සත්‍ය ධර්මය 2 – සත්‍ය ධර්මය විවර විය – තවදුරටත් (පාඨක ප්‍රතිචාර)
Posted on October 5th, 2023

තිස්ස ගුණතිලක

සත්‍ය ඤාණය පිලිබදව ඉදිරි ලිපිය තුලින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වුවත් පසුගිය ලිපියේ (සත්‍ය ධර්මය 1) පලවූ ඇතැම් කරුණු පිලිබඳව ප්‍රශ්ණ ඇතිවූබවක් විද්යුත් තැපෑල් (eMail) මගින් පාඨකයින්/හිතවතුන් දන්වා සිටි නිසා එම කරුනු පැහැදිලි කරනුවස්‍ මෙම ලිපිය වෙන් කරමි.

බුදුන්වහන්සේ නිවනට මාර්ගය ලෙස බොජ්ජංගය හරහා කලයුතු ‘සම්පූර්ණ අතහැරීම’ (total detachment) තුල ඇතිවන ප්‍රීතිය (ultimate happiness) හා පස්සද්ධිය (නිත්‍යව ආතතියක් නැති ස්වාභාවය – clamness) එකම මාර්ගය බව බොහෝ දෙනෙක් අවිවාදයෙන් පිලිගෙන ඇති බව පෙනෙයි.

නමුත් නිවනේ ස්වභාවය පැහැදිලි කිරීමේදි තරමක් ගැටළුකාරි තත්වයක් හටගෙන ඇතිබව සමහර ප්‍රතිචාර වලින් පෙනෙයි.

මෙහිදී ස්වභාවධර්මය නැතහොත් අනාත්මීය භාහිරය හා බද්ධවන අවස්ථාව නිවන යයි අර්ථ දැක්වීමත්, එම අවස්ථාවට (නිවනට) පත්වනවිට ‘සිහිය’ යේ දියුනු අවස්ථාවක්වන ‘ප්‍රඥාවට’ එම තත්වය හසුවනබවත්, එවිට ‘වෙනත් මානයකට’ ඇතුළුවූවාක් මෙන් දැනෙන ස්වභාවයත් පිළිබද ගැටළු මතුකර තිබිනි.

ප්‍රසාදය තුල සෑමවිටම ඇතිවන ප්‍රසාද සංඥා ධාරා තුන

සෑම අරමුණක්ම ප්‍රසාදවන අවස්ථාවේ සංඥා ධාරා තුනක්* ඇතිවෙයි (lankaweb අඩවියේ පලවූ ‘ස්කන්ධයේ උදය-වය දකින ආකාරය ලිපි පෙල කරුනාකර කියවන්න). 

භාහිරයේ පවතින රූපයක (වර්ණ රූප, ශබ්ද රූප ආදිය) ප්‍රතිබිම්භය රුගෙන එන තරංගය (අංශු කම්පනය)  පංචේන්ද්‍රිය හා ස්පර්ෂවීමෙන් ස්කන්ධ ක්‍රියාවලිය ඇරඹෙයි.

අංශු තරංගයේ වේගයත්, ඉංද්‍රිය පද්ධතියේ නිරතුරුවම පවතින ‘ඇතිවන නැතිවන විපරිනාම’ වන වේගයත් අතර වෙනස නිසා මෙම ගැටීමේ (ස්පර්ෂයේ) ප්‍රතිඵලය ලෙස සංඥා ප්‍රසාද ධාරා තුනක් ඇතිවෙයි. 

  1. (විඤ්ඤාණ මායාව ඇති කරන) උදය නොහොත් සමුදය ප්‍රසාද සංඥා ධාරාව, 
  2. නිබ්බිදාව නොහොත් ‘බොල්’ ප්‍රසාද සංඥා ධාරාව හා
  3. ප්‍රභාශ්වරය නොහොත් වය ප්‍රසාද සංඥා ධාරාව යනුවෙනි.

භද්දෙකරත්ත හා සබ්බාසව සූත්‍ර දේශනාවල මෙම ක්‍රියාවලිය බුදුන්වහන්සේ මනාව පෙන්වා දී ඇත. (note: සිංහල පරිවර්තනයේ ඇති ගැටළුකාරි ස්වභාවය තරමක් ව්‍යාකූලය).

මෙම ප්‍රසාද සංඥා ධාරා තුනම සෑම සිතිවිල්ලකම නිරතුරුවම (inherently) පවතිනමුත් අපට පහසුවෙන් හසුවන්නේ උදය ප්‍රසාද ධාරාවයි. එය උපාදානවන, භවය සකස්කරන, මම ඇතිවන, ඒ නිසා දුක ඇතිවන ප්‍රසාද ධාරාවයි.

බොජ්ජංග හරහා ලබන සැහැල්ලුව

උපන් දා සිට මේ මොහොත දක්වා (සසර පුරා) අශ්‍රැතවත් පෘථග්ජනයා හා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා යන දෙදෙනාම උදය ප්‍රසාද ධාරාවේ සිරකරුවන් (lock) වී දුකම අත්විඳිමින් සිටියි. 

note: අශ්‍රැතවත් පෘථග්ජනයා තමා උදය ප්‍රසාද ධාරාවේ සිරකරුවෙක් බවවත් සසර පුරාවට විඳින්නේ දුකක් බවවත් නොදනී. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඉහත කරුනු අවබෝධ කරගෙන එයින් මිදෙන මාර්ගය ගවේෂණය කරමින් පසුවෙයි. යෝගාවචරයා දුකෙන් මිදීමට විපස්සනාව වඩයි.

උදය ප්‍රසාද ධාරාවේ සිරවී සිටිමෙන් මිදී තමාතුල පවතින වය ප්‍රසාද ධාරාව අල්ලා ගැනිම බුදුන්වහන්සේ බාහිය දාරුචීරියට දෙසූ ධර්මයයි. ‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති……’

එසේනම් උදය ප්‍රසාද ධාරාවේ සිරවී සිටින ඔබ එයින් එලියට ඒන ක්‍රමවේදය සද්ධර්මයයි. බුදුන්වහන්සේ දේශනාකලේ එම සද්ධර්මයයි.

අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මුළු ජීවිත කාලයක් පුරාම සංකාර, විඤ්ඤාණ, චිත්ත රූප, සලායකන, තන්හා, උපාදාන, භව, ජාති හා දුක යන සිතුවිලි ස්තරවලබරදරමින් කෙලෙස් තර කරමින් (burden of layers cumulating sorrow) සිටී. 

මෙම බර‘ (burden) සැහැල්ලුව (calmness) නිවනයි. එය සිහියට (ප්‍රඥාවට) දැනේ. දැනෙන්නේ ජිවිත කාලයක් තුල ඔසවාගෙන ආ බරක් සැහැල්ලු වූවාක්‍ මෙනි. ‘වෙනත් මානයකට’ ඇතුළු වුවාක් සේ දැනෙන්නේ මෙම බොජ්ජංග හරහා ලබාගන්නා සැහැල්ලුවයි.

ස්වභාවය හා බද්ධවීම නිවනයි

අර්හත් භාවය නැතහොත් නිවනට පැමිනුන විට සිදුවන එකම වෙනස ජීවිත කාලයක් පුරාවට ඔබ එකතුකරමින් රුගෙන ආ කෙලෙස් කන්දෙන් නිදහස් වීමයි (සිරවී සිටි උදය නැතහොත් සමුදය ප්‍රසාද ධාරාවෙන් මිදීමයි). නිවන් දැක්කත් ඔබ තවමත් සිටිනා ස්ථානයේමයි. ඔබ වෙනදා මෙන් කටයුතු කරයි. වෙනදා මෙන් දිට්ඨ සුත මුත විඤ්ඤාත වෙයි. කිසිම වෙනසක් භෞතිකව සිදුනොවේ. ඔබට සිදුවන්නේ සිටින තැනම ‘ස්ථාන මාරුවක්’ පමනි. ඔබ සිටිනා තැනම ඇත්තේ ස්ථාන දෙකක් පමනි. එනම් විඤ්ඤාණ මායාවට හසුවූ ‘සම්මතයත්’, විඤ්ඤාණ මායාවට හසුනොවූ  ‘භාහිරයත් (ස්වභාවධර්මයත්)’ පමනි. සම්මතයේ සිරවී සිටිනා ‘ඔබ’ නිවන් දකිනාවිට අනාත්මීය භාහිරයට මාරුවී එහි පිහිටා සිටී නැතහොත් ‘බද්ධ’ වෙයි.

සිහියට හසුවන නිවන

පට්ච්චසමුප්පාදයේ සිදුවන සංඥා විපරියාසයේ (transformation of perception) සංකාර, විඤ්ඤාණ දැනුම, චිත්ත රෑප, සලායතන, උපාදාන ආදි සියළුම අවස්ථා සනිටුහන්වන්නේ (register) සිහියෙහිය.

එනම් අරමුණ බැසගන්නා අවස්ථාව (උපාදානය) ඇතුළු භවය සකස්වන, මම ඇතිවන, දුක ඇතිවීම, කෙලෙස් එකතුවීම ආදි සියළුම අවස්ථා ‘සිහිය’ට හසුවන්නේ නම් ඒවා නැති අවස්ථාව වන ‘වය නොහොත් නිරෝධ’ අවස්ථාවද ‘සිහිය’ට හසුවිය යුතූය. සිහිය නැතහොත් එහි වඩා සංවර්ධනයවූ (developed) ප්‍රඥාව නැමති අවස්ථාවට නිවන හසුවන්නේය යනුවෙන් lankaweb අඩවියේ පසුගිය දා පලවූ ‘සත්‍ය ධර්මය 1’ ලිපියේ සඳහන් වන්නේ එම සංසිද්ධියයි.

tgunite@tpg.com.au

තෙරුවන් සරණයි.

තිස්ස ගුණතිලක

2023 ඔක්තොබර් 06 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress