ආසාත්මිකතා නිසා මරණ තුනකටම හේතුවූ එන්නත හොරණ ප්‍රදේශයේ දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයකින් නිපදවූවක් බව හෙලිවෙයි
Posted on August 10th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

උග්‍ර ආසාත්මික තත්වයන් සිදුව මරණ තුනකට හේතුවූ Co – Amoxiclave for Inj Bp1.2g නැමති වේදනානාශක එන්නතේ කාණ්ඩ තුනක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.

මෙම එන්නත සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරිම සදහා මෙම පියවර ගත් බවයි ජාතික ඖෂධ නියාමන අධීකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී ජයරත්න පවසා සිටියේ.

මෙම එන්නත ලබාදීමෙන් පසු රාගම ශීක්ෂණ රෝහල, නිකවැරටිය මූලික රෝහල, වතුපිටිවල රෝහල හා ගම්පහ රෝහල් වලින් උඝ්‍ර ආසාත්මික තත්වයන් ලක්වූ රෝගීන් වාර්තා වූ අතර ඒ අතරින් රෝගින් තිදෙනෙකුම මියගිය බව මෙම අධිකාරිය සදහන් කර සිටියේ.

මෙම එන්නත නිසා රෝගීන් තිදෙනෙකුම මිය යාම හේතුවෙන් මෙම එන්නත ගැන වෙනත් රසායනාගාරයක් මගින් පරික්ෂණ කිරිමට තීරණය කළ බවත් ඒ අනුව සාම්පල යොමුකළ බවත් මහාචාර්ය එන්.ඩී ජයරත්න වැඩිදුරටත් සදහන් කර සිටියා.

ප්‍රශ්න සහගත මෙම එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2014 වසරේදී ලියාපදිංචි වී ඇති අතර එම එන්නතේ ලියාපදිංචිය මේ වසර දක්වාම වලංගු බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය ජූනි 03 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානම් ඇගයීමේ අනුකමිටුව විසින් මෙම එන්නතේ ඛාණ්ඩ තුනක් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය විසින් නිකුත් කළ තත්ව වාර්තා පදනම් කරගෙන 070123 AMC2 නැමති කාණ්ඩය ඉවත් කළ බව වෛද්‍ය සැපයුම් අංශය පසුගිය ජුලි නිකුත් කළ ලිපියකද මේ පිළිබඳව සඳහන් වනවා.

මෙම එන්නත හොරණ කිදෙල්පිටියේ පිහිටි පුද්ගලික ඖෂධ නිෂ්පාධනාගාරයක් වන Navesta pharmaceuticals නම් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

https://www.pharmaceutical-technology.com/projects/navesta-pharmaceuticals-manufacturing-plant-horana/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress