රටක් කැළඹු ‘සොනික් සොනික්’ ගැන තොරතුරු එළියට
Posted on September 22nd, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ කාල වකවානුවේදී මෙන්ම පසුගිය දා බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් විකාශනය වු වීඩියෝව නිසා යළිත් කරළියට පැමිණි මාතෘකාවක් වන්නේ ‘සොනික් සොනික්’ යන යෙදුමයි.

විවිධ පාර්ෂවයන් විසින් මේ දිනවල ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ යෙදුම නිතර ව්‍යවහාර වීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා.

පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම ආරක්ෂක අංශ නිළධාරීන්ද ‘සොනික් සොනික්’ යන වදන පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ අදහස් දැක්වීම් වලදි ප්‍රකාශකරනවා.

සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනාගේ කුතුහලය දනවන මේ යෙදුම සම්බන්ධයෙන් විස්තරාත්මක විග්‍රහයක් ඊයේ(21) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් සිදුකරනු ලැබුවා.

“සොනික් සොනික්” යන්න අන්වර්ථ නාමයක් බවත් ‘සොනික් සොනික්’ යනු රාජ්‍ය බුද්ධි අංශ නිළධාරියෙකු වන අතර ඔහු අන්තවාදී කණ්ඩායමක ත්‍රස්තවාදියෙකු ලෙස පෙනී සිටිමින් අප බුද්ධි අංශ වලට අන්තවාදීන් ගැන නිරන්තර තොරතුරු සැපයූ නිලධාරියෙකු බව ප්‍රකාශ කළා.

එසේම ‘අබුහින්ද්’ යන නාමයද විදේශීය බුද්ධි අංශ විසින් අන්තර්ජාල මෘදුකාංග ඔස්සේ අන්තවාදි කණ්ඩායම් හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීමට භාවිතාකළ අන්වර්ථ නාමයක් බවත් සඳහන්කළා.

තමා අකමැත්තෙන් වුවත් මෙලෙස බුද්ධි අංශ තොරතුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇතැම් වගකීම් විරහිත ප්‍රකාශයන් හා ක්‍රියාවන් නිසා බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress