ඉන්දීය සංචාරයේ දී ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නැහැ – ගැසූ ගිවිසුම් රටට හෙළිකළ යුතුයි – මහාචාර්ය චරිත හේරත්
Posted on July 25th, 2023

Lanka Lead News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේ දී ජනාධිපතිවරයා මැදිහත්වී ඉන්දියාවේ දී ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එම ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයාට තිබූ ජනවරම කුමක්ද යන්න විමසා සිටින බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (24 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විමසා සිටියේය.

රට තුළ මෙතෙක් පැවති ප්‍රශ්නවලට අමතරව අනාගතයේ දැවැන්ත ප්‍රශ්න රැසක් නිර්මාණය කිරීමට මෙම ගිවිසුම් හේතු වන බවත් ඒ මහතා පවසයි.

නීත්‍යානුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වූ වික්‍රමසිංහ මහතාට ජනතාව නියෝජනය කරමින් ගිවිසුම් අත්සන් කිරීමට නීත්‍යානුකූලව කෙසේ වෙතත් සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසූ මන්ත්‍රීවරයා එම නිසා මේ ගිවිසුම්වල අත්සන් කළ දෑ රටට හෙළිකරන ලෙසද ඉල්ලා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress