මහජන නියෝජිතයකු විසින් ඉකුත් දා ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් කර ඇති ප්‍රකාශයක් ගැන ආරක්ෂක ඇමැතිගෙන් විශේෂ දැනුම්දීමක්
Posted on August 22nd, 2023

Lanka Lead News

යම් අයෙකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් එවැනි ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇති බවය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බවටත් එම මහජන නියෝජිතයා එදින කළ ප්‍රකාශ කර තිබූ බවය.

එවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටිමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress