ජාතිවාදීන්ගේ උවමනාව මත ජනාධිපතිවරයා විසින් උතුරු නැගෙනහිර භූමියෙන් පාරම්පරික සිංහල ජනයා ඉවත් කිරීම හෙළා දකිමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරතුමියගෙන් මාධ්‍ය නිවේදනයක්
Posted on July 19th, 2023

 Lanka Lead News

පසුගියදා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, මහවැලිය සහ පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තු විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ රක්ෂිත වනාන්තර ඉඩම් අක්කර 29,000ක් ඔවුන්ගේ භාරයෙන් නිදහස් කොට දෙමළ ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී ඇති බවත්, ඊයේ දිනයේ (18) දෙමළ සන්ධානයේ ජාතිවාදී දේශපාලනික අරමුණු ඉටුකිරීම උදෙසා වත්මන් ජනාධිපතිවරයා (පොලිස් බලතල පමණක් රහිතව) 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් බලතල ලබා දීමට සුදානම් වෙමින් සිටින බවත් පවසමින් හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මාධ්‍ය නිවේදනයක් යොමුකර තිබේ.

මෙවන් තත්වයක් යටතේ, ඊට සම්පුර්ණයෙන්ම පරස්පර විරෝධී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් වසර ගණනාවක් පුරාවට මඩකලපු දිස්ත්‍රික්කයේ මෙම ප්‍රදේශවල පාරම්පරිකව වගා කටයුතු සිදුකල සිංහල ගොවිජනතාව එළවා දමා ජාතිවාදී පටු අරමුණු මුල් කරගනිමින්, දෙස්/ විදෙස් ආයෝජනයැයි පවසමින් අක්කර දහස් ගණනින් උතුරු නැගෙනහිර මහවැලි ඉඩම් වලින් සිංහල ගොවීන් පමණක් ඉවත් කිරීම හරහා රටේ ඒකීයභාවය අභියෝගයට ලක්කිරීම තරයේ හෙළාදකින බවත් ඇය සඳහන් කරයි.

අදාළ මාධ්‍ය නිවේදනය පහළින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress