ආණ්ඩුව විකුණන ආයතන මිලදී ගන්න ජනතා පොදු සමාගමක් බිහිවෙයි
Posted on October 29th, 2023

Courtesy LankaLeader

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒවා විදේශියන් අතට පත්වීම වැළැක්වීම සඳහා, එම ආයතන මිලදී ගැනීමට ශ්‍රී ලාංකික ‘ජනතා සමාගමක්’ පිහිටුවීමේ සමාරම්භක උත්සවය අද (27 දා) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී. – ගොඩනැගිල්ලේ ජැස්මින් ශාලාවේ පැවැත්විණි.

එය නම්කර තිබුනේ Treasure Treasure Republic Guardians ලෙස ය.

උත්සව සභාව අමතමින් මෙහිදී නයෝමා සේනාරත්න මහත්මිය පැවසුවේ  අරගලවල ප්‍රතිඵලයක් ලෙස බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදුකළ පළමු කතාවේ දීම අලාභ ලබන ආයතන විකුණන බවට සඳහන් කළ බවත්, ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගම එහි පළමු ආයතන බව ප්‍රකාශ කළ බවත්ය.

එම ප්‍රකාශය බොහෝ සෙයින් වැරදි ප්‍රකාශයක් බවද, අවුරුදු 40කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය රටට විශාල සේවයක් කළ බවද ඇය  මෙහිදී පැවසුවාය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුම පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්‍ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු මැති ඇමැතිවරුන් 30 කට වඩා වැඩි පිරිසක් ද ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයේ අධිපති කුලතුංග රාජපක්‍ෂ, පැලවත්ත කිරිපිටි සමාගමේ අධිපති ආරියශීල වික්‍රමනායක, නේචර් සීක්‍රට් සමූහ ව්‍යාපාරයේ අධිපති සමන්ත කුමාරසිංහ, අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ඇතුළු මහා සංඝරත්නය, විද්වතුන් සහ ජාතික සංවිධාන නියෝජිතයන් මේ සඳහා ආරාධනා ලැබ තිබිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress