13 බලාත්මක කිරීම අදියර 3කින්… ජනපති රනිල්ගෙන් සූත්‍රයක්
Posted on August 17th, 2023

Lanka Lead News

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලට අනුව ජනාධිපතිවරයා විසින් දෙමළ පක්ෂවලට ලබාදී ඇති පොරොන්දුව අනුව 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම අදියර 3කින් ක්‍රියාත්මක කෙරෙන බව තහවුරු වේ.

ඒ අනුව පළමුවැන්න දැන්ට ආරම්භකර ඇති පරිදි පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමය. පුරාවිද්‍යා ආඥා පනත නිශ්ක්‍රීය කිරීම සහ නව ඉඩම් ප්‍රතිපත්ති පනත, සත්‍ය සෙවීමේ කොමිසමේ පනත ආදිය ඊට අයත් වේ.

දෙවැන්න ව්‍යවස්ථා සංශෝධනයක අඩංගු විය යුතු පැතිකඩ සංකල්පීය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමය. තුන්වැන්න ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress