ගඩොල් මෝඩයින් රට කැබලි කිරීම – ලිපි මාලා අංක 2- දෙමළ බෙදුම්වාදීන් පොලිස් බැටන් පොලු පමණක් ඉල්ලීම!
Posted on August 12th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

අපි ඇත්ත කතා කරමු (truth, nothing but the truth!)

*(A) ඓතිහාසික පසුබිම – කෘතිම නිජබිම් පිස්සුව (කොසොවෝ ආකෘතිය)

ක්‍රිස්තියානී යුරෝපීය මිෂනාරීන් මතුකල ඩලිත් දකුණු ඉන්දියාව හා හින්දි උතුරු ඉන්දියාව  යන බෙදීම අනුව යමින් හා සුද්දන් ඇතිකල මැඩ්‍රාස් ප්‍රොවින්ස් යන කෘතිම ප්‍රදේශය මායිම් කරගෙන 1920 දශකයේදී වලදී ද්‍රවිඩස්ථාන් නිජබිම වශයෙන් බ්‍රාහ්මණ විරෝධීන් විසින් ආරම්භකල ව්‍යාපාරය පොන්නම්බලම් අරුණාචලම් විසින් 1923 වනවිට ටැමිලක්කම් (දමළකම)  ව්‍යාපාරය වශයෙන් ලංකාවෙන් දියත් කලේය.

මැලේසියාවේ ඉපදුනත්,  ඒ රටේ ඇතිවූ දෙමළ (හා චීන) විරෝධී, මැලේ භූමිපුත්‍ර නැඟී සිටීම නිසා, පසුකලෙක දකුණු ඉන්දියානු ක්‍රිස්තියානු පල්ලිය හරහා කොළඹට ආගමනයවූ SJV චෙල්වනාගම්, ලංකාව නමැති මේ කුඩා දිවයිනේද දෙමළ නිජ භූමියක් තිබෙනවාය කියමින් ක්‍රිස්තියානි දෙමළ පිරිසක් එකතු කරගෙන, දෙමළ රාජ්‍ය පක්ෂය නමින් සංවිධානයක් (හොරනම පෙඩරල් පක්ෂය) 1949 දී කොළඹදී පිහිටුවා ගත්තේය.  මෙම පක්ෂයේ නායක SJV චෙල්වනාගම් විසින් කොපි කලේ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩස්ථාන් නමින් වෙනම දෙමළ රටක් (අලි ජින්නාගේ පකිස්ථාන් මෙන්) හා දකුණු යුරෝපයේ කොසොවෝ  වෙනම රටක් යන අදහස් දෙකය.

අලි ජින්නාගේ නිජබිම හා කැනඩාවේ ක්විබැක් ජනපදය

සුද්ද්න් විසින් මුල සිටම ඉන්දියාව දෙකට කැඩීමට  ක්‍රියාකලත්, පකිස්ථාන් කතාව මුස්ලිම් නිජබිම් කතාවක්  ලෙස හැරවීමට අලි ජින්නා සිතුවේ නැත. මේ නිසා ද්‍රවිඩස්ථාන් ව්‍යාපාරයට සහයෝගයක් දීමට ජින්නා අකමැතිවිය. දකුණු ඉන්දියාවේ දමළ නිජබිම ටැමිල්නාඩ් පමණක් වුවත් එ‍යට සුද්දන් විසින් පරිපාලන පහසුව සඳහා සැදූ කෘතිම මැඩ්‍රාස් ප්‍රොවින්ස් එක මුළුමණින්ම (හෙවත් මුළු දකුණු ඉන්දියාවම) දෙමළ නිජබිම ලෙස ඈඳා ගැනීමට සැදීම, ලංකාවේ උතුරු- නැඟෙනහිර කෝල්බෲක්  කෘතිම පලාත් දෙක ලංකාවේ ඇති ලෝකයේ අළුත්, අතිරේක, දෙවෙනි දෙමළ නිජබිම ලෙස පන්වීමට SJV  චෙල්වා කොළඹ සිට ගත් උත්සාහයට සමානය. ලෝකයේ යම් ජන වර්ගයකට නිජබිම් එකක මිස දෙකක් තුනක් තිබිය නොහැකිය. ප්‍රංශ භාෂාව කතා කරණ අයගේ නිජබිම ප්‍රංශය මිස කැනඩාවේ ප්‍රංශ කතාකරණ ක්විබෙක් ජනපදය නොවේ.

මෙවැනි ඓතිහාසික හා භූගෝල විද්‍යාත්මක කාරණා නොදැන චෙල්වා ඇතුළු ක්‍රිස්තියානි පිරිසකට උතුර නැඟෙනහිර යන කෘතිම පලාත් දෙකක ඉඩම් හා අනිකුත් පරිපාලන බලතල දීමට 1957 දී SWRD බණ්ඩාරනායකත්, 1965 දී ඩඩ්ලි-ජේආර් යුවලත් එකඟවීම ලෝකයේ මෝඩම තීරණ දෙකක් විය. යාපනේ ඉන්නා 50% පමණ කුලහීන ජනයා බලෙන් දෙමළට හරවා ගත් අතීත සිංහල ජනයා බවත්, පොදුවේ දෙමළ ජනයාට නිජබිම් පිස්සුවක් නැති බවත් ඒ කාලයේ දේශපාලකයින් දැන සිටියේ නැද්ද? බණ්ඩාරනායක දෙමළ සම්භවයක් හා JRJ මුස්ලිම් සම්බන්ධයක් ඇත්තන් බවට ලිපි ඒ කාලයේ පුවත් පත්වල ලිපි පලවිය

ඇනාපොලිස් මදුරුවා

1930 දශකය පමණ වනවිට තමන් සිංහලයින්ට වඩා ඉහළ ජනවර්ගයක් යයි මෙම දෙමළ නායකයින් සිතන්නට පුරුදුවූයේ සුද්දන් විසින් සිය යටත් විජිතවල ජනවර්ග බෙදා පාලනය කිරීමේ උපාය යටතේ ඉංග්‍රීසි උගත් දෙමළ නායකයින් උස්සා තැබීම හා උඩරට-පහතරට වශයෙන් සිංහල මහජන වර්ගය දෙකට බෙදීමත් නිසාය. මැනිං වැනි ආණ්ඩුකාරවරු එලිපිටම මෙම ජාවාරම කලේය. එපමණක් නොව වන්නි හිස්බිම්වල දෙමළ ජනපද පිහිටුවීමටද ඔවුන් ගත් උත්සාහය මැලේරියා මදුරුවා විසින් වලක්වන ලදී.

ඕ මයි ගෝඩ් බෞද්ධයින්

ලංකාව අඝාධයට ගෙනගිය අනිත් හැම කාරණයක් මෙන්ම මෙම දෙමළ බෙදුම් වාදය සම්බන්ධයෙන්ද සිංහල දේශපාලක කළු සුද්දන් බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති හා මධ්‍යම ප්‍රතිපදාව අනුගමණය කලේ නැත. කාදිනල් සමඟ ටෙලිෆෝන් කතා මෙන් මහානායක හා අනිකුත් හාමුදුරුවරුන් සමඟ ඔවුන්ගේ භජනයක් නොවීය. තමන්ට කඩේ යන යම් තනි හාමුදුරුනමක් හෝ දෙතුන් දෙනෙක් මිස සංඝ සමාජයෙන් උපදෙස් ලබා ගැනීමක් සිදු නොවීය. මීට හේතුව මොවුන් ඇල්ලේ ගුණවංශ හිමියන් කියන පරිදි බුදු අම්මෝ බෞද්ධයින් නොවීමය. යම් ආපදාවකට මුහුණ දුන්විට ඔවුන්ගේ කටින් ඉබේටම පනින්නේ බුදු අම්මෝ නොව ඕ මයි ගෝඩ් කියාය!  1931 න් පසු සර්ව ජන චන්ද බලය ඒමත් සමඟ සිංහල චන්ද සඳහා බෞද්ධාගමට ආපසු බොරුවට හැරුණු මොවුන්ව ඩොනමෝර් බෞද්ධයින් කියාද හඳුන්වනු ලැබේ. මෙය හරියට දැන් කාලයේ මුස්ලිම්-දෙමළ චන්ද පෙරේත කමට මේ පක්ෂ  දේශපාලකයින් හැසිරෙන ආකාරයට සමානය. 1987 දී 13-A ට විරුද්ධවූ සමහර දේශපාලක පංචස්කන්ධ දැන් 2023 අගෝස්තු වනවිට 13 -A++ වෙනවා වැනිය!

*(B) පොලිසිය හා ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණ/ය

මෙම ඉතිහාස කතාව ගැන දීර්ග වශයෙන් කල විග්‍රහ ලංකාවෙබ් වෙබ් අඩවියේ සුරක්ෂිතව තිබේ. මෙහි ඉහතින් සඳහන් කලේ පොලිස් බැටන් පොලු ගැන විග්නේශ් ඇතුළු පිරිස කරගෙන යන සෙප්පඩවිජ්ජාවට පසුබිමක් වශයෙනි. විග්නේශ්වරන්ලාගේ පොලු අරන් යන බොරු පොලිස්කාරයින්ට කවුරුන්හෝ ලවා බෝම්බයක් දෙකක් ගස්සවා ගෙන ඉන්පසු ඔවුන්ගේ ආරක්ෂාවට පිස්තෝල දුන් විට බොරු පොලිස්, ඊළම් පොලිස් වන්නේ ඉබේටමය!

සමස්ත ලංකා සමාජයම අන්ත දූෂිත රටක් බවට පත්වී ඇති අවස්ථාවක මේ පොලිස් පොලු කතාව පිස්සන්ගේ ප්ලෑනකි. පොලිසිය අන්ත දූෂිත පමණක් නොව මුළුමණින්ම දේශපාලකයින්ගේ ග්‍රහණයට හසුවී ඇත. අද මා දුටු චමුදිතගේ නිව්ස් අනුව ලංකාවේ රතුකුරුස සංවිධානය පවා හොර ගුහාවකි. බන්ධනාගාර, සුරා බදු, දොස්තරලා, නීතීඥයින් ගෙන් පටන් ගෙන මෙම දූෂණ වංචා වලට අහු නොවූ එකම ආයතනයක්වත් කෝප් කොමිටුව ඉදිරියේ රෙදි ගලවා නොගෙන ගියේ නැත.

පලාත් සභා හොරු

දකුණේ පලාත් සභා හත සුදු අලි හතක් නොව හොරු රැලවල් හතකි. මේ හොරුන්ට පොලිස් පොලු දුන්නොත් මොවුන් මොනවා නොකර සිටීවිද? උතුරේ දෙක මේ බොරු පොලිස් යොදවා සිංහල ජනයාට  ඒ පලාත් දෙක අතහැර යාමට ක්‍රියා කරන්නේ හෙමින් හෙමින් ශූක්ෂම ලෙසය. කුරුන්ද විහාරයේ හාමුදුරුවන් පසු ගියදා එළිදරව් කලේ කැබිලිතිගොල්ලෑව, බෝගස් වැව සිංහල පවුල් 4,500 මුලතිව් හා අනුරාධපුර දිස්ත්‍රික් වශයෙන් දෙකට කඩා කරණ අපරාධයය.  නයාරු-කෝකිලායි සිංහල ජනයාට අබසරණයි! විග්නේශ්වරන්ගේ බොරු පොලිස්කාරයින් මේ ජනයා බල ගනීවිද? මඩකලපුවේ ඉතිරිව ඇති එකම බෞද්ධ රජමහා) විහාරයේ අම්පිටියේ සුමනරතන හාමුදුරුවන්ට පසුගිය දිනක මහ රෑ හීනෙන් භයවී නැඟිට වෙඩිතියන්නට ගියේ උන්වහන්සේගේ ආරක්ෂාවට තැබු සිංහල පොලිස්කාරයාය.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය ඉවත්කරණ ලෙස උද්ගෝෂණ කරණ දෙමළ මන්ත්‍රීලා සිටින රටක ඔවුන්ට පොලිස් පොලු දීම අහකයන නයි සරම අස්සේ දමා ගැනීමක් නොවේද?

<දුම් රිය පලාත්> හා මහ ඇමතිගේ පොලිසිය

ලංකාවේ 13-A ලියා තිබෙන්නේ රජිව් ගාන්ධිගේ ඉන්දියන් කාරයෙක් බව එහි තිබෙන දුම්-රිය පලාත්  ගැන සඳහණෙන් එලිවිය. මෙය ඉවත් කිරීමට ඉන්දියන්කාරයාටවත්, එය කියවිය යුතුව තිබු JR ගේ ගෝලයින්ටවත්, නීති කෙටුම්පත්, නීතිපති දෙපාර්තමේන්තුවේ පරාණවලටවත් අතපසුවිය! සිංහල කට්ටිය එය නොකියවාම පිළිගත් බව නිසැකය. හරියට රනිල් විසින් 2002 දී නොර්වේ සොල්හයිම් හා ප්‍රභාකරන් සැදූ CFA අත්සන් කලා වැනිය. මීටත් වඩා වංචා සහගත වන්නේ ඉන්දියාවේ ප්‍රාන්තවල පොලිස් කොමිෂම් ඒවායේ මහඇමති නොව රාජ්‍ය නිලධාරියෙකුගේ පාලනයට යටත් වෙද්දී, ලංකාවේ පලාත් සභා මහ ඇමති පොලිස් කොමිෂම පාලනය කිරීමය.  විග්නේශ් පොලිස් පොලු දෙන්නේ මෙසේ දේශපාලකයින් අතට පත්වන දෙමළ පොලිසියකටය.

*(C) එකක් දෙකක් කර යළි එකක් ලෙස එකතු කල හැකිද? (How can you unite by dividing?)

ඕනැම එකක් (කසාදයක්, ගහක්, සමාජයක්, රටක්) දෙකකට බෙදු පසු නැවත එකක් කල නොහැකිය යන්න සනාතන ධර්මතාවයකි. අනිත් වෙනම තිබෙන යම් දෙකක් හෝ වැඩි ගණනක් එකක් (එකමුතු) කිරීමට හැකිය. බිඳුණු වීදුරුවක් පාස්සනවා වැනිය. ලංකාවේ 13 ගැන ඇමෙරිකන් වැසියෙක් මේ ප්‍රශ්ණය අහන්නේ ඒ නිසාය. ඔහුගේ රටේ වෙනම තිබූ ජනපද 13, එකක්වී ඉන්පසු 50 ක්ම එකක් විය ලංකාවේ දේශපාලක සිංහල කළු සුද්දන්ට මේ සරල කාරණය නොවැටහෙන්නේ ඔවුන් වංක, ආත්මාර්ථකාමී ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි හම් බෑග් (humbug ලා) නිසාය. ලංකාවේ ඒකීය එක ඉවර වෙන්නේ දෙකෙන් නොව තුන හතරකින් බව මේ වනවිටත් පැහැදිලිවම දෘෂ්‍යමානවේ. 1995-2000 චන්ද්‍රිකාගේ, නීලන්-GL-ජයම්පති පැකේජ් ඩීල් එකේ 1997 රහස් ප්ලැනට අනුව රට කැබලි 10 කට බෙදෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශවල බහුතර ජන වර්ගය පදනම් කරගෙනය. මෙම ප්ලැනට එවකට අගමැතිව සිටි රනිල්ද එකඟවී සිටියත් අවසානයේදී තමන්ට අළුත් එක්සත් ප්‍රදේශ රටේ (union of regions) විධායක අගමැතිකම නොලැබෙන බව දැනගත් විට, ඔහු සිය ගෝලයින් ලවා එම ව්‍යවස්ථා කෙටුම්පත පර්ලිමේන්තු සභාගර්භයේදීම පුච්චා දැම්මෙව්වේය.

Source: LankaWeb – කළු සුද්දන් විසින් ලංකාව කැබලි කිරීම  (2017/6/15)

2017 සැප්තැම්බර් 21 රනිල්-සුමන්තිරන්-ජයම්පති යහපාලන ඔරුමිත්තනාඩු (federal) ජරමරය (ඔට්‍රියච්චි=unitary=ඒකීය වෙනුවට) මේ චන්ද්‍රිකා හුටපටයේම අවතාරයකි. ගෝල්පේස් අරගල කුමණ්ත්‍රනයේ ජනාධිපති රනිල් මැතිඳු 2017 ජරමරය ගැන දැන් 2023 දී සඳහන් කිරීමටත්, ගෝඨාභය යටතේ සැදු රොමේස් සිල්වා 2019 කෙටුම්පත ගැන කතා නොකිරීමටත් හේතුව කුමක්ද?

දිනේෂ් ගුණවර්ධනලා-මහින්ද රාජපක්ෂලා දැන් පෙඩරල්ද?

13-A නිසා ලංකාව දැනටමත් පෙඩරල් පාරේ, ඉණිමගේ යයි සුප්‍රිම් උසාවිය සේනාධිරාජා නඩුවේදී පෙන්වාදී ඇත. මේ යුද්ධය නම කවදාවත් දිණන්න බෑ කියූ පිරිස් ඔළුවෙන් හිටගෙන කියන්නේ ඒකිය රටක් තුල බලය බෙදීම යන මන්තරයය.  සුමන්තිරන්ලා නම් කියන්නේ ඒකීය නොව එක්සත් රටක් තුල (ඔරුමිත්තනාඩුවක්) ආපසු මධ්‍යම ආණ්ඩුවට ගන්නට බැරි බලය බෙදීමක් ගැනය. ප්‍රසන්න රණතුංග, රනිල්, චන්ද්‍රිකා, සිරිසේන, මහින්ද,  වික්ටර් අයිවන්, සජිත්, ඩලස්, චම්පික රණවක. වැනි අවස්ථාවාදී පංචකන්ධ හා මේ වනවිට ගලේ මොකක්දෝ කල බළලෙකු වී සිටින දිනේෂ් ගුණවර්ධන පමණක් නොව රඝුවාන්, පිල්ලේයාන් පවා ඒකීය කතාව කියමින් සිටී. කුමාර වෙල්ගම, දයාසිරි ජයසේකර හා අළුතින්  ඩයානා ගමගේ පවා කඳුළු සළමින් සිටී. වයඹ ආණ්ඩුකාර ප්‍රියදර්ශන් ඇතුළු යාපාලා, චරිත හේරත්ලා කෙස්පැලෙන තර්කද ගෙන එමින් සිටී. අළුත්ම නළුවා වන රාජිතගේ පැටියා, චතුර සේනාරත්න, අළුත් අරගලයේ නායකකම භාරගන්නට පැමිණ සිටී.

යමෙක් ලංකාවෙබ් වෙබ් අඩවියේ සුරක්ෂිත කර ඇති ලිපි ලේඛන පමණක් බැලුවත් ලංකාව 13 හරහා පෙඩරල් නොකලයුතු මන්ද යන කාරණාව සක්සුදක්සේ ඔප්පු වන්නේය. ඒ නිසා ඒ වෙනුවට මෙහිදී පෙන්වා දෙන්නට හදන්නේ අන්ත දූෂිත සමාජයක, කාමාශාවෙන් වික්ෂිප්ත මිනිසුන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පරාණවලින් පිරි, හිඟාකණ රටක, පක්ෂ දේශපාලක හොරුන්ට යම් තරමකින් හෝ යම් පොලිස් බලයක් දීම මොනතරම් මෝඩ තකතිරු වැඩක්ද යන බවට උදාහරණ දෙකක් සැපයීමය. මෙම උදාහරණ මීට පෙර ලිපිවලින් විස්තර සහිතව පෙන්වා දී ඇති නිසා ඒවා කෙටියෙන් සඳහන් කරමි.

ඇමෙරිකාවේ පොලිස් නිලධාරියෙකුවීම සඳහා අවම වශයෙන් ඊට අදාල (criminal justice) උපාධියක් තිබිය යුතුමය. පසුගිය අවුරුදු 40 ක් තුල පොලිස් නිලධාරියෙක් ට්‍රැෆික් වරදකට යයි මාව නවතා ඇත්තේ දහසැරයකටත් අඩුවෙනි. ඒවායේදී නරක නිලධාරියෙකු ලෙස මා සැකකල අයෙක් සිටියේ එකම සිද්ධියකදී පමණය. එසේ වුවත් සමහර පොලිස් ස්ථාන කෙතරම් දූෂිතද යත් මුළු පොලිසියම ගෙදර යවා ශුද්ධකල අවස්ථාද ඇත. මේ අනුව සිතන විට ලංකාවේ පොලිස් ස්ථාන කීයක් ශුද්ධ කල යුතුව තිබෙනවාද? කෝප් හා කෝපා කොමිටුවලින් එලිවෙන කරුණු අනුව මුළු නිලධාරී සංහතියමවාගේ (අතලොස්සක් හැර) මොනතරම් පව්කාර පංචස්කන්ධද? මේ නිලධාරි හොරු සිංහල මාධ්‍යයෙන් විශ්ව විද්‍යාලවලට ගිය දුප්පත් පවුල් වලින් ආ අය බව සිතන විට ඔවුන්ගේ හැසිරීමට සමාව දිය නොහැකිය. දැන් තිබෙන දේශපාලකයා හා පොලිස් නිලධාරියා අතර ඇති දුෂ්ඨ සම්බන්ධය අනුව සිතන විට මහඇමතියාට පොලිසිය භාරදීම, නරියාට කුකුල් කොටුව භාරදුන්නා වැනි නොවේද?

පහතින් ඇති උදාහරණ දෙක දූෂිත පුද්ගලයින් (personalities) පිළිඹඳව නොව power corrupts (බලය ඇති එකා එය අවභාවිතා කරණවාමය) යන සිද්ධාන්තයට අනුව පුද්ගල සමූහ (politicians) පොදුවේ හැසිරෙන ආකාරය පෙන්වයි. අද මුළු ලෝකයේම දේශපාලනය හොරුන්ගේ සෙල්ලමක් වි නැද්ද?

උදාහරණය- 1 : පොලිස් බලතල විමධ්‍යගත කිරීම  (දිසාපතිලාට දීම)

සුද්දගේ පාලන අවධියේදී දිසාපතිලා/AGAලා, මහේස්ත්‍රාත්ලා ලෙස ක්‍රියාකල කාලයක් විය. මේ අන්දමටම දිසාපතිට තම පලාතේ පොලිස් පරිපාලනයද භාරදීමේ  අත්හදා බැලීමක් 1892-1905 කාලයේ සිදුවිය. එහෙත් වැරදිකරුවන්/සැකකරුවන් එක පොලිස් පලාතක සිට වෙනත් පලාතකට පලාගොස් සැඟවීම යනාදී හේතු නිසා මෙසේ පොලිස් බලතල ක්‍රියාවට නැඟීමේලා දුෂ්කරතා මතුවිය. මේ නිසා ඒ ක්‍රමය අත්හිටුවා පරණ ක්‍රමයට නැවත මාරුවූයේය.

Sources: Leo Perera, ‘The 13th Amendment to the Constitution – Devolution of Public Order and exercise of Police powers – Indo-Lanka Accord has no such requirement’ (The Island Newspaper, 6/10/2009); (http://pdfs.island.lk/2009/06/22/p6.pdf) ;  Lankaweb, 2012 පෙබරවාරි 15. 

උදාහරණය- 2: ලංකාවට ආ IPKF එකට ටැමිල්නාඩ් පොලිසිය කලදේ!

Tamil Nad police and IPKF

Quoted below is a rare example of how ‘hostile’ provincial police officers could sabotage, a larger national plan, whether the plan is reasonable or not. One can imagine how grave the situation will become in the case of Sri Lanka, because there will always be separatist-minded Tamil elements in Colombo, Killinochchi, Malayanadu, and Tamil Nadu, helped with the money from the LTTE government in exile. There will also be a set of white politicians from the UK, the EU, Norway, Canada, and the US helping them separately, jointly or using UN agencies as a veil. These politicians are not Mother Theresas overflowing with humanitarian love for the Tamil IDPs, but scheming persons who want to tap the Tamil block vote to win their local elections. Humiliation they are now suffering at the hands of the Sri Lankan government by way of deportation etc. would therefore not stop their political behavior.

…The decision to wage a war against the LTTE was not an easy one for Rajiv Gandhi. Nor was he oblivious to the cruel irony in being forced to crush the very elements he and Indira had nurtured with care and money. Rajiv could abandon neither the Tamils nor could he support its chief representative, i. e. the LTTE…”

…Confrontation with the LTTE had followed from the need to maintain relational control and to restore balance of forces between the various actors in Indo-Lanka relations. That the balance was in danger is clear from the account of the IPKF operations by Field Commander Sardeshpande:

…We gathered credible intelligence through smugglers, boatmen- about exact bungalows, lanes, hospitals, beds, towns, cities and helpers of the LTTE cadres, convalescing Tigers, gunrunners and manufacturers of explosive devices and grenades and gave it to the Tamil Nadu police, only to be told that there were no such individuals and no such activities! We told them that the LTTE cadres after enjoying India’s shelter and medical treatment were returning to Sri Lanka and killing IPKF soldiers. All this made no impression on the Tamil Nadu government and the police. This was the tragicomedy played out on our own country…”

 …Facing an impasse in Tamil Nadu and fearing its deleterious impact on the IPKF role in Sri Lanka, the Central Government, on January 1988 imposed President’s Rule in the state.”

From: Ethnicity, security, and separatism in India by Maya Chadda, 1997, p. 169

Source: LankaWeb – 13 වන සංශොධනයේ පොලිස් බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්!

 (November 7th, 2020)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress