මරණයෙන් පසු ජීවිතයක් ඇති බව අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරයෙකු හෙළිකරයි – රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් ගැනත් අනාවරණයක්
Posted on August 30th, 2023

Lanka Lead News

මරණයෙන් පසු ජීවයක් ඇති බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා තිබේ.

ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වන අතර, තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට සැකයක් නැති බවත් වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර ඇත.

තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress