2023 ආයුර්වේද පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ පහත නීතිමය කාරණා සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද කියා විමසා බැලීම ජනතාවගේ / පාර්ලිමේන්තුවේ අයිතියකි….!
Posted on August 11th, 2023

නීතියේ සිංහල නුගමුල” ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය,වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහ


1. සංශෝධිත සිංහල  කෙටුම්පතේ ඇති පාඨ අතර වෙනස්කම්/ විෂමතාවන් සම්බන්ධයෙන් ඒවාට අදාල හේතු දක්වා තිබේද යන්න සහ එම වෙනස්කම්/ විෂමතාවන් මුල් සිංහල පනතට අදාලව හේතු දක්වා තිබේද යන්න.

2.  සංශෝධිත සිංහල පනත් කෙටුම්පතේ ඇති පාඨ අතර වෙනස්කම්/ විෂමතාවන් සම්බන්ධයෙන් නීති පැනවීමේ භාෂාව අදාලව අනුගමනය කළ යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව අනුව ක්‍රියා කර තිබේද , නැද්ද යන්න සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද යන්න.

3. සිංහල පනත් කෙටුම්පතේ පවතින වෙනස්කම්/ විෂමතාවන් මුල් සිංහල පනතට අනුව සැළකීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 ව්‍යවස්ථාව අනුව ක්‍රියාකර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද යන්න.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන උපලේඛනයේ 1 වන ලැයිස්තුව වන
පළාත් සභා ලැයිස්තුවේ ඇති අංක 11.1, 11.2, 12, 36.5 අයිතමය යටතේ ඇති කාරණා පනත් කෙටුම්පතේ දක්වා ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 උ.3 ව්‍යවස්ථාව අදාල වන්නේද නොවන්නේද යන්න සම්බන්ධයෙන් හේතු දක්වා තිබේද යන්න.

5. කතානායකවරයා වෙත පෙත්සමක පිටපතක් ලබා නොදීම මත එක් පෙත්සම්කරුවෙකු ඉවත් කිරීමේදී නියමිත කාලය තුළ තැපැල් කර තිබේනම් එය පසුව ලැබීම දෝෂයක් බවට තීරණය කර නොමැති  2012 ඔක්තෝබර් 09 වැනිදා දිවිනැගුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා
ලබා දුන් තීරණය සළකමින් එකී හේතු දක්වා තිබේද යන්න.

(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 12, 20, 23, 24, 79, 118, 120, 121, 123, 154 උ.3, 170 ව්‍යවස්ථා ඇසුරෙන්)

http://neethiyalk.blogspot.com/2023/08/2023.html?m=1

“නීතියේ සිංහල නුගමුල”
ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress