ICCPR සම්මුතිය දේශීයව සම්මත කිරීමේ පනත – මුල් ජාත්‍යාන්තර සම්මුතියට නොඅනුකූල, ජන අදහස් ප්‍රකාශ කිරීමට එරහි, දැඩි තහංචි පනවන, කපටි පනතක්  
Posted on September 27th, 2023

චානක බණ්ඩාරගේ

 Lankawebහි 13/8/23 දින පළ වුනු  ‘Local adoption of the ICCPR Convention – a cunning enactment; works against Sinhala Buddhist activists and soft on Tamil separatist racists’ යන ඉංග්‍රීසි ලිපියේ සංශෝධිත සිංහල අනුවාදය, එම මුල් ලේඛකයා විසින්ම.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතිය (The International Covenant on Civil and Political Rights – ICCPR)  1976දී බිහි විය. එය බහුපාර්ශ්වික ගිවිසුමකි. රාජ්‍යයන් 175කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එයට සම්මුති වී ඇත.

මෙම ගිවිසුමේ (මෙතැන් සිට, ‘සම්මුතිය’) මගින් වගකීම් පනවන්නේ රාජ්‍යයන් මත පමණි. එනම්,  සම්මුතියේ පාර්ශ්වකරුවන්.

උදා. එක්සත් ජනපදය තුල මෙම සම්මුතිය අදාළ වන්නේ එම  මධ්‍යම රජයට, සියලුම ප්‍රාන්ත රජයන් (States) සහ එම මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත වෙනුවෙන් රාජ්‍යය  කාර්යයන් ඉටු කරන පුද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට (agents) පමණය. එය සාමාන්‍ය පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක නොවේ.

මෙම සම්මුතියේ අරමුණ වන්නේ දේශයක පුරවැසියන්ගේ මානව හිමිකම්, අයිතීන් සම්බන්ධයෙන් රජයන් නිරන්තරයෙන්  සංවරව, ධනාත්මකව සහ තුලනව තබා ගැනීමයි.

කෙසේ වෙතත්, රටේ  පුද්ගලයන්ටද යුතුකම් සහ වගකීම් ඇති බවට සම්මුතියේ පූර්විකාවේ (Preamble) සඳහන් වේ.

නමුත්, රටක රාජ්‍යය මිස එහි ජනතාව මෙම සම්මුතිය මඟින් නීතිමය බඳවා ගැනීමකට හසු නොකරයි. 

 සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වන රටක්,  මානව හිමිකම් කඩකිරීම් කරනු ලැබීයයි කියනු ලබන එම රටේ  පුරවැසිකුට එරෙහිව, නිත්‍යානුකූලව දඬුවම් කිරීමක් ගැන මෙම සම්මුතියෙන් අනුමැතිය ලබා දීමක් හෝ ඒ පිළිබඳව සාකච්චාවට බඳුන් වීමක් සිදුවී නොවේ.

නමුත්, ශ්‍රී ලංකාව නම් සම්මුතිය පනතක් ලෙස දේශීයව අනුගත කර ඇත්තේ තම පුරවැසියනට දඬුවම් නියම කිරීමේ නියත චේතනාවෙන් බව පෙනේ.

ශ්‍රී ලංකා රාජ්‍යය සිය පුරවැසියන් වෙනුවෙන් සම්මුතියෙන් භාරගත් බොහෝ යුතුකම් සහ වගකීම් දේශීය පනතින් උද්දීපනය කර නොමැත.  

ජාත්‍යාන්තර  නීතියේ ප්‍රධාන රීතිය නම්,  ජාත්‍යාන්තර සම්මුතියක් (ගිවිසුමක්) දේශීය වශයෙන් අනුගත කිරීමේදී රාජ්‍යය විසින් සම්මුතියේ ගිව්සුම් ගතවූ බැඳීම් දේශීය පනතෙන් මනාව පිළිබිඹු විය යුතු වීමයි. සම්මුතිය දේශීය ගත කිරීමේදී එහි දැක්වූ වගකීම් රාජ්‍යය නැවත පනතින් අවධාරණය කළ යුතුවේ.

ශ්‍රී ලංකාව වෙනස් ක්‍රියාමාර්ගයක් අනුගමනය කලත්,  සෙසු රටවල් දේශීය වශයෙන් මෙම සම්මුතිය ඔවුනගේ රටවල අනුගත කිරීමේදී අනුගමනය කර ඇත්තේ මේ සිද්ධාන්තයයි.

ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වැනි දින සම්මුතියට ඇතුළත් විය.  

එහෙත්,  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ICCPR බැඳීම් ඒ වන විටත් දෙශියව අනුයුක්ත කර තිබුණි. උදා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාවේ (මින් ඉදිරියට වගන්තියේ) එන උප වගන්ති (උප ව්‍යවස්ථා) නවය –  14අ – 14එ.

14. (1) සෑම පුරවැසියෙකුටම – ((අ) භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස; () සාමකාමීව රැස්වීමේ නිදහස; () සමාගමයේ නිදහස; () වෘත්තීය සමිතියක් පිහිටුවීමට සහ සම්බන්ධ වීමට ඇති නිදහස; () තමා විසින්ම හෝ අන් අය සමඟ ඇසුරු කරමින් හෝ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම හෝ විශ්වාසය ප්‍රකාශ කිරීමට, \පිළිපැදීම සහ ඉගැන්වීමේ නිදහස; () තමාගේම සංස්කෘතිය භුක්ති විඳීමට සහා ප්‍රවර්ධනය කිරීමට සහ තමාගේම භාෂාව භාවිතා කිරීමට තමා විසින්ම හෝ අන් අය සමඟ එක්ව ඇති නිදහස; කතා කිරීමේ, රැස්වීම, ආශ්‍රය,  රැකියාව ; ( ) ඕනෑම නිත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, වෙළදාමක, ව්‍යාපාරයක හෝ ව්‍යවසායක තමා විසින්ම හෝ අන් අය සමඟ ඇසුරු කිරීමට ඇති නිදහස; (ඌ) ශ්‍රී  ලංකාව තුළ ගමන් කිරීමේ සහ ඔහුගේ අභිමත ස්ථානයක පදිංචිය තෝරා ගැනීමේ නිදහස; සහ (එ)  නැවත ශ්‍රී  ලංකාවට පැමිණීමේ නිදහස.

ශ්‍රී ලංකාව විසින් 1980 සම්මුතියේ වූ බැඳීම්, සම්මුතියට පෙර, ඉහත උප වගන්තිවලින් 1978 දී ලබා දී තිබේ.

සරළව කිවහොත්,  සම්මුතියේ සමහර ප්‍රධාන වගකීම්  දේශීයව ගොඩනැගු  ICCPR  පනතෙහි අතුරුදහන් වුවද,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 –  14  සහ 2016 සම්මත වූ 14 A   වගන්ති මගින්, සම්මුතියෙන් මතුවෙන, ශ්‍රී ලංකා රජය විසින් ජනතාව වෙත පෑ යුතු මානව හිමිකම් බැඳීම්, පැහැදිලිව ලබා දී තිබේ.

10 – 14සහ 14A  වගන්ති ඉතා බලවත් විධිවිධාන වේ. ඒවා ක්‍රියාත්මක වන්නේ ජනයාගේ ‘අයිතිවාසිකම් පනත්’ (Bill of Rights)  ලෙස බව කෙනෙකුට නිර්භවව පැවසිය හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා තම පුරවැසියන්ට මේ තරම් අයිතිවාසිකම් ප්‍රධානය කිරීම ගැන පුරසාරම් දෙඩිය හැකි රටවල් ලොව ඇත්තේ ඉතා ස්වල්පයකි. ඕස්ත්‍රේලියාවට තවමත් ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙවැනි  අයිතිවාසිකම් පිළිබඳ විශේෂිත අන්තර්ගත පනතක් (Bill of Rights) නොමැත.  ඒ වෙනුවට ඔවුන්ට ඇත්තේ වෙනම වූ මානව හිමිකම් පනත් මාලාවකි (5කි). ඇමරිකාවේ Bill of Rights පනතක් එහි ව්‍යවස්ථාවේ ඇත.

(ශ්‍රී ලංකාව ඕනෑවටත් වඩා ස්වකීය වැසියන්ට මූළික අයිතිවාසිකම්/මානව හිමිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ප්‍රධානය කර ඇතැයි  කියන පිරිසක්ද ඇත. අද මේවා කඩ වුයේ යයි කියා බොහෝ දෙනෙක් ගරු  ශ්‍රේෂ්ටාධිකරණය වෙත දිව යති. රජය සිය වැසියනට මේ නිසා වාර්ෂිකව ගෙවන වන්දි මුදල් ප්‍රමාණය අති මහත්ය. වැරදි කරන ලද රාජ්‍ය නිලධාරින්, විශේෂයෙන්ම පොලිස් නිලධාරින් බොහෝ දෙනෙක් මේ ක්‍රියාදාමයන් නිසා රැකියා අහිමිවීමට/ වීන්දිතයනට පෞද්ගලිකව වන්දි මුදල් ගෙවීමට සිදුවී ඇත).

මේ නයින් බලන කල ශ්‍රී ලංකාවට ICCPR  සම්මුතිය දේශීයව සම්මත කිරීමේ පනතක් ගෙන ඒමේ තේරුමක් නැතැයි යනුවෙන් කෙනෙකුට සාර්ථකව තර්ක කල හැක.

ශ්‍රී ලංකාවාසින් සම්මුතියේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් බොහොමයක් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා   භුක්ති විඳින වාරයේ, රජය 2007 දී    ICCPR  සම්මුති දේශීය පනත – (International Covenant on Civil and Political Rights (ICCPR) Act, No. 56 of 2007; (මින් ඉදිරියට, ICCPR දේශීය පනත)ගෙන ආවේ තම ආත්මාර්ථකාමී අභිප්‍රායන් ඉෂ්ට කර ගැනීම සඳහා කපටි චේතනාවෙන් යයි කිව හැක. ඒ පිළිබඳව පහතින් විග්‍රහ වේ.

සුක්ෂමව බැලු කල, දේශීය ICCPR  පනතේ මූලික අභිප්‍රාය බව පෙනෙන්නේ ඉතා දැඩි වාර්ගික/ආගමික අපවාදයෙහි යෙදී සිටින වුවන් පමණක් නොව ආණ්ඩුව අකමැති රටේ පුරවැසියන්ට ඒ හා සමාන (බොරු) චෝදනා එල්ල කර නඩු පවරා දඬුවම් දීමයි. පළවෙනි කාණ්ඩයට එරෙහිව නිතීය තදින් ක්‍රියාත්මක කිරීම අවශ්‍යය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ වගන්තියට යටත්ව ( පුරවැසියාගේ කථා  කිරීමේ – භාෂණයේ සහ ප්‍රකාශනයේ, නිදහස).

(ගරු ශ්‍රේෂ්ටාධිකරණයේ නිවැරදි නඩු තීන්දු අනුව, ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර සම්මුතිවලට එලම්භියත් ඒවා දේශීයව ක්‍රියාත්මක කිරීමට නම් එම සම්මුති අප රටේ පාර්ලිමේන්තුවේ පනත්  ලෙස නිත්‍යානුකූල ලෙස සම්මත විය යුතුයි. මෙම ICCPR දේශීය පනත රජය 2007දී ගෙන ආවේ ඒ නිසායි; නැත්නම් ICCPR ජාත්‍යාන්තර සම්මුතිය කෙලින්ම රටේ නිතීය බවට පත් විය හැකිව තිබුණි).

නීති සම්පාදනය කිරීමට රජයට සෑම ඉඩක්ම, හැකියාවක්ම ඇත. නමුත්, නව දේශීය ICCPR පනත, ජාත්‍යාන්තර සම්මුතියේ දේශීය අනුවාදය ලෙස නිරූපණය කර, එමගින් තම සැඟවුණු අභිමතාර්ථය ඉෂ්ට කරගැනීමේ තැත වැරදිය.  

නව දේශීය ICCPR පනතට සම්මුතියේ නම ලබා දීමෙන් තම සැඟවුණු චේතනාව මැනවින් ඉෂ්ට කර ගත හැකි වේ යයි  රජය අපේක්ෂා කල හැඩයි. තවද, ඒ මඟින් ජාත්‍යාන්තරය නොමඟ හරිය හැකි බව රජය දන්නා කරුණකි.

රජයක් පුද්ගලයෙකුට එරෙහිව දැඩි මානව හිමිකම් කඩකිරීම් සිදු කරන්නේ නම්, ජාත්‍යාන්තර ICCPR සම්මුතියේ වගකීම් කඩ කිරීම සම්බන්ධයෙන් එම රජයට එරෙහිව සිවිල් නීති ක්‍රියාමාර්ග ගෙන ඒමට අගතියට පත් පාර්ශ්වයට හැකි  බවයි ජාත්‍යාන්තර සම්මුතිය කියවීමේදී අවබෝධ වන්නේ.  නමුත් දේශීය ICCPR  පනතින් පුරවැසියන්ට/පුද්ගලයන්ට රජයට එරෙහිව නඩු පැවරීමේ එවැනි සහණ ක්‍රමයක්/යාන්ත්‍රනයක් ගැන නොදක්වයි.  කළින් කීවක් මෙන්, එයින් කරන්නේ රජයට පුරවැසියනට විරුද්ධව නඩු දමා දැඩි දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයකි.  

නමුත්, රජයේ ක්‍රියාවලීන් වලින් මානව හිමිකම් කඩවුවනට වෙනත් මාර්ග හරහා රජයෙන් වන්දි/සහන ඉල්ලා සිටිය හැක – උදා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 126 වැනි වගන්තිය මගින් ලබාදෙන  රජයට එරෙහිව මූළීක අයිතිවාසිකම් අයදුම්පතක්‌ ගෙන ඒමට පුරවැසියාට ඇති අයිතිය, අභියාචනාධිකරණයේදී  සාධාරණ රිට්‌ ආඥා සඳහා අයදුම් කිරීමට ඇති හැකියාව ආදිය.

පුද්ගලයනට ICCPR සම්මුතිය තමන්ගේ උපරිම, පුද්ගලික  ප්‍රයෝජනය සඳහා භාවිතා කළ හැකි බව නිදර්ශනය කිරීමට:

මෙම ලේඛකයා ICCPR සම්මුතිය භාවිතා කරමින් ඕස්ත්‍රේලියානු රජයට එරෙහිව 1997 දී ඕස්ත්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ පන්ති ක්‍රියා මාර්ග (class action)  2 ක් ආරම්භ කළේය. ඒවා  වුයේ:

ෆිලිප්  රඩොක් එදිරිව ගාමිණී වසන්ත ෆෙඩරල් උසාවියේ කැන්බරා රෙජිස්ත්‍රියේ) – පැමිණිලිකරුවන්සංඛ්‍යාව  ශ්‍රී ලාංකික  ජාතිකයන්  50ක් පමණ). මෙම කාරණය පසුව සිඩ්නි රෙජිස්ත්‍රිය  වෙත මාරු කරන ලදී.

ෆිලිප්  රඩොක් එදිරිව නෙයෝමාල් ප්‍රනාන්දු ෆෙඩරල් උසාවියේ  මෙල්බර්න් රෙජිස්ත්‍රියේ) – පැමිණිලිකරුවන් සංඛ්‍යාව,  ශ්‍රී ලාංකික පුරවැසියන්  150ක් පමණ).

පසුව, නඩු දෙකම එකකට ඒකාබද්ධ විය.

ඕස්ත්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නිකුත් කර තිබූ මානුෂීය වීසාබලපත්‍රය  එවකට ඕස්ත්‍රේලියානු (ලිබරල් ආණ්ඩුවේ) ආගමන අමාත්‍යවරයා වූ ෆිලිප්  රඩොක්  (Phillip Ruddock) විසින් අවලංගු කිරීම මත මෙම ක්‍රියාමාර්ගය මතු විය. එය 435 උප පංතියේ වීසා බලපත්‍රය විය.

වසර ගණනක් ඕස්ත්‍රේලියාවේ 435 විසා ඛාණ්ඩය යටතේ සිටී ශ්‍රී ලාංකිකයනට සති කිහිපයක් ඇතුළත ඕස්ත්‍රේලියාවෙන් පිටව යන ලෙසට රඩොක් අමාත්‍යවරයා නියෝගයක් 1997දී  නිකුත් කළේය .

435 subclass visa  යනු එවකට ශ්‍රී  ලංකාවේ පැවති ප්‍රචණ්ඩ සිවිල් යුද්ධ, විශේෂයෙන්ම  JVP කැරැල්ල හේතුවෙන් දින නියමයක් නොමැතිව ඕස්ත්‍රේලියාවේ රැඳී සිටීම සඳහා ඒ රටේ හෝව්ක් කම්කරු රජය විසින් ශ්‍රී  ලාංකිකයින්ට පමණක් නිකුත් කරන ලද සුවිශේෂ වීසා බලපත්‍රයකි. 1990  දශකයේ මුල් භාගයේ සංචාරකයන්,  සිසුන්, දෙමව්පියන්  සහ වෙනත් වීසා කිහිපයක් මත ඕස්ත්‍රේලියාවට  පැමිණි ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය නම්  435 උප පංතියේ වීසා බලපත්‍රය සඳහා අයදුම්පත් කිරීමට එම රජය අවසර ලබා දුණි. එය විශේෂිත විසා බලපත්‍රයක් වුයේ ඒ මඟින් අපේ අයට පුර්ණ ලෙස රැකියා කිරීමට  ලබා දුන් අවසරය සහ , Medicare සඳහා ලැබුණු හිමිකමයි.

මෙම රෙගුලාසියෙන් අසාධාරණයට ලක් වූ ශ්‍රී  ලාංකිකයන් මෙම ලේඛකයා වෙත යොමු විය.  435 උප පංතියේ වීසා බලපත්‍රය එක්වරම අවලංගු කිරීමෙන් ඕස්ත්‍රේලියානු රජය උප පංතියේ 435 වීසා දරන්නන්ට දැක්විය  යුතු වගකීම් කඩ කළ බවට චෝදනා කරමින් ඔහු ඕස්ත්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ අයදුම්පත් ගොනු  කළේය. ඕස්ත්‍රේලියාව එය අත්සන් කර ඇති ICCPR ජාත්‍යාන්තර සම්මුතියට පටහැනිව ක්‍රියා  කළේය යන චෝදනාව එමඟින් ඉතා දැඩිව (වෙනත් නිතීමය සාධකද ඇතුළුව) නැගිමී.

ඕස්ත්‍රේලියානු අධිකරණය මෙම ලේඛකයාගේ  අයදුම්පත් පිළිගත් අතර ඔහු  ඕස්ත්‍රේලියානු අධිකරණය ඉදිරියේ  එකී ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් බැරිස්ටර්වරයෙක් ලෙස වසර කිහිපයක් ඉතා  සාර්ථකව  කරුණු ඉදිරිපත් කළේය, තර්ක කළේය.

ශ්‍රී ලාංකිකයෝ සතුටු වූහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් ඕස්ත්‍රේලියාවේ පුරවැසියන්ව හොඳින් පදිංචි වී සිටිති.

මෙම නඩුව ඕස්ත්‍රේලියාවේ වැදගත් වන්නේ ආගමන නිතී පිළිබඳව එම රටේ මුල්ම පන්ති නඩුව (class action) වුයේ එය වීමයි. ඉන්පසු හතු පිපෙන්නාක් මෙන් එවන් නඩු ඕස්ත්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම පාහේ පැණ නැගුණි.

ICCPR  සම්මුතිය රටක ජීවත්වෙන පුද්ගලයන්ගේ ප්‍රයෝජනය සඳහා ක්‍රියාත්මක වන ආකාරය දැක්වීමට මෙය කදිම නිදර්ශනයකි.

2007 දී ශ්‍රී ලංකාව කළේ පුරවැසියන්ගේ මූළික අයිතීන්/මානව හිමිකම් ආරක්‍ෂා වන පරිද සම්මුති බැඳීම් සියල්ල කෙටුම්පත් කරනවා වෙනුවට වාර්ගික/ආගමික භේධ ඇති කරන්නේයයි යයි චෝදනා නැඟෙන ශ්‍රී ලාංකික  පුරවැසියන්ට එරෙහිව ඉතා තදබල සම්බාධක පැණවීමට කටයුතු කිරීමයි.

මෙම ජාත්‍යාන්තර සම්මුතිය සැලසුම් කර ඇත්තේ රාජ්‍යයන් විසින් ‘ යහපාලනය’ සිදු කරවීමටය;  ශ්‍රී ලංකාවේ දේශීය  ICCPR  පනත මූලික වශයෙන් කපටි ලෙස නිර්මාණය කර ඇත්තේ එය (පනත)  කඩ කරන පුරවැසියන්ට දැඩි දඬුවම් නියම කිරීම සඳහාය.

ICCPR  පනතේ යෝජකයින් තර්ක කරන්නේ   2007 දී රජය සම්මුතිය නිවැරදිව දේශීයව අනුගත  කළ බවයි; දේශීය ICCPR  පනතේ ප්‍රධාන විධිවිධානය වන  3 වන වගන්තිය බලාත්මක කිරීමට සම්මුතියේ 19 සහ 20 වගන්ති රජය විසින්  නිවැරදිව භාවිතා කරන ලද බවය.

මෙම ලියුම්කරු පවසන්නේ මෙම තර්කය  වැරදි බවයි:

පළමුව, සම්මුතියේ 20 වැනි වගන්තිය දේශීය ICCPR  පනතේ 3 වන වගන්තිය වේ.

දෙවනුව, සම්මුතියේ  19 වැනි වගන්තිය පනතේ  සම්මත කර ගෙන නොමැත.

දේශීය පනතේ 3 වන වගන්තිය පහත සඳහන් පරිදි කියැවේ –  කිසිම පුද්ගලයෙක් යුද්ධය ප්‍රචාරය කිරීම හෝ වෙනස් කොට සැලකීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වය සඳහා උසිගැන්වීමක් වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය වෙනුවෙන් පෙනී නොසිටිය යුතුය.

සටහන, සම්මුතියේ 20 වැනි වගන්තිය පුද්ගලයන්/පුරවැසියන් කෙරෙහි විශේෂයෙන් යොමු කර නැත.

මෙම 3 වන වගන්තිය (පනතේ) ඉහළ අපරාධ අංගයක් ගණයට ගැනේ.  මෙම වගන්තිය කඩ කරන පුද්ගලයන්ට වසර  10ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකිය. ස්ත්‍රී දුෂණ, වෙනත් ලිංගික අතවරවල  යෙදෙන අයෙකුට සිර දඬුවමක් ලෙස ලැබෙන්නේ වසර 7 – 20 දක්වා පමණක් වූ සිර දඬුවමකි. මේ නිසා රජය කෙනෙක්   වාර්ගික/ආගමික කරුණක් ගැන බොහෝ විට වාචිකව හෝ ලිඛිතව කරන වරදක් පනත යටතේ ඉතාම දැඩි දඬුවම් ලබන වරදක් ලෙස කෙටුම්පත් කර ඇති බව පැහැදිලිව පෙනෙන සත්‍යයකි.  මෙය සාධාරණ නොවේ.

ගොබෙල්ස් න්‍යාය අනුව නම් එම දැඩි දඬුවම සාධාරණ විය හැක.

මෙකී 3  වන වගන්තියට අනුව, එම පුද්ගලයා වරෙන්තුවක් නොමැතිව පොලිසියට  අත්අඩංගුවට ගත හැකි අතර ඇප ලබා දිය හැක්කේ මහාධිකරණයට පමණි, එයද සුවිශේෂී අවස්ථාවන්හිදී පමණි.

මෙය පැහැදිලිවම සම්මුතියට එරෙහි වූ  සම්මත කර ගැනීමකි.

සම්මුතියේ 19  සහ 20 වගන්ති සිවිල් (civil) ක්‍රියා  පටිපාටියට සම්බන්ධවේ  – සම්මුතිය කිසි විටෙකත් 19 සහ 20 වගන්ති කඩ කරන්නන්ට එරෙහිව (රාජ්‍යයන් – එහි සේවකයන්/ඒජන්තවරුන්) සාපරාධී සම්බාධක පැනවීමක් ගැන දක්වා නොමැත.

තම තමන්ගේ යටි අරමුණුවලට සරිලන පරිදි මේ තරම් නාටකාකාර ලෙස සම්මුතිය  පාවිච්චි  කර ගත් වෙනත් රටක් ගැන මෙම ලේඛකයා නොදනී.

 නැවතත්, මෙහිදී,  දේශීය පනත යටතේ,  සම්මුතිය තමන්ගේම මානව හිමිකම් හැසිරීම් නංවාලීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කරනවාට  වඩා,  රජය තම පුරවැසියන්ට සාපරාධී දඬුවම් කිරීමට, ඔවුන් දඩමීමා කිරීමට  එය භාවිතා කරයි.

ඉතිහාසගතව බැලීමේදී, ශ්‍රී  ලංකාව තුළ රජය තම නරක, යටි අරමුණ ඉටුකර ගැනීම සඳහා සම්මුතිය භාවිතා කර  ඇත – තමන් අකමැති අය දඩයම් කිරීමට.

ව්‍යවස්ථාදායකය විසින් නිත්‍යානුකූල ලෙස සම්මත කරන ලද පනත්/නිතී  අනුගමනය කිරීමට අපගේ අධිකරණ බැඳී සිටී.  මේ අනුව,  දේශීය ICCPR  පනත යටතේ වැරදි සිදු කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම, එම පනත අනුව වැරදි කරුවනට දඬුවම් දීම  සම්බන්ධයෙන් අප රටේ ගරු අධිකරණයට  කිසිකෙනෙකුට විවේචනය කළ නොහැක.  මේ අවස්ථාවේ දී ගරු අධිකරණය මුළුමනින්ම  නිර්දෝෂී ය.

දේශීය ICCPR පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩු තිබේ, ලේඛකයා ඒවායේ කුසලතා මෙහිදී සාකච්ඡා කිරීමට කිසිසේත් අපේක්ෂා  නොකරයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) උප ව්‍යවස්ථාවේ පුරවැසියාගේ කතා කිරීමේ නිදහස පිළිබඳ ඉතා පැහැදිලිව දක්වා ඇත. දේශීය ICCPR  පනත (3 වන වගන්තිය) මේ වගන්තිය  සමඟ ගැටෙන බව පෙනේ.  එවැනි තත්වයක් තුළ 14 (අ) වගන්තිය (භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස) දේශීය ICCPR  පනතේ විධිවිධානයට වඩා බලවත්ව නැගී සිටීයි. මෙය ICCPR චූදිතයනට මහත් සහණයකි.

ඇත්ත වශයෙන්ම  ආගම් සහ මහා ආගමික නායකයින් හෑල්ලු කිරීමට කිසිවෙකුට නිදහසක් ලබා දිය යුතු නැත. රජයේ යුතුකම වන්නේ එවැනි වැරදි කරන අයට නඩු පැවරීමට විශේෂ නීති පැනවීමයි. ඒවා නම් අපහාස නීතී සහ ආගමික අන්තවාදයට එරෙහි නිතී (blasphemy laws).  අපට දැනටමත් සමහරක් මෙවැනි නිතී තිබේ. උදා, අපරාධ නීති සංග්‍රහයේ  291A සහ    B වගන්ති කිහිපයක් සඳහන්කල හැකියි.

යම් පුද්ගලයෙක්  සමාජ මාධ්‍ය භාවිතා කරමින්  තවත් කෙනෙකුට එරෙහිව නිරන්තරයෙන් අපිරිසිඳු,  අසභ්‍ය වචන (කුණුහරුප)  ප්‍රකාශ කරන්නේ නම් එය  නින්දිත ක්‍රියාවකි. මුළු සමාජයම ඒ පුද්ගලයා හෙළා දැකිය යුතුයි,  ඒ පිළිබඳව සමාජය ‘කුලප්පු’ විය  යුතුයි.

නමුත්,  ඔහු/ඇය වාර්ගික/ආගමික අසමගිය ඇති කිරීමට කිසිවක් කර නොමැති නම්, ICCPR පනතේ 3 වැනි වගන්තිය යටතේ ඔහුට/ඇයට චෝදනා නගන්නේ කෙසේද?  

ඒවා කෙනෙක් සිපිරි ගෙයට යැවීමට තරම් බරපතළ වැරදි නොවේ.  ඔහුට/ඇයට පොදු නීතියේ මහජන පීඩා උල්ලංඝනය කිරීම (public nuisance)  යටතේ චෝදනා එල්ල කළ  හැක.  අගතියට පත් පුද්ගලයින්ට ඔහුට/ඇයටවිරුද්ධව  සිවිල් අපහාසයක් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය.

දේශීය ICCPR පනතේ 3  වැනි වගන්තිය ශ්‍රී  ලංකාව තුළ සාපරාධී අපහාස චෝදනාව නැවත (යළි) හඳුන්වා දීමක්ද? රජය එළිපිට පැමිණ පැහැදිලි කළ යුතුයි.

මෙවැනි අවාසනාවන්තයින් සිරගෙට යැවීමටවඩා,  මානසික සෞඛය  ප්‍රතිකාර සඳහා සරණාගථාගාරයකට අනුයුක්ත කළ යුතුය.

පසුගිය වසර 30 තුළ සිංහල බෞද්ධයෙකුට තමන්ගේ යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට නැගී සිටීම එන්න එන්නම දුෂ්කර වී ඇත.  ‘සිංහල බෞද්ධ අයිතීන්’  යන  වචන මේ රටේ යම් තරමකට තහනම් වචන බවට පත්වී ඇද්ද?

 බෙදුම්වාදී දෙමළමන්ත්‍රීවරුන්/සමහර දෙමළ දේශපාලකයන් /සමහර දෙමළ ඩයස්පෝරාව – බටහිර රටවල සිටින විට පමණක් නොව ශ්‍රී  ලංකාව තුළද බොහෝ වාර්ගික/ආගමික  වෛරය ප්‍රචාරය කරයි.

 මේ අය දිගින් දිගටම අන්ත ජාතිවාදී ප්‍රකාශ කරන අතර බරපතළ ජාතිවාදී ක්‍රියාවල නිරත වෙත්.  එවැනි හැසිරීම් පිළිබඳ ලේඛනයක් ලේඛකයා සතුව ඇත.

ඔවුන් ධනාත්මක ජනවාර්ගික සබඳතා පෝෂණය කිරීමට මේ රටේ ඇති ප්‍රධානතම  බාධාව වේ.  උතුරු නැඟෙනහිර පුරාණ බෞද්ධ විහාරස්ථානවලට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පවා වැඩම කිරීම දැන් ඔවුන් තහනම් කර ඇත.  උතුරු නැඟෙනහිර ප්‍රදේශවල බෞද්ධ පුරාවස්තු විනාශ වීම නිරන්තරයෙන් සිදුවේ.

මෙම ලේඛකයාගේ දැනුමට අනුව,  පසුගිය කාලය තුළ,  මෙම ජාතිවාදී  වැරදිකරුවන් සැලකිය යුතු කාලයක් දේශීය   ICCPR පනත යටතේ හෝ වෙනත් නීතියක් යටතේ  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර නොමැත. ඔහුගේ එම විශ්වාසය වැරදි නම් එය පිළිගැනීමට ඔහු සුදානම්ය.

උතුරේ සහ නැඟෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශවල පදිංචි වීමේ අයිතිය සිංහළයන්ට අහිමි කර ඇත.  මූළීක වශයෙන්  සිංහළයන් සීමා වී ඇත්තේ මෙම කුඩා දිවයිනේ (භූමි ප්‍රමාණය  2/3ක් පමණ) පළාත් 7කට)පමණි.  මෙය දෙමළ හා මුස්ලිම් ජාතීන්ට මෙන්  සිංහල ජාතියට  ව්‍යාප්ති වීමට බාධකයකි.  

මේ රටේ සිංහළ ජනගහනය අඩු වෙමින් පැවතෙන බව සියළු දෙනා දන්නා රහසකි.

දෙමළ සහ මුස්ලිම් ජනතාවට තමන් කැමති ඕනෑම තැනක ජීවත් විය හැකියි. මෙය හරිය; මෙම ලේඛකයා එය විවේචනය නොකරයි. .

නමුත්, එම අයිතියම සිංහළයාට ද සතු විය යුතුය.

රටේ සෙසු ජාතීනට කෙසේ වෙතත් මහත් ව්‍යසනයකදී සිංහළයාව භාර ගැනීමට ලොව වෙනත් කිසිම රටක් නැත. ඔවුන් ශ්‍රී ලංකාවෙන්ම පැන නැගුවෝ වෙත් (indiginous people).

උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල ඉඩම් මිලදී ගැනීමෙන් සිංහළයන් සූක්ෂම ලෙස  වළක්වනවා පමණක් නොව, බදු පදනම මත ඉඩම් ලබා ගැනීමට  පවා ඔවුනට නොහැකි තත්ත්වයක් පවතී.  අද ශ්‍රී  ලංකාවේ විශාලතම මානව හිමිකම් කඩවීම මෙයයි.

සිංහළයා උතුරේ පදිංචි වීම වැලැක්වීම සඳහා නොකරන දෙයක් නැති උතුරේ රාජ්‍ය නිලධාරීන් වෙත්.

උතුරේ සමහර සිංහළ ගම් වල ද්‍රවිඩ ජනයා ගෙනැවිත් පදිංචි කිරීමට/ සිංහළයන් එම ගම් වලින් ඉවත් කිරීමට ඔවුන් නොකරණ දෙයක් නොමැත.

මෙය අන් ජාතීන් සමඟ සැසඳීමේදී සිංහලයනට වෙනස් කොට සැලකීමකී. දේශීය  – ICCPR පනතේ 3 වැනි වගන්තිය තදබල  වශයෙන් උල්ලංඝනය කිරීමකි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ඌ වගන්තිය උල්ලංඝනය කිරීමකි (ශ්‍රී  ලංකාව තුළ ගමන් කිරීමේ සහ පුද්ගලයාග්  අභිමත ස්ථානයක පදිංචිය තෝරා ගැනීමේ නිදහස).   

එය සම්ප්‍රදායික ජාත්‍යාන්තර නීතියටද (Customary International Law) පටහැණි වීමකි.

කිසිවෙකු මේ ගැන කතා කිරීමට එඩිතර නොවේ;  මහා සංඝරත්නය පවා. සැම මේ  ගැන ප්‍රදර්ශනය කරනුයේ පුදුම නිහැඬියාවැකි.  මෙයට එක් හේතුවක් වන්නේ කලින් සඳහන් කළ පරිදි සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සමකාලීන ශ්‍රී  ලංකාව තුළ යම් තරමකට තහනම් දෙයක් වීමයි.  එවැනි පුද්ගලයන් සමහර විට සිංහලයන් විසින්ම පහත් කොට හෙළා දකී,  සුවිශේෂයෙන්ම සමාජ මාධ්‍යයන්හි.

දේශීය ICCPR පනතක්‍රියාත්මක වී රජය ඔවුන්ව දඩයම් කරනු ඇතැයි ජනතාව නිරන්තර බියෙන් පසුවෙත්. මෙය රටකට හොඳ දෙයක් නොවේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව ආසියාවේ මුල්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වූ රටක් බව මුළු ලොවම දන්නා නිසා.

දේශීය ICCPR පනත යටතේ සහ වෙනත් නීති යටතේ සිංහළ  ක්‍රියාකාරීන් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගත් උදාහරණ තිබේ.

පසුගිය වසර 30 තුළ සිංහල බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම මර්ධනය විශාල ලෙස වර්ධනය වූයේ රට පාලනය කළ දේශපාලකයන්ට සහ දැනට රටේ තිබෙන බොහෝවිද්‍යුත් මාධ්‍යවලට ප්‍රධාන ලෙස  පින්සිදු වන්නටය.  මේ වන විට සමාජ මාධ්‍යද මේ මැන්ටලය කර තබා ගෙන යයි.  බෞද්ධ භික්ෂූන් වහන්සේලා  ඔවුන් නිරන්තරයෙන් හඳුන්වනු ලබන්ණේ ‘Yellow Pets හෝ Yellow Pests’ යනුවෙනි.

ඉදිරියට පැමිණ සිංහළ, බෞද්ධ ප්‍රශ්ණ ගැන කථා කල බොහෝ එඩිතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඊනියා සමාජමාධ්‍ය වේදීන් විසින් විවිධ උපක්‍රම යොදා නිහඬ කර ඇත.

නමුත්,  බුද්ධාගම ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අප සතුව ඇති බව නම් අප ආඩම්බරයෙන් සැම විට  ප්‍රකාශ කර සිටිමු!

‘සිංහළ’ සහ ‘බුද්ධාගම’ ගැන සිතා මතා ම ගොඩනැගෙමින් පවතින අයහපත් හැඟීම නිසා අපේ ශ්‍රේෂ්ට  සිංහළ  සංස්කෘතියෙන්, , සාරධර්මවලින්,  චර්යාවලින් සහ බෞද්ධ ඉගැන්වීම්/අධ්‍යාපනයෙන් ළමයින් හා තරුණ පිරිස් දිගින් දිගටම ඈත් වෙමින් පවතී.  ඔවුන් විශාල වශයෙන් වෙනත් සංස්කෘතීන් සහ ආගම් වෙත වේගයෙන් ආකර්ෂණය වෙමින් යයි.  හොඳම  උදාහරණයක් නම්  මේ රටේ ඉවැන්ජලිකල්/පෙන්ටකෝස්ටල්  කණ්ඩායම් වල පුදුමාකාර ලෙස වන  නැඟීම්ය.  

සිංහල ජාතිය විශේෂයෙන් සිංහළ බෞද්ධයා පල්ළම් බැසීම පුදුමයක් නොවේ.  එය මිය යන ජාතියක් නොවේ, නමුත් නිසැකවම මෙම 21 වන සියවස තුළ මෙම භූමියේ සුළුතරයක් බවට ඔවුන් පත්වනු ඇත.

ethos8@bigpond.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress