බි‍්‍රතාන්‍යය යටත්විජිතවාදීන් බිහිකළ ”දෙමළ ජාතිවාදයේ සංක්ෂිප්ත ඉතිහාසය”
Posted on September 1st, 2023

පියසිරි අමරකෝන්

1796දී මුහුදුබඩ ප කාලයක සිට දිවයිනේ අයිතිය දෙකට බෙදාගෙන සිටි බවක්ද කියා තිබුනි.9 මෙය සැබෑ ඉතිහාසය නොව සැබෑ අනාගත සැලැස්මබව පෙනේ.
නෝර්ත් ආණ්ඩුකාරවරයා යටතේ යටත් විජිත පාලනය අරඹා මදුරාසී පාලනය අහෝසි කොතනයට ලක්විය13. ඉන් ජයෙන් ඔද වැඩුණු උඩරට හමුදාව විසින් පහතරට බි‍්‍රතාන්‍ය බලකොටුවලට පහරදෙන ලදී.14 මෙයින් පසු නෝර්ත් ආන්ඩුකාරවරයා විසින් පලිගැනීමේ ආක‍්‍රමණ මාලාවක් ක‍්‍රියාත්මක කරන ලදී15. 1805 දී නෝර්ත්ගේ පාලනය නිමාවිය.
ඉන්පසු පැමිණියේ තෝමස් මේට්ලන්ඞ් ආණ්ඩුකාරවරයාය.16 ඔහු උඩරට සමග යුද්ධ කිරිම වෙනුවට ලාබ උපක‍්‍රම මගින් උඩරට අල්ලා ගැනීමට කල්පනා කළේය.17 ඒ සදහා උඩරට සමග සුහද ලිපි හුවමාරුවක් ආරම්භ කරන ලදී.

  1. Rathnajeevan H. Hoole, The Exile Returned, page 11, HERITAGE HISTORIES, PAGE 52
  2. Professor K.M. de Silva, A History of Sri Lanka page, 277
  3. Ibid 279
  4. Ibid 280
  5. Ibid 280
  6. K.M. De Silva, Separatist Ideology in Sri lanka: A Historical Appraisal THE TRADITIONAL HOMELANDS” OF THE TAMILS
  7. Google Wikipedia of Alexander Jonston (1775-1849)
  8. RALPH PIERIS, Adminitration of justice and of revenue on the Island of Ceylon Under Ducth Government (The Cleghorn Minute) J.R.A.S.(CEYLON) VOL.III(New Series) 1953 page 126
  9. Ibid
  10. K.M. De Silva, A History of Sri Lanka page 280
  11. Ibid 283
  12. අධිනීඥ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා , බි‍්‍රතාන්‍යයින් යටතේ පැවති ලංකාව page 126
  13. Ibid 123
  14. Ibid 126
  15. Ibid 127
  16. John h. Martyn, Note on Jaffna , page 363
  17. British Governors of Ceylon , H.A.J. Hulugalle, සි.ඒ. විජෙසේකර අනුවාදය පිටුව 43
  18. Ibid
    ඊළඟ පියවර වූයේ නව නීති සම්පාදනය මගින් සුළු ජන කොටස් වෙත මෙතෙක් නොතිබූ නීතිමය හිමිකම් ලබාදීමයි19. මේට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා, ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් නැමති පිස්කල් අද්වකාත් සමග මාස හයක් මුහුදුබඩ පාතනයකින් ඌවවෙල්ලස්ස මර්ධනය කලේය30. ඉක්බිතිව 1819 දී ගාල්ලට මිෂනාරීන් රැුස්කරවා ලංකාව දෙමළ සිංහල ලෙස දෙකට බෙදිමට තීන්දු කර ඇත31. එලෙසින් රොබට් බ‍්‍රවුන්රිග් පාලනය නිමාවීමට පත්විය. මෙහිදීද ක්ලේගෝන් මොඩලය ක‍්‍රියාත්මක වී ඇත.මීළඟට ආණ්ඩුකාරවරයා පැජට් වූ අතර කෙටි කලකින් බාන්ස් එම තනතුරට පත්විය32. මේ යුගයේදී ක`දුකරය හරහා පාරවල් කපා යා කරගත් උඩරට රාජ්‍යයේ සැපයුම් මාර්ග ශක්තිමත් කළේය. එහි අතුරුපලය උඩරට ඉඩම් වෙන්දේසි කරමින් කෝපි වගාවට අනුබල ලබාදීමයි33. මේ අලකලංචි අස්සේ 1824දී ජෝන් ඩොයිලි34 සියදිවි හානි කරගත්තේය. පාර්සිවාල් ආර්ක්ලන්ඞ් ඩයික් සිවිල් නිලධාරියකු ලෙස යාපනයට සිය පලමු පත්වීම ලැබීය35. සයිමන් කාසිචෙට්ටි කල්පිටියේ තෝල්ක මුදලි කෙනෙකු ලෙස පත්වන්නේද මේ වර්ෂයේදීමය36.
  19. John H. Martyn, Notes on Jaffna page 10
  20. Alexander Johnston’s, Letter sent to the secretary of the R.A.S. ON july 18, 1827, http://dot.org/10.10117/50950473700000380published online by Cambrige university press
  21. ඇල්ලේපොල එච්.එම්. සෝමරත්න,ජෝන් ඩොයිලි සිංහලේ ආණ්ඩු ක‍්‍රමය පිලිබද ලූහුඬු සටහන් xv පිටුව
  22. එම xiii
  23. S. Ratnajeewan H. hoole, The Exile Returned page 23
  24. අධිනීතිඥ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, බි‍්‍රතාන්‍යයින් යටතේ ලංකාව පිටුව 175
  25. කුමාර සිරිවර්ධන පරිවර්තනය, චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දිනපොත, පිටුව 33
  26. JOHN H. MARTYN, NOTES ON JAFFNA PAGE 12
  27. K.M. De Silva, Sri Lanka’s Troubled Inheritance, page129
  28. කුමාර සිරිවර්ධන පරිවර්තනය, චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දින පොත පිටුව 33
  29. බි‍්‍රතාන්‍යයින් යටතේ පැවති ලංකාව, අධිනීතිඥ ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා, පිටුව 202
  30. එම 204
  31. John H. Martyn, Notes on Jaffna, note 53, page 162,163
  32. Ibid Page 13
  33. සී.ඒ. විෙජේෙස්කර අනුවාදය, British Governors of Ceylon by H.A.J.Hulugalle page 72,73
  34. කුමාර සිරිවර්ධන, පරිවර්තනය, චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දින පොත පිටුව 39
  35. John H. Martyn, NOTES ON JAFFNA ,PAGE 14
  36. D.P.E. HETTIARACHCHI, SOME LITERARY UNDERTAKINGS OF MR. Simon Casie chitty,R.A.S.Journal volxxx 1927
    1823 දී ආසියාතික යටත් විජිතවල සේවය කල විශ‍්‍රාමික නිලධාරීන් විසින් බි‍්‍රතාන්‍යයේ දි ”එංගලන්තයේ හා අයර්ලන්තයේ ආසියාතික සංගමය” නමින් සංගමයක් අරඹා 1824දී එය ‘‘රාජකීය ආසියාතික සංගමය’’ බවට පත් කරන ලදී37 එහි පුස්තකාලයට38 අපේ මහවංශය හා වෙනත් පුස්කොල පොත් රැුසක් ගෙනගොස් ඇත. ඔවුන් නොයෙක් පර්යේෂණ පවත්වමින් ලංකා ඉතිහාසය පිළිබද සැක පහල කරවන අදහස් නිර්මාණය කළේය.39 මෙලෙසින් ඉතිහාසය විකෘති කිරීම ඇරඹුනි. අද කියාපාන දෙමළ ජාතිවාදී ඉතිහාසයේ තිඹිරිගෙය එතැනවිය. මේයද ක්ලේගෝන් මොඩලයට පණදීමකි. මෙලෙස ලංකාවට ඉතිහාස දෙකක් නිර්මාණය කළේය. මීලඟට විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරයා 1831 පැමිනි අතර ඔහු හමුදා නිලධාරියකු නොව සාහිත්‍යධරයෙකි.40 පුවත්පත්, සඟරා, පොත් පත් පළවන්නට විය. මේ කාලයේ සයිමන් කාසිචෙට්ටි පොත් 13 ක් ද ලිපි 29 ක්ද ලියා පලකර ඇත.41 මේ යුගයේ සිංහල ජාතිය හෙලාදකින නාට්‍යයක් මන්නාරමේ ක‍්‍රිස්තු භක්තිකයින් විසින් ලියා, අනතුරුව නාඩගමක්42 ලෙස වෙදිකා ගතකර ඇත. එමගින් සිංහල දෙමළ වෛරයක් සමාජ ගත කළේය. විකෘති ඉතිහාසයද මෙලෙස සමාජ ගත කළේය. ඊටත් වඩා කෝල්බෲක් කොමිසමේ ප‍්‍රතිසංස්කරණ වැදගත්වේ. එය 1799ලියූ ක්ලේගෝන් මොඩලයේ තවත් පියවරකි.43 (පලමුව 1819 මිශනාරීන් රැුස්වී ලංකාව දෙකට බෙදීමට තීන්දු කිරීමයි* කෝල්බෲක් කොමිසම ව්‍යවස්ථාදායක සභාවක් ඇති කර රට පළාත් 5 කට බෙදන ලදී. 1837 සිට අන්ත ක‍්‍රිස්තියානි ආණ්ඩුකාරවරු පැමිණෙමින් (ස්ටුවර්ට්, කොලින්කැම්බල්, වෛකවුන්ට් ටොරිංටන් හා ඇන්ඩර්සන් යන අය* බෞද්ධ සාසනයට නොයෙක් හිරි හැර පිඩා ඇති කරන ලදී44. ඉංග‍්‍රීසීන් ගෙනගිය යාපනේ ක‍්‍රිස්තියානි කිරීමේ ප‍්‍රයත්නය අසාර්ථක බව ඔවුන් සමාලෝචනය කර ඇත.45 1848 මාතලේ කැරැුල්ල46 පැනනැගුණු අතර ඉංග‍්‍රීසීන් 1849 සිට ආරුමුග නාවලර් ලවා හින්¥ ආගම ප‍්‍රචලිත කිරීම ආරම්භකළේය. ලංකාවේ ජාතිවාදය නිර්මාණය කිරීමට ඍජුවම දායක වූ හිටපු අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් 1849 දී මිය ගොස් ඇත.47 ආරුමුගනාවලර් ආරම්භ කළ ව්‍යාපාරය48, ක්ලේගෝන් මොඩලය අනුව උතුරු නැගෙනහිර දෙමළ කිරීමේ තවත් ශක්තිමත් පියවරක් විය. නාවලර් 1879 දී මිය ගොස් ඇත. එතැන් සිට පොන්නම්බලම් රාමනාදන් ව්‍යවස්තාදායක සභාවේ පළමු හින්දු නියෝජිතයා විය.49 දෙමළ ජාතිවාදී දේශපාලනය ඇරඹුනේ එලෙසිනි. මෙකල ඇමෙරිකානු මිශනාරීන් යාල්පාන චරිත්ත‍්‍රම්50 නමින්ද ඇන්ග්ලිකන් මිශනාරින් යාල්පාන වෛපවමාලය නමින්51 ද පොත් දෙකක් පලකරමින් විකෘති ඉතිහාස දෙමළ දේශපාලනයට එකතු කළේය.
  37. Google, Royal Asia􀆟c Society of England
  38. Ralph Pieris, The Cleghorn Minute, R.A.S Journal Vol.iii (new series) 1953
  39. Sir Alexande Johnston, leter witen to the R.A.S. JOURNAL, htp://dot.org/10.10117/50950473700000410published online by Cambrige university press
  40. Bri􀆟sh Governors of Ceylon, H.A.J. Hulugalle, C.A. wijeseekara අනුවාදය, පිටුව 91
  41. D.P.E. He􀆫arachchi, SOME LITERARY UNDERTAKINGS OF Late Mr Simon Casie chiity R.A.S.(Ceylon) JOURNAL, Vol. xxx, Page 455
  42. C. Brito, Yalpana vaipava-malai, Page xxxiv,
  43. Bertram Bas􀆟ampillai, North Ceylon (Sri Lanka ) in the 19th Century Pagexiii
  44. Bri􀆟sh Governors of Ceylon by H.A.J. Hulugalle සී.ඒ.විෙ◌ෙජස්කර අනුවාදය පිටු94-126
  45. S. Ratnajeevan H. Hoole, The Exile Returned, page 11
  46. Professor K.M. De Silva , A HISTORY OF SRI LANKA 357
  47. Google, Alexander Johnston, former chief Jus􀆟ce
  48. John H. Martyn, notes on Jaffna, page 193 note 93
  49. Ratnajeevan H. Hoole, HERITAGE HISTORIES, PAGE 27
  50. JOHN H. MARTYN, Notes on Jaffna, page xxv,
  51. C. Brito, YALPANA-VAIPAVA- MALAI , 1879
    මේ අතර බෞද්ධයින්ට සිදුවන පීඩා නිමක් නොවූයෙන්, ක‍්‍රිස්තියානි අභියෝගය පිළිගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ක‍්‍රිස්තියානීන් සමග වාද විවාද වලට එලඹුණි.52 ඉන් ක‍්‍රිස්තියානි පාර්ශවය නින්දා සහගත ලෙස පරාජයට පත් විය53. ඉන්පසු එංගලන්තයේ යටත් විජිත පරිපාලනයේ් නියමය අනුව ලංකාවේ ආණ්ඩුකාරවරුන් බෞද්ධයින් සම්බන්දයෙන් එතෙක් අනුගමනය කල රළු ප‍්‍රතිපත්තිය වෙනස්විය54. මෙම විවාද 1899 දක්වා පැවැත්වුනි. අනගාරික ධර්මපල තුමා පෙරට එන්නෙ මේ පසුබිම තුලනි54. එතුමා විසින් බෞද්ධ පාඨශාලා පද්ධතියක් ඕල්කොට්තුමාගේ අනුග‍්‍රහයෙන් ආරම්භ කලේය56.20 වැනි සියවසේ කෝල්බෲක් ආන්ඩුක‍්‍රමය 188954 න් පසුව කීපවරක් සංශෝදනය විය. ඒ 1912,1921 හා1924 යන වර්ෂවල දීය57. 1920 දී යාපනේ කුල ප‍්‍රශ්නය විසදීමට සම අධ්‍යාපනය අවස්තා උපයෝගී කර ගැනීමට ඉංග‍්‍රීසින් උත්සාහ කළත් එයින් මහත් ව්‍යසනයක් යාපනේ ඇතිවුනි58. 1931 ඩොන්මෝර් කොමිසම යෝජනා කළ ප‍්‍රතිසංස්කරණ මගින් සර්වජන චන්ද බලය හිමිකර දීමට එරෙහිව යාපනේ විශාල විරෝධතා ව්‍යාපරයක් ඇති විය59. පොන්නම්බලම් ඇතුළු පිරිස යෝජනා කලේ වෙල්ලාල වංශයට පමණක් ඡුන්දබලය ලබා දෙන ලෙසටයි61. ආරුමුග නාවලර්ගේ කුලවාදයේ උග‍්‍රම අවස්ථාව මෙය විය. 1947 දී සෝල්බරි ව්‍යවස්තා ප‍්‍රතිසංස්කරන අවස්තාවේ සමස්ත ලංකා දෙමළ කොන්ග‍්‍රසය ආරම්භ කරමින් 50ට 50 ඉල්ලා සිටියේය62. කෙසේ වුවද සර්වජන ඡුන්ද බලය වෙල්ලාල වංශිකයින්ට මහත් හිසරදය ක් විය.ඊළගට ඉන්දු පකිස්ථාන් පුරවැසි පනත නිසා දෙමළ දේශපාලනයේ විශාල පිපිරිමක් ඇතිවිය63. 1948 නිදහස ලැබුනු අතර 1949 දී පෙඩරල් පක්ෂය ආරම්භ කරමින් දෙමළ රාජ්‍ය මතය කරලියට ගෙනාවේය64. උතුරු නැගෙනහිර දෙමළ භූමිය කියමිනි. 1953 දී ප‍්‍රථම වතාවට හියු ක්ලෙගෝන් වාර්තාව රාජකීය ආසියාතික සංගමයේ ජ‘නලයේ පලකිරීමෙන් පසු ඉන් එක් වාක්‍යයක්65 උපයෝගී කරගෙන දෙමළ නිජභූමියක කථාව ඇරඹුනි.66 අදත් උත්සාහ කරන්නේ ක්ලෝගෝන් මොඩලය සාක්ෂාත් කරන්නයි. දෙමළ ජාතිවාදයේ අභිලාෂය එයයි. 1949 පිහිට වූ පෙඩරල් පක්ෂයේ නායකයා ඒ.චෙල්වනායගම් දෙමළ ජනයාට පොරොන්දු දේශය ලබා දෙන මෝසෙස් ලෙස හදුන්වා ඇත.67 මෙයින් ජාතිවාදයේ ආරක්ෂා කර පෝෂණය කිරීම මිෂනාරීන් විසින් කරගෙන යනු ලබන බව පෙනේ.
  52. K.M. De Silva, Sri Lanka Troubled Inheritance, Page 136
  53. Ibid , page 137
  54. K.M. De Silva, Sri Lanka Troubled Inheritance page 144
  55. Ibid 141
  56. K.M.De Silva, Sri Lanka Troubled inheritance, page 141
  57. අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉතිහාසය 11,හයවන මුද්‍රනය 1997, 17 පිටුව
  58. එම
  59. JANE RUSSELL, Communal Politics under the Donoughmore Constitution 1931-1947 page 16
  60. Ibid
  61. Ibid
  62. Ibid page243
  63. S.J.V. Chelvanayakam and the Crisis of Sri Lankan Tamil Nationalism, 1947-1977 A.J,WILSON Page17
  64. සිංහල හඬ ප‍්‍රකාශනයක් ”දෙමළ ඊලාම් නිජබිම් ප‍්‍රශ්නය” පිටුව 05
  65. Administration of Justice and revenue on the Island of Ceylon Under the Dutch Government (‘the Cleghorn minute’) Journal, R.A.S. (Ceylon ) Vol. iii (New series), 1953
  66. ආචාර්ය පී. අතුකෝරළ ශ‍්‍රී ලංකාවේ වාර්ගික ගැටළුව, ප‍්‍රභවය හා වර්ධනය. පිටුව 110
  67. A. Jeyaratnam Wilson S.J.V. Chelvanayakam and the crisis Lankan tamil Nationalism, 1947-1977. page 8
    පියසිරි අමරකෝන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress