දකුණු ඉන්දියාවෙන් උතුරට එන මගී නැව්
Posted on November 17th, 2023

චානක බණ්ඩාරගේ

දැන් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් සිට උතුරේ කන්කසන්තුරේ දක්වා නාවික මගී ප්‍රවහාන සේවයක් ආරම්භ කර තිබේ.  දැනට පවත්නා අයහපත් මෝසම් කාලගුණ තත්ත්වය නිසා එය නවත්වා ඇතත් ලබන ජනවාරි මස සිට එය නැවත ආරම්භ වන බව ඉන්දියාව පවසයි.

මෙවැනි නාවික ප්‍රවාහන සේවයක් ඇරම්හීම ඉතාම හොඳ දෙයක් බව බොහෝ දෙනා පවසයි. ඉන් ශ්‍රී ලංකාවට ආර්ථික වාසි ලැබෙන බව නොරහසකි.

මෙම ලිපියෙන් අදහස් කරන්නේ මෙකී නාවික ප්‍රවහාන සේවයක් නිසා ජාතික ආරක්ෂාවට සහ රටේ භෞමික අඛණ්ඩතාවයට ඇති විය හැකි විපත් ගැන සාකච්චා කිරීමයි.

20 වෙනි ශත වර්ෂය පුරාවටම – 1964 සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම අත්සන් කරන තුරු පමණ, විශාල වශයෙන් කල්ලතෝනින් (තමිල්නාඩුවේ සිට හොරට ශ්‍රී ලංකාවට ආ සංක්‍රමනිකයෝ) ශ්‍රී ලංකාවට  පැමිණියහ. ඔවුන්ගෙන් සමහරෙක් කොළඹ ඉතා දක්ෂ දක්ෂ, නම ගිය ව්‍යාපාරිකයන් බවට පත් වුහ.  ප්‍රභාකරන්ගේ පියාත් කල්ලතෝනියෙක් ලෙස බෝට්ටුවෙන් විත්, පීනා, මෙරටට පැමිණියෙකු  බව පැවසේ.  ඔහු පැමිණියේ කේරලයේ සිටය. ප්‍රභාකරන්ගේ පියාගේ සොහොයුරියක් සහ ප්‍රභාකරන්ගේ සොහොයුරියක්/වෙනත් වීවිධ ඥාතීන් අදත් කේරලයේ ජීවත්වන බවට වන කථා ඇත.  

යුද්ධයෙන් පසු ඉන්දීය ධීවරයන් විශාල ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ ධීවර සම්පත් කොල්ල කෑමට පටන් ගතී. ඔවුන් මුහුද පත්ලද හාරා මෙන් අපේ ධීවර සම්පත් රැගෙන ගියහ.

මේවා අදද සිදුවේ?

ඉන්දීය ධීවරයන් විලාශයෙන් කල්ලතෝනින් අදත් උතුරෙන් මෙරටට ගොඩ බසින බවට ප්‍රවෘති වාර්ථා පලවී තිබණි. සිංහල වචනයක් වත් කථා කල නොහැකි ද්‍රවිඩ අය කොළඹ පිටකොටුව, වැල්ලවත්හ, දෙහිවල, කොටහේන, මට්ටක්කුලිය, මෝදර  වැනි ප්‍රදේශවල ඇති බවට පවසන්නෝ වෙත්. මේ අය ශ්‍රී ලංකාවේ උපන් අය නම් මෙසේ වීම ඉතා උගහටය. මේ අය අතර කල්ලතෝනින් සිටිය නොහැකිද?

දැනට විසා නොමතිව හොරෙන් ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානුවන් (වැඩි දෙනෙක් තම්ල්නාඩුවෙන් පැමිණී අය) ගණන කීයද? මේ සම්බන්ධ නිවැරදි සංඛ්‍යා ලේඛන රජය නොසතු බවයි අපගේ මතය.

යුද්ධය නිසා උතුරේ වැසියන් බොහෝ දෙනෙක් මිය ගියහ. බොහෝ දෙනෙක් මෙරට අත්හැර ගියහ – විදේශගත වූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්පෝරා ප්‍රජාව ලක්ෂ 20ක් පමණ වේ යයි අනුමාන වේ. මේ නිසා මේ රටේ ද්‍රවිඩ ජාතීන්ගේ අඩුවක් තිබිය යුතුය. නමුත් අදත්, ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනගහනය මුළු ජනගහනයෙන්  20%ක් හෝ ඊට වැඩි  ප්‍රමාණයක් ඉක්මවා පවතින බව සතුටින් දක්වමු (ශ්‍රී ලාංකික ද්‍රවිඩ සහ ඉන්දීය ද්‍රවිඩ).

මෙකී නව ඉන්දියානු මගී ප්‍රවාහන සේවය නිසා කල්ලතෝනින්ට පහසුවෙන් මෙරටට ඒමට අවස්ථාවන් උදා වේද?

අද ශ්‍රී ලංකාව ආර්ථික අතින් පහලටම වැටී ඇති නිසාත් ඉන්දියාව, තමිල්නාඩුවද ඇතුළුව, ඒ අංශයෙන් උසස් දියුණුවක් ලබා තිබෙන නිසාත්, කල්ලතෝනින් දැන් ශ්‍රී ලංකාවට පැමිණේය යන කථාවේ පලයක් නැතැයි කෙනෙකුට තර්ක කල හැක. නමුත්, ඉන්දියාව වැනි ඉතාම අධි ජනගහනයක් ඇති රටක (බිලියන 1.4) මායිමේ සිටින අප වැනි සුන්දර රටකට මේ අනීතික ආගමන තර්ජනය සැමදා බලපානු ඇත. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය තවමත් කෝටි 2.2කි. තමිල්නාඩුවේ ජනගහනය කෝටි 7කට ආසන්නය; කේරලයේ ජනගහනය කෝටි 2ට ආසන්නය.

ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්ගේ ඥාතීන්/මිතුරන්  විශාල පමණින් දකුණු ඉන්දියාවේ සිටිත්.

එස් තොන්ඩමන් මහතා උපන්නේද තමිල්නාඩුවේය (1913දී  චෙන්නායි නගරය ආසන්නයේ  පිහිටී M පුදූර්  ගමේය). අද අපේ  නැගෙනහිර ආණ්ඩුකාරතුමා උපත ලබා ඇත්තෙත් තමිල්නාඩුවේ යයි කියත්.

තමිල්නාඩුවේ/කේරලයේ ඇතැමෙකුට බෝට්ටුවක නැගී මෙහි ඒම සුළු දෙයකි.  ඒවාට උඩ ගෙඩි දෙන බෙදුම්වාදීන් ඕනෑ තරම් මෙහි ඇත.

දැන් රජයන් මඟින් බෝට්ටු සේවයක් පවත්වා ගෙන යන බැවින් මේ කාර්යය ‘ නිත්‍යානුකූල’ලෙස සිදු කර ගැනීමට පුළුවණ. කන්කසන්තුරේ වරායේ ආගමන නිලධාරින් සිටියද දෙරටම කූට, වංචා, අසත්‍ය ලිපි ලේඛන සෑදීම පිළිබඳව නම් දැරූ රටවල් බව අප අමතක නොකළ යුතුය.

තත්ත්වය වඩාත් භයානක වනුයේ ඉන්දියානුවන්ට විසා නොමැතිව මෙරටට පැමිණීමට (‘ඔන් අරයිවල්’ ක්‍රමයට) ක්‍රමවේදයක් ඉතා මෑතක සිට රජය සලසා දීමට යන බවට වාර්ථා තිබුණි.  මේ නිසා කල්ලතෝනීන්ට ‘වක්කඩ කැඩුවාක් මෙන්’  මෙහි ඒමට වාතාවරණයක් අප සලසා දීද?

මෙසේ එන අය ආපසු ඉන්දියාවට යන්නේද යන්න සොයා බැලීම පරිගණක තාක්ෂණයෙන් ඉතා පහසුවෙන් පිරික්සිය හැක. හොරෙන් මෙහි රැඳී සිටින්නන් ඇල්ලීමට සහ  මෙරටින් පිටුවහල් කිරීමට ක්‍රමවත් ක්‍රියාමාර්ගයන් තිබිය යුතුය.

නැවතත්, අද ශ්‍රී ලංකාවේ විසා නැතුව සිටින ඉන්දියානුවන් (සහ චීන ජාතිකයන්) සංඛ්‍යාව කවරේද? මේ අය අල්ලා නැවත ඉන්දියාවට, (චීනයට) පිටත් කර යැවීමට රජයන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද?

ඉන්දීය සංචාරකයන් මෙහි ගෙන්වා ගැනීමේ උවමනාව රජයට බොහෝ තිබුනත් ඒ නිසා රටේ ආරක්ෂාවට අහිතකර වූ ක්‍රියාමාර්ග වැළකීම වස් සියලු ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමයි.

මේ රටේ කෙනෙකුට ඉන්දියාවට යාමට විසාවක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. බොහෝ දෙනෙකුගේ විසා අයදුම්පත් නිෂ්ප්‍රභා වේ. මේ ගැන රජය ඉන්දියාව සමඟ සාකච්චා කළ යුතු නොවේද?

විශේෂයෙන්ම ඉන්දියානුවන් සඳහා ද ඇමරිකානුවන්, එංගලන්ත ජාතිකයන්, ඕස්ත්‍රේලියානුවන් වෙනුවන් ලබාදී තිබෙන අති සුවිශේෂී, උසස්ම  ‘ඔන් අරයිවල්’ විසා ක්‍රමය ලබාදීම හෝ ලබාදීමට යාම නිසා.

ETA විසාවට අයැදුම් කර එය සම්මත වූ පසු ඉන්දියානුවන් මේ රටට පැමිණිය යුතුය. ‘වක්කඩ’ නොකඩා එය ආරක්ෂා කරගැනීම රජයේ යුතුකමයි.

කන්කසන්තුරේ වරාය විවෘත කිරීම මඳක් ප්‍රමාද වනවිට ගරු රාසමානික්කම් මන්ත්‍රීවරයා පාර්ලිමෙන්තුව්දී ඒ ගැන රජයට තදින් දොස් නැගීය. ඔහු පැවසුවේ තමිල්නාඩුවේ අනාථ කඳවුරු වල ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ලක්ෂ 1 ½ක්  සිටින බවත් ඒ අයට ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙම බෝට්ටු ප්‍රවාහන සේවය පටන් ගත යුතු බවත්ය. මෙපමණ කාලයක් ඔවුහු එහි පොල් ගෑහද?

එම කථාව සිදු කර දින කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකා රජය කන්කසන්තුරේ වරාය උත්සවශ්‍රීයෙන් විවෘත කල අතර  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්වී මෙම නව බෝට්ටු ප්‍රවාහන සේවය 14/10/23 දින ආරම්භ කරන ලදී.

මේ බෝට්ටු ඉන්දීය ව්‍යාපාරිකයන් සතු බව අප අමතක නොකළ යුතුය. මේ නිසා බෝට්ටු ටිකට් පත් අලෙවියන් එන  ආදායම යනුයේ ඉන්දියාවටයි. ශ්‍රී ලංකාවට කුමක් ලැබේද?

ඇත්තටම අද තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ අනාථයන් ලක්ෂ 1 ½ ක් කඳවුරු වල වේද?  මේ ඉතා අධික සංඛ්‍යාව පිළිගත නොහැකි සත්‍යයකි.

උතුරෙන් ද්‍රවිඩයන් අනාථයන් ලෙස තමිල්නාඩුවට බෙහෙවින්ම ගියේ IPKF සමයේදීය. අවසන් ඊලම් යුද්ධය කාලයේදීද යම් ප්‍රමාණයක් යාමට ඇත. නමුත්, බොහෝ දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට ආහ. යුද්ධය අවසන් වී වසර 15ට ආසන්න මේ සමයේ තමිල්නාඩුවේ අදත් ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්ෂ 1 ½ක් සිටීය යන රාසමානික්කම් මහතාගේ ප්‍රකාශය තදින් විමර්ශනය කර බැලිය යුත්තකි.

ඔහුගේ සත්‍යය චේතනාව කුමක්ද?

මේ සංඛ්‍යාව සත්‍යයද?

ද්‍රවිඩ බෙදුම්වාදීන් උත්සහ දරන්නේ ශ්‍රී ලාංකික සරණාගතයන් ලෙස පෙන්වා  කල්ලතෝනින් තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට මේ බෝට්ටු සේවය මඟින් ආගමයන කිරීමද? ඒ මඟින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනගහන වැඩි කර ගැනීම ඔවුනගේ අභිප්‍රාය විය නොහැකිද?

මෙවිට, රට කැඩීමේ ඔවුන්ගේ අභිප්‍රාය පහසු වේ.

හුදු ආර්ථික සංවර්ධනය කියා රටේ ආරක්ෂාව, භෞමික අඛන්ඩතාවනට එරෙහි දේට රජය ඉඩ නොදිය යුතුය.

රජය විසින් කළ යුතුව තිබුනේ රාමේශ්වරන් සිට කොළඹ දක්වා බෝට්ටු සේවයකට ඉඩ දීමයි – උතුරට නොවේ. මෙයින් සංචාරක සේවයට වඩාත් හොඳ සුභාවාදිත්වයක් ලැබේ.  

දැන් KKS සිට ත්‍රිකුණාමලය දක්වා වන නව බෝට්ටු සේවයකට පිරිසක් අර අඳිති. සියල්ලට දකුණ අමතකය.

ශ්‍රී ලංකාවට වැඩියෙන්ම එන්නේ උතුරු ඉන්දීය සංචාරකයන්ය. ඔවුන් ඉතා හොඳ සංචාරකයෝය. මේ අය වඩා කැමති ශ්‍රී ලංකාවේ උතුර නොව දකුණ බැලීමටය.

KKS වලින් බෝට්ටුවෙන් ගොඩ බැස, යාපනයට විත්, කොළඹ බලා යන බසයක හෝ දුම්රියක නැගී කොළඹ ඒමට පෙලම්භවීම  විදෙස් සංචාරකයන්ට අපහසු කාර්යයකි, හිරිහැරයකි. ඔවුනට අවශ්‍ය ඉන්දියාවේ සිට කෙලින්ම ශ්‍රී ලංකාවේ දකුණට (කොළඹට) එන බෝට්ටු සේවයකි.

මෙම බෝට්ටු සේවය සඳහා කන්කසන්තුරේ වරාය පිළිසකර කිරීම පිණිස රජය කෝටි ගණනින් මෙරට බදු ගෙවන්නන්ගේ මුදල් වැය කරන ලදී. එසේ තිබියදී දැන් රාමෙස්වරන් සිට තලේමන්නාරම් තොට දක්වාද බෝට්ටු සේවයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රජය පවසයි. මේ සඳහා තවත් රුපියල් කෝටි කීයක් රජය වැය කරයිද?

රජයට පිස්සු වැහීද?

අද දකුණේ එක වේලක්වත් කෑමට නොහැකිව බඩගින්නේ සිටිනා දරු පවුල් රාශියකි. ජනතාවගේ මුදල් ඉතා ප්‍රවේශමින් පරිහරණය කිරීමට රජය දත යුතුයි.

එසේ කරන බවක් නොපෙනේ.

රජය මෙය කළ යුතුම නම් (ඉන්දීය බෝට්ටු සේවය) කළ යුතුව තිබුනේ කන්කසන්තුරේ  නොව තලේමන්නාරමේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමයි. එහි බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද ජැටියක් දැනටත් ඇත. යුද්ධයට පෙර ඉන්දීය – ශ්‍රී ලංකා බෝට්ටු සේවය ක්‍රියාත්මක වුයේ මේ මාර්ගයේය. ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඇති කෙටිම දුර ඇත්තේ තලේමන්නාරමේ සිටයි.

තලේමන්නාරමේ විශාල නාවික හමුදා බල ඇනීන් කාලාන්තරයක් තිස්සේ ස්ථාපිත කර ඇත (බ්‍රිතාන්‍ය යුගයේ සිට). එය රටේ ආරක්ෂාවට වඩාත් හිතකාරී පරිසරයකි.

මෙවන් වාතාවරණයක් යටතේ කන්කසන්තුරේ නව වරායක් ඉතා අධික මුදලින් ඉදි කල යුතුයයි රජයට යෝජනා කළේ කවුරුන්ද? ඒ මඟින්, කිනම් නම් සැඟවනු අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමටද?

කන්කසන්තුරේ, පේදුරු තුඩුව, වැල්වැටිතුරේ  ප්‍රදේශ මුහුදු මංකොල්ලකරුවන්, කුඩු/කේරළ ගංජා ආදි මත්ද්‍රව්‍ය  ගෙනෙන්නන්, හොර බඩු ජාවාරම්කරුවන්ගේ පාරාදීසයි. ප්‍රභාකරන් උපන් බිම ඇත්තේද මේ ප්‍රදේශයේයි.

ශ්‍රී ලංකාවට තමිල්නාඩු/කේරළ ප්‍රදේශවලින් කේරළ ගංජා වැඩිපුරම පැමිණෙන්නේ KKS, පේදුරු තුඩුව ආශ්‍රිත ප්‍රදේශවලිනි. හෙරොයින් වැනි කුඩු ද පැමිණේ.

මේ බෝට්ටු මගීන්ට කිලෝ 50ක බඩු මෙහි රැගෙන ආ හැක. මෙයින් ශ්‍රී ලංකාවට මත් ද්‍රව්‍ය  ගෙන ඒම වැඩි විය නොහැකිද? ඒ පිළිබඳව රේගුව සහ වෙනත් අදාළ ආයතන ගෙන ඇති ක්‍රියාපිළිවෙත් කවරේද? අපේ ළමා, තරුණ පරපුර මත් රකුසාගෙන් ආරක්ෂා කර ගැනීම රජයේ පරම වගකීමයි.

කන්කසන්තුරේ තිබු දැවැන්ත සිමෙන්ති කර්මාන්තශාලාව දැන් වැසී ගොසිනි. පොහොට්ටු රජය විසින් (මේ රටේ බදු ගෙවන්නන්ගේ මුදලින්) එහි සාදා නිම කරන ලද අධි සුඛෝපභෝගී, දැවැන්ත නව ජනාධිපති මන්දිරය මේ රජය පුද්ගලික ව්‍යාවසායෙකුට බන්දේසියක තබා පිරිනැමීමට යයි?

දැන් ක්‍රියාත්මක වෙන රාමේශ්වරන් – කන්කසන්තුරේ බෝට්ටු සේවයෙන් රටේ ආරක්ෂාවට හානියක් නොවීමට ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම රජය විසින් ගත යුතුය.

2019දී යහපාලන රජය වසර ගණනාවක් තිස්සේ හමුදා භාරයේ තිබුණු පළාලි ගුවන් තොටුපළ ඉන් ඉවත් කර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළක් බවට පත් කල බව අප සැමට නොරහසකි. පසුගිය මාසයේ පමණ දකුණු ඉන්දියාවේ සිට කුඩු රජෙක් ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට උත්සහ ගෙන ඇත්තේ මෙම පළාලි ජාත්‍යාන්තර ගුවන්තොටුපල හරහායි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress