයයි. නමුත් වර්තමානයේදී මෙරට තුල සිදුවන්නේ, මාධ්‍ය නිදහස නමින් අටවාගත් නීතිමය රාමුවකට මුවාවී, සැබෑ ලෙසම මාධ්‍ය වාරණයක් රටතුල පවත්වාගෙන යාමයි. මේ හේතුවෙන් ජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතියට වැටකඩොලු බැද ඇති අතර ජනතාව අන්ධකාරයේ ගමන් කරන්නන්ගේ තත්වයට පත්කොට ඇත. මේ සඳහා මෙරට ඇති සියලුම මාධ්‍ය ආයතන එකාවන්ව සමගිව කටයුතු කරන බව මෙරට ජනතාව තේරුම්ගත යුතුය.

මිට වසරකට පෙර තුන්වන ලෝක මහා සංග්‍රාමය ආරම්භ විය. පලවෙනි ලෝක මහා සංග්‍රාමය, හා දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ යුරෝපයෙන්ම තුන්වෙනි ලෝක මහා සංග්‍රාමයද ආරම්භ විය. එය ආරම්භවුයේ, රුසියාව හා යුක්රේනය අතර හටගත් යුධ ගැටුමක ස්වරූපයෙනි. මේ යුද්ධය ලෝක බලවතුන්ගේ බලය උරගා බලන සටනකි. කාර්මික විප්ලවයෙන්  පෝෂිතවූ ලෝකය තාක්ෂණික විප්ලවය තුලින් ඉදිරියට යාමට දරන උත්සාහයේ පලයකි මෙය. මෙය අනිවාර්යෙන්ම රුසියාව ප්‍රමුඛ කණ්ඩායම ජයගන්නා අතර, එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැක. එය සමාජ පරිනාමයේ තවත් එක් අවස්ථාවකි. මේ යුද්ධයෙන් පසු බිහිවෙන ලෝකය අපි කලෙක පටන් සිහින මැවු රාජ්‍යයේ මුලික අඩිතාලම ගොඩනැංවීම ආරම්භ කරන අතර ඒ ලෝකය තුල බටහිර අධිරාජ්‍යවාදය ශුන්‍ය වනු ඇත.

ලෝකයේ මෙතරම් වැදගත් කරුණක් සිදුවෙමින් පවතින තත්වයක් තුල අපේ මාධ්‍ය කලේ මුග්ධ ආකාරයට, රුසියන් විරෝධී ස්ථාවරයක පිහිටාය. රුසියාව ලබන එකද යුධ ජයග්‍රහනයක්වත් වාර්තා නොකර සිටීමට සියලුම මාධ්‍යන් කටයුතු කළහ. මෙසේ සියලු කරුණු සිදුවෙමින් පවතින අතරේ, 2023 ජුනි 24 වෙනිදා රුසියාව අපේක්ෂා නොකළ අතවරයකට මුහුණ දුන්හ. ඒ රුසියාවට පක්ෂව යුද්ධයේදී විශාල මෙහෙවරක් කල වැග්නර් කුලී හමුදාව රුසියාවට එරෙහිව තම ඇත ඇති අවි එසවීමයි. මෙය රුසියාවට එල්ල කල බරපතල ප්‍රහාරයකි. මෙයින් උද්දාමයට පත් අපේ මාධ්‍ය ජාලයන් සියල්ලේම ප්‍රධාන පුවත බවට පත්වුයේ එම පුවතයි. මේ නිවට නියාලු මාධ්‍ය කලාව සම්බන්ධව අප තුල  කිසිදු ද්වේශයක් හට නොගන්නේ,මොවුන්ගෙන් මිට වඩා දෙයක් මෙරට ජනතාවට බලාපොරොත්තු විය නොහැකි බව දන්නා බැවිනි.

අධිරාජ්‍යවාදය විනාශ වෙන බවත් ඒ සමගම ජනතාවගේ විමුක්ති මාර්ගය විවර වීමත් ධර්මතාවයේම කොටසකි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress