උතුරු නැගෙනහිරට පොලිස්, ඉඩම් බලතල දුන්නොත් සියල්ල විනාශ වෙනවා – ‘රණවිරු අපි වෙනුවෙන් අපි‘ ජාතික සංවිධානය අනතුරු අඟවයි
Posted on August 18th, 2023

Lanka Lead News

දශක තුනකට ආසන්න කාලයක් යුද්ධයක් පැවති රට තුළ යුද්ධය අවසන් වී පැවති සාමකාමී වාතාවරණය නිමා වෙමින් අද වන විට ඉතා අඳුරු කාල පරිච්ඡේදයකට යොමුවෙමින් පවතින බව රණවිරු අපි වෙනුවෙන් අපි ජාතික සංවිධානයේ සභාපති බලලත් නිලධාරී ජයලාල් නිශ්ශංක මහතා පවසයි.

මෙම යුද්ධයේ දී රණවිරුවන් 30,000ක් පමණ දිවිපිදුවේ ද 14, 500ක් පමණ ආබාධිත වූවේ ද උතුරු නැගෙනහිර බෙදීමට එරෙහිව යුද වැදුනු නිසා බවත්, 13 වැනි සංශෝධනය හරහා එම දෙපළාතට පොලිස් හා ඉඩම් බලතල ලබාදීමෙන් බෙදුම්වාදීන්ගේ අරමුණ ජයගන්නා බවත්, රණවිරුවන් දිවිපුදා රට වෙනුවෙන් කළ කැපකිරීම සියල්ල එමගින් අවසන් වන බවත් ඒ මහතා පවසයි

https://www.lankaleadnews.com/wp-content/uploads/2023/08/WhatsApp-Video-2023-08-18-at-18.33.47-1.mp4?_=1

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress