උතුර සහ නැගෙනහිර බැඳීම-4
Posted on August 12th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

3 වෙනි කොටසෙන්

…. ඉංගිරිසීන් මුහුදුබඩ පළාත අහෝසි කොට සීමා වෙනස් කොට වන්නි ප‍්‍රදේශය යළි නිර්මාණය කිරීමට පෙර සහ මලබාර් කොලනි පිහිටුවීමට පෙර නැගෙනහිර පළාතේ උතුරු සීමාවේ සිට යාපන අර්ධද්වීප සීමාව (කිලාලි කලපුව* දක්වා වූ භූමි ප‍්‍රදේශය, දිවයිනේ ඊශාණදිග ප‍්‍රදේශය සිංහල බෞද්ධ ජන්ම භූමියක් විය.

4 වෙනි කොටස

යාපාපටුනට යාබද, සැ. 51 ක් දිග මුහුදු තීරයක් සහිත සහ සැ. 43 ක් පමණ රට තුළට පැතිරුණු මුලතිව් දිස්ති‍්‍රක්කය පුතුක්කුඩියිරුප්පු, උතුරු කරික්කඞ්ඩුමුලෙයි, දකුණු කරික්කඞ්ඩුමුලෙයි, මුල්ලියාවලෙයි, උතුරු මෙල්පාත්තු, නැගෙනහිර කරුනාවල්පත්තු, තුනුක්කායි යනුවෙන් කොට්ඨාශ (පත්තු* හතකින් යුක්ත විය. (* ඉංගිරිසි කොලනිවාදීන් මුලතිව් දිස්ති‍්‍රක්කය නිර්මාණය කරන කාලය වෙන විට, ¥රාතීතයේ සිට සෙංකඩගල රාජ්‍ය පාලන කාලයේ පවා ලේඛන ගත ව පැවති මේ ප‍්‍රදේශයේ සිංහල පරිපාලන කොට්ඨාශ නාම මකා අලූතින් ද්‍රවිඩ/දෙමළ කොට්ඨාශ නාම යොදා ඇත. 

ව්‍ය.ව. 19 වෙනි සියවස මුල් කාලයේ වන්නියේ සහ හුරුලූපළාතට අයත් වූ පදවිය ප‍්‍රදේශයේ සිංහල වන්නිවරුන් මගින් සිංහල පාලනය පැවති බව සහ කිලක්කුමුලෙයි පළාත සිංහල ගම්මාන පැවති ප‍්‍රදේශයක් බව ජේ.පී. ලූවිස් සඳහන් කරයි.(* රාජකාරි වගකීම් ඉටු නොකළ, දඬුවමින් ගැලවීම සඳහා බිරිඳ සහ ආරක්‍ෂක සේවකයන් සමග 1814 වසරේ මන්නාරමට පලාගිය බුලන්කුලමේ සිටි නුවරකලාවියේ කුමාරසිංහ වන්නියා ව්‍ය.ව. 1815 අපේ‍්‍රල් මාසයේ ඉංගිරිසි ආක‍්‍රමණිකයන් යටතේ යළිත් නුවරකලාවියේ වන්නියා තනතුර ලැබීම(* වැදගත් තොරතුරක් හෙළි කරයි.

කුරුඳුගමුරට දිසාවනියට අයත් ව තිබූ (මුලතිව්* ප‍්‍රදේශයේ වැසියන්ට තම ගවයන්ගෙන් අටෙන් එකක් (1/8* මුලතිව් මුහුදුබඩ පළාත තමන් සතු කරගත් ඉංගිරිසි හමුදාවේ ආහාරය සඳහා දීමට සිදු විය. බොහෝවිට, ඔවුන්ගේ ගවයන්ගෙන් භාගයක් සොරාගනු ලැබීය. ස්වාභාවික විපත් වලට වඩා ඉංගිරිසි ආක‍්‍රමණිකයන් විසින් මේ ප‍්‍රදේශය විනාශ කරනු ලැබීය. වැව් විනාශ කිරීම් සිදු කොට ඇත. එසේ ම යාපනේ සිට වන්නිය හරහා තිරිකුණාමලයට ගමන් කළ ඉංගිරිසි හමුදා භටයන් කළ නොපනත්කම් නිසා මග අසල ගම්වල පදිංචිව සිටි වැසියෝ ප‍්‍රදේශය හැර ගියහ. මේ ප‍්‍රදේශයේ ගම්මාන පාලූ විය. බණ්ඩාර වන්නියාගේ අනුගාමිකයන් වන්නියේ ගම්වල කාන්තාවන් සහ ගැහැණු ළමයින් නුවර රාජ්‍යයට ගෙනගියේ43(* බොහෝවිට ඉංගිරිසි සහ විජාතික හමුදා භටයන්ගේ සහ සහායකයන්ගේ නොපනත්කම්වලින් ඔවුන් ගලවා ගැනීම සඳහා විය හැකි ය. ලන්දේසීන් යටතේ සහ ඉංගිරිසි ආක‍්‍රමණිකයන් අල්ලාගත් පසු මේ ප‍්‍රදේශයේ (මුලතිව් පළාතේ* ජනගහණය සහ සශී‍්‍රකත්වය දැඩි ලෙස විනාශ විය. (* කෙසේ වෙතත්, ඓතිහාසික සහ සංස්කෘතික, පුරාවිද්‍යා සාධක 19 වෙනි සියවසේ මුල් කාලයේ පවා යාපාපටුනේ (යාපන අර්ධද්වීපයේ* දකුණු සීමාව සහ තිරිකුණාමල දිස්ති‍්‍රක්කයේ උතුරු සීමාව අතර ප‍්‍රදේශය සිංහල ජනපද පිහිටි භූමියක් වූ බව සනාථ කරයි. 

මුලතිව් දිස්ති‍්‍රක්කය ඇතුළු වන්නියේ, දෙමළ භාෂාවෙන් කිසි ම අර්ථයක් දැක්විය නොහැකි දෙමළ නම් සහිත කොට්ඨාශ සහ ස්ථාන සිය ගණනකි. ඒවා පැහැදිලිව ම අර්ථ දැක්විය හැකි දෙමළ නම් සහිත ස්ථාන වලට වඩා පැරණි ය. ඒ සියල්ල ම සිංහල වාසභූමි බව පිළිගෙන ඇත.( * යාපනේ දිස්ති‍්‍රක්කය සහ වන්නිය සහ නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් පාලන කටයුතුවල නිරත ව සිටි ඉංගිරිසි පරිපාලන නිලධාරියෙකු වූ, ස්ථාන නාම පිළිබඳ තුළනාත්මක විමසුමක යෙදුනු ජේ. පී. ලූවිස් මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුතුක්කුඩියිරුප්පු, කරික්කඞ්ඩුමුලෙයි, මුල්ලියාවලෙයි, කරුනාවල්පත්තු, මේල්පාත්තු, තුනුක්කායි ආදී කොට්ඨාශ නාම ඉතාමත් නූතන (19 වෙනි සියවසේ* ඒවා බව නිශ්චිතව නිගමනය කරයි.46(* එසේ ම මුලතිව් දිස්ති‍්‍රක්කය වෙහෙර විහාර සහ බුදු පිළිම ඇතුළු බෞද්ධ පූජනීය වස්තු සහිත පුරාණ ස්ථාන රාශියක් පැවති බෞද්ධ ප‍්‍රදේශයක් බව හෙළි කරයි. එමෙන්් ම, අලූතින් පදිංචි කරවන ලද දෙමළ ජනයා විසින් ඒවායේ ගල්, ගඩොල් ආදී ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කරමින් නිවාස සහ කෝවිල් තනාගැනීම සහ බුදුපිළිම කොටස්, කොත්කැරලි, සිරිපතුල්ගල්, මුරගල්, පූජාසන, කුළුණු ආදිය, අළුතෙන් තනාගත් කෝවිල්වල පුල්ලෙයාර් සහ ශිවලිංග ලෙස භාවිත කිරීම පිළිබඳව දීර්ඝ විස්තරයක් මගින් මේ ප‍්‍රදේශයේ පැවති පුරාණ ආර්ථික, සමාජ සහ සංස්කෘතික තත්වය පිළිබඳව ඉදිරිපත් කරන ජේ.පී. ලූවිස් (* යාපාපටුන සහ තිරිකුණාමලය අතර භූමි ප‍්‍රදේශය ව්‍ය.ව. 19 වෙනි සියවසේ පවා සිංහල බෞද්ධ ජනපද පිරුණු භූමියක් බව එළිදරවු කරයි. (ඉංගිරිසි කොලනිවාදීන් යටතේ යාපන අර්ධද්වීප දකුණු සීමාවට යාබද වන්නි ප‍්‍රදේශයේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඝාතනය කරන ලද බව පෙන්වයි. වර්තමානයේ පවා යාපනේ, වන්නිය, මුලතිව්, තිරිකුණාමලය, මඩකලපුව, අම්පාර (දිගාමඬුල්ල* දිස්ති‍්‍රක්කවල සිංහල බෞද්ධ සංස්කෘතික ඝාතනය නිරන්තරයෙන් සිදු කරමින් ඇත.*

වියදම් අඩු කරගැනීම සඳහා ගෙවතු වගාව හඳුන්වා දී ආදායම් සඳහා යාපනේ දුම්කොළ වගාව ආරම්භ කළ ලන්දේසීන් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුලීකරුවන් ගෙනවිත් පදිංචි කරවා ඇත. ඉංගිරිසි කොලනිවාදීන් එය වාණිජ ව්‍යාපාරයක් ලෙස පුළුල් කරමින් ව්‍ය.ව. 1839 දී රජයේ ඉඩම් අක්කරය සිලිං 5 බැගින් විකුණා ඇත. කුලීකරුවන් ගෙන ආ තැරව්කරුවන්, කන්කානිලා, ඉඩම් කැබලි මිළට ගෙන කුඩා ඉඩම් හිමියන් බවට පත් වී ඇත. අවශ්‍ය කම්කරු ශ‍්‍රමය නොවූ නිසා දකුණු ඉන්දියාවෙන් පල්ලන් සහ නලවාර් ආදී ‘හීනජන්මී’ ලෙස සලකනු ලබන කුලවල අය ගෙනවිත් කූලීන් ලෙස යොදාගනු ලැබීය.(* ව්‍ය.ව. 1841 වසර ආරම්භයේ බටහිර කොදෙව්වලින් ආ ව්‍යාපාරිකයෙකු වූ හාඩි (්‍ය්රාහ* යාපනේ තෙන්මරච්චි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර දෙදාහක් (2000* විශේෂයෙන් ම දුම්කොළ වගාව සඳහා මිළට ගෙන ඇත.49 වැඩි වැඩියෙන් කුලීකරුවන් අවශ්‍ය විය. මලබාර් සහ කොරමණ්ඩල ප‍්‍රදේශවලින් ද්‍රවිඩ/දෙමළ ”පහත් කුල” ලෙස නම් කරන ලද ජනයා කුලීකරුවන් ලෙස ආනයනය කළ අයට අමතර ව බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසියන් ලෙස නිදහස් සංචරණය අනුව මලබාර් ද්‍රවිඩ/දෙමළ ජනයා කොපමණ පැමිණියේ දැ’යි සටහන් වී නැත. 

දුම්කොළ, කෝපි සහ තේ වගාවට, මුතු අස්වැන්න එකතු කිරීමට, ලූණුලේවාවල සහ වරායවල කුලී වැඩට, සනීපාරක්‍ෂක කම්කරුවන් ලෙස සහ වන්නිය, නැගෙනහිර සහ උතුරු පළාත්වල දෙමළ කොලනි පිහිටුවීමට පමණක් නොව දිවයිනේ ඉංගිරිසි පාලන කටයුතු සඳහා අවශ්‍ය සියලූ කුලීකරුවන් සැපයීමේ ”රැුකියා ඒජන්සිය” ලෙස කි‍්‍රයා කළේ උතුරු පළාතේ ඉංගිරිසි පාලක යාපනේ ආණ්ඩුවේ ඒජන්ත වූ, පර්සිවෙල් ඒ. ඩයික් ය.50(* මියයන තෙක් වසර හතලිහකට වැඩි කාලයක් (නුවරකලාවිය ද ඇතුළත් වූ* උතුරු පළාතේ ඉංගිරිසි පාලක (ඨ්* වූ ඩයික් මියගිය පසුව ද, විසිවෙනි සියවසේ පවා යාපනේ දෙමළ ජනයා විසින් ”උතුරේ රාජා”, ”යාපනේ රජ”, ”කිං ඩයික්” යනුවෙන් බුහුමන් කරනු ලැබ ඇත.(* 15 වෙනි සියවසෙන් පසු ඓතිහාසික සහ භෞතික සාධක මගින් ”යාපනේ රජු”, ”උතුරේ රජු” යනුවෙන් අඳුන්වනු ලබන එකම තැනැත්තා ව්‍ය.ව. 1824 සිට 1867 දක්වා යාපනේ ඉංගිරිසි ආණ්ඩුවේ එජන්ත වූ (ඨ්* පර්සිවෙල් ඇක්ලාන්ඞ් ඩයික් ය.

ව්‍ය.ව. 19 වෙනි සියවසේ දෙවෙනි කාර්තුවේ පමණ සිට තිරිකුණාමලය, මුලතිව් ඇතුළු වන්නි ප‍්‍රදේශයේ දෙමළ කොලනි පිහිටුවීම සඳහා ප‍්‍රදේශයේ ඉංගිරිසි ආණ්ඩුවේ ඒජන්තලා මැදිහත් වී ඇත. ඉල්ලීම් පවා ඉදිරිපත් කොට ඇත. එකල උතුරු සහ නැගෙනහිර පළාත්වල (වර්තමාන උතුරුමැද පළාත ද ඇතුළත් පළමු පළාත් බෙදීම* ස්ථිර පදිංචිය සහිත දෙමළ ජනයා වාසය කළේ නම් ”දෙමළ කොලනි” පිහිටුවීම සඳහා දකුණු ඉන්දියාවෙන් ආනයනය කිරීමට සහ ”නිදහස් සහ ලිහිල් කොන්දේසි” ප‍්‍රදානය කිරීමට අවශ්‍ය නොවෙනු ඇත. දෙමළ පදිංචියක් තිබූ බවට ”නිශ්චිත ශාක්‍ෂි ලැබී නැති” බව ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ද නිශ්චිතව ප‍්‍රකාශ කොට ඇත.(*

….. 5 වෙනි කොටසට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress