දේශපාලකයින්ගේ හෘදයශාක්ෂිය (JVP and Buddhist [Middle Path] Economics) – part III
Posted on December 12th, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

චන්ද සූත්‍රය:

[අනුරකුමාර = රනිල්/සජිත්/චන්ද්‍රිකා/මෛත්‍රීපාල/පොහොට්ටුව..+ (27/4/23 හිමාලයන් ගිවිසුම)]

හැඳින්වීම

JVP හා බුද්ධාගම යනුවෙන් මීට පෙර ලියූ ලිපි දෙකේ අවසාන ලිපිය වන මෙයින් විශේෂයෙන් jvp පක්ෂ නායකයාගේ අදහස් හා මත උදාහරණ ලෙස යොදාගනිමින් පොදුවේ (ද්‍රවිඩ හා මුස්ලිම් නොවන) ලංකාවේ දේශපාලකයින්ගේ හෘදයශාක්ෂිය (truthfulness) සම්බන්ධයෙන්  ඉදිරියේ කිරීමට යන විමර්ශනයකට පසුබිම සපයයි. මෙහි සළකාබැලෙන කරුණු  අනුර කුමාරට මෙන්ම අනිත් සිංහල දේශපාලන හොර බළලුන්ටද එකසේ අදාලය. රට මුහුණපා ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගොඩ ඒම සඳහා තිබිය යුතුයයි සිතන  මතවාද හා, ගතයුතුයයි  සළකණ ප්‍රායෝගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් එකඟවනවාද, නැද්ද (agree/disagree-yes/no) යන්න මෙහිදී ඔවුන්ගෙන් විමසනු ලැබේ.  මීට කලකට පෙරද මා විසින් යෝජනා කල මෙවැනි check list/test එකක් ලංකා වෙබ් වෙබඩවියේ පළවිය.

LankaWeb – A checklist on Sinhala political cats (හොර බළල්ලු)    (Sept 10, 2018)

මෙවන් ව්‍යායාමයක් (exercise) කාලෝචිත හා රට ජාතියේ පැවැත්ම උදෙසා තීරණාත්මක සාධකයක් වන්නේ (1) දැන් බලයේ ඉන්නා පාලකයින් නැති, අනවශ්‍ය ප්‍රශ්ණ <නිර්මාණය> කරමින් රට ඉබාගාතේ ගෙන යමින් සිටින බව පෙනෙන නිසාත් (2) පක්ෂ දේශපාලනය හා මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක බව රට මරණ මංචකයේ තිබියදීත් පිස්සු නටන (කෙළිණ?) පංචස්කන්ධ 225 (220?) විසින් තහවුරු කරණ නිසාත් (3) ඉදිරියේදී මැතිවරණයක් පැවතුනොත්, කැඩී බිඳී යන/ ගිය  සිංහල පක්ෂ අනාථ වන බව නිසැක  නිසාත් (4) මෙම කලබගෑනිය අස්සේ දැනට පිරිහී ඇතිදෙමළ ඊළම් පක්ෂ ප්‍රභාකරන්ගේ දුවට පණදී හෝ දෙමළ ජනයා රැවටීමට තලු මරමින් සිටින නිසාත්  (5) රටේ මුස්ලිම් පක්ෂ හමාස්-ඊශ්‍රායල් සටන ඉදිරියේ අන්ද මන්දව සිටින නිසාත්ය.

හිමාලයන් ඉණිමඟ

හාමුදුරුවරු කල්ලියක් හා ලෝක දෙමළ සංවිධානය (GTF) අතර අප්‍රේල් මස නේපාලයේදී හොර රහසේ අත්සන්කර, දෙසැම්බර් මාසයේ කොළඹදී රටට එළිකල ඊළම් ඉණිමඟ නොහොත් හිමාලයන් ජරමරය (මීට පෙර ගෙනා තිම්පු-ඔස්ලෝ ජරමර මතකද?) ගෝල්පේස් කුමණ්ත්‍රනයේ භයානකම අරමුණ සිවුරු හරහා/පාවිච්චිකර ශාක්ෂාත් කරගැනීමය.  මීට පෙර විග්නේෂ්වරන් මල්වතු-අස්ගිරි පන්සල්වලට අධ්‍යාපනයක් දීමට ගියාට වඩා GTF ඩොලර් බලය නමැති උපාය සාර්ථකව ඇත. එය රනිල් ජනාධිපතිගේ ප්ලෑනමය. ඉහත අංක 4 හා මේ හිමාලයන් වැඩේ එකම කාසියේ දෙපැත්තය.

අම්බෙඩ්කාර් බෞද්ධයා හා විජේවීර බෞද්ධයා

මීට අමතරව, දෙමළ චේ ගුවේරා යයි හැඳින්විය හැකි යාපනේ අරුන් සිද්ධාර්ථ් නම් අම්බෙඩ්කාර් බෞද්ධයාත්, තෙරුවන් සරණයි කියමින් රැස්වීම් අවසාන කරන දෙවන පරපුරේ උවිඳු විජේවීරත් සම්ප්‍රදායික දේශපාලන ඩබල්ගේම් වලට අභියෝගයක් වෙමින් ඉදිරියට යමින් සිටී. විශේෂයෙන් අරුන්, යාපනේ ඉන්දියන් රෝ ඒජන්තලාටත්, චන්ද පදනම් හැලෙමින් පවතින සුමන්තිරන්-පොන්නම්බලම්-විග්නේෂ්වරන්-රාසමානික්කම්ලාටත් බලවත් හිසරදයක්වී සිටී.

(16) අ යන්න කියවන තැන සිටම පීඩනය එක්ක වැඩුණු තරුණයෙක්-මාකඳුර සමුළුවෙදී උවිඳු විජේවීරව හඳුන්වා දුන් විදිහ – YouTube

සියේට හැටක් පමණවන, කුලහීනයින් යයි හංවඩු ගසා ඇති උතුරේ  ජනයා වෙනුවෙන් ඔහු දකුණේ සිංහල වේදිකාවල කතාකිරීම දෙමළ චන්ද කෑදර කමින් ඩබල්ගේම් ගසන සිංහල කළුසුද්දන් අන්ද මන්ද කරලයි. වෙල්ලාලයින් විසින් වහල් භාවයේ තබා ගෙන ඉන්නේ යාපනේ ජීවත්වූ අතීත සිංහල ජනයා නොවේද යන සැකය වර්ධනය වෙමින් පවතින්නේ මේ කුලහීන යයි සළකන ජනයා හා යුද හමුදාව අතර ඇති පුදුම ලබැඳියාව නිසාය.

LankaWeb – දෙමළ චේ ගුවේරා? (Tamil Che Guvera)     (17/4/2023) 

Buddhist Economics

එහෙත් මේ සියල්ලටම වඩා වැදගත් කරුණ වන්නේ JVP පක්ෂයට උදාවී ඇති අනගි අවස්ථාව හෙවත් Buddhist Economics/Buddhist Middle Path මාවතකට ප්‍රවිෂ්ටවීමට ඇති අවකාශය ඔවුන් විසින්ම කඩාකප්පල්කර දමාගැනීමට ඇති අවදානම පෙන්වාදීමය. නිරා බලකායේ ෆේස්බුක්, යූටියුබ් ප්‍රචාරවලින්, විශ්‍රාමික හමුදාකාරයින් පුම්බන jvp වේදිකා වලින් හා තමන් සුදනන් යයි පෙන්වන්නට අනිත් අයගේ වංචා, දූෂණ, අක්‍රමිකතා ගැනම දේශනා දෙනවා වෙනුවට යම් සංවර භාවයක්, කැත වචන (පානදුරේ ලාල්ගේ/චමීරලාගේ/සේපාල්ගේ) භාවිතයෙන් වැළකී සිටීමක් සිදුවිය යුතු නොවේද?

 IMF බොරු, බොරළු පාර වෙනුවට, ඒ හරහා තව තවත් ණය අරගෙන මිනිසුන්ට කෙටිකාලීන මෝඩ සුදියක් ලබා දීමේ ක්‍රමය වෙනුවට, අවුරුදු කීපයකින් රට ගොඩගැනීමේ වැඩසටහනක් හා එය ක්‍රියාවට නඟන ක්‍රමයත් යන අංශ දෙකම චන්දදායකයා වෙත ඉදිරිපත් කිරීම jvp කාර්යය විය යුතුය. මේ සඳහා jvp විසින් තබාගෙන යන ශුභදායක පියවර ගැන කලින් ලිපියේ සඳහන් කරණ ලදී.

ලංකාවේ බොහෝ ජනයා දැනට මුහුණ දෙන ආහාර-වස්ත්‍ර-ආවරණ යනාදී මූලික ජීවත්වීමේ අවශ්‍යතා, විනය ගරුක, ශිෂ්ටසම්පන්න, අයිතිවාසිකම් වලට කලින් වගකීම්/යුතුකම් වැදගත්සේ (duty before rights) පිළිපදින සමාජක්‍රමයක් හරහා, ඉතාමත් සුළු කාලයකින් ලබාදිය  හැකිය. දැනට පවතින සමාජ සංස්ථා සියල්ලම උඩුයටිකුරු කල යුතුව තිබේ.  ඩලස් අලහප්පෙරුම සම්ප්‍රදායට එරෙහිව යාමක් (පටිසෝතගාමීවීම), හරිනි අමරසූරිය පරිවර්තනයක්, දිසානතිය වෙනස් කිර්‍රිමක් ගැන සඳහන් කරයි. පොහොට්ටු පක්ෂය අළුත්ම වැඩ සටහනක් ඉදිරිපත් කරනවා යයි පවසයි.

ආර්ථික වර්ධනය හා සාමය හා සතුට ලබාගැනීම සඳහා කලයුතුදේ ගැන සාමාන්‍ය ජනයාට පවා  හොඳ අවභෝධයක් තිබේ. මේවා ගැන jvp හෝ අනිකුත් දේශපාළුවන්ගේ දේශනා අවශ්‍ය නැත. උදාහරණයක් වශයෙන් තිලක් කන්දේගම, සණස ව්‍යාපාරයේ කිරිවන්තුඩුව, උමන්දාවේ හාමුදුරුවෝ මුළු රටටම ව්‍යාප්ත කල හැකි ප්‍රතිකර්ම ක්‍රියාවේ යොදවමින්  සිටින අයගෙන් තුන් දෙනෙකි. ගාමිණී විජේසිංහ, ගාර්වින් කරුණාරත්න වැන්නන් බීරි අලියන්ට වේනා ගයමින් සිටී.

නයාට අඳුකොළ

මෙවැනි මඟක් ගැනීමේලා jvp ට ඇති භාධකය වන්නේ ඔවුන්ට ආගම අබිං නොවුනත්, බුද්ධාගම/ බෞද්ධ සංස්කෘතික සාර ධර්ම අසාත්මික (allergic) වීමය, හරියට නයාට අඳුකොළසේ (ගැරඩියාට භූමිතෙල්) වීමය. මෙසේ අක්මුල් සිඳගත් අයෙකුට හොඳම නිදසුන වික්‍රමබාහු කරුණාරත්නය. වාසුදේව ඒ කිට්ටුවටම ආවේය. මෙම අසාමිකත්වයත්, රටේ ඉතිහාසය භූගෝල විද්‍යාව හරි හැටි නොදැනීමත් නිසා අනුර කුමාර සිය ඇමෙරිකාන් සංචාරයේදී අවාසි සහගත ප්‍රකාශ වැලක්ම කලේය. රට ගොඩ ගැනීමේ උත්සාහයකදී මෙම අදහස් සංශෝධනය කරගැනීම අත්‍යාවශ්‍යය. ඔහු කියා සිටින්නේ:

*1.  අරගලය කුමණ්ත්‍රණයක් නොවේ;

*2. යළි යුද නොකරණ පරම්පරාවක් ගොඩ නැඟිය හැකි ජාතික සමඟිය මඟින්ය;

*3.  ලංකාව ආගමික රාජ්‍යයක් නොවිය යුතුය;

*4.  මිහිඳු රහතන් වහන්සේගේ සිට එන ඉතිහාස කතාව කුමක් වුවත් දැන් වර්තමානයේ ඇත්තේ බහු ජාතික රටකි;

*5.  ජාතිවාදය මැඩලිය යුතුය;

*6. රට සිංහල/දෙමළ/මුස්ලිම් නොව ශ්‍රී ලාංකික වියයුතුය.

මීට පෙර ලිපි දෙකේ සඳහන් කල JVP පක්ෂයේ ප්‍රධාන අඩුපාඩු දෙක වන (1) ලංකාව බහු ජාතික සමාජයක් හා (2) පලාත් සභා දෙමළ ජනයාගේ  අයිතියක් යන මත  දෙක, ඉහතින් සඳහන් වන කරුණු 6 ත් සමඟ ගලපන විට අනුරත් අනිත් බංකොලොත්  සිංහල දේශපාලන කළුසුද්දනුත් අතර වෙනසක් නැත. ඒ අනුව අනිකුත් හුලංගිය එක් එක් සිංහල දේශපාලකයින් හා අනුර කුමාර එක සමානය. උදාහරණයක් වශයෙන් ඒ අයෙක් කරණ හෝ නොකරණ ප්‍රකාශයකට අනුර කුමාරගේ නම ලේසියෙන්ම ආදේශ කල හැකිය අනුර කුමාර>=රනිල්=සජිත්=චන්ද්‍රිකා=මෛත්‍රීපාල= පොහොට්ටුව+ යනාදී වශයෙනි (මීට අමතරව මේ ගොඩට වැටෙන G.L. පීරිස්, ඩලස් අලහප්පෙරුම, චම්පික රණවක යනාදී වශයෙන් හඳුනාගත හැකි පංචකන්ධ දුසිම් ගණනක් සිටී).

විශේෂයෙන් 1978 න් පසුව සිදුවූ දේශපාලන, ආර්ථික, සාමාජික පරිහානිය හේතුවෙන් බිහිවී ඇති  <අශීලාචාර- අවිනීත > රටක් නැවත ගොඩ ගැනීම මුළු රටම වේදනා විඳිමින් කලයුතු, හිට්ලර් කෙනෙක් වෙලා හෝ රට බේරාගන්න යන කියමන සිහිපත් වන්නකි. මේ නිසා  මෙම දුෂ්කර ගමන නමැති රෙල්පාරේ යන්නට ඉදිරිපත්වන එන්ජින් ඩ්‍රයිවර්ලා තමන්ගේ අළුත් කෝච්චි එන්ජිමත් ඒ සඳහා තෝරාගන්නා පාර හා තමන්ගේ මතවාදී සුදුසුකම් පිළිඹඳවත් පැහැදිලිව හා සරලව රටට පෙන්වාදිය යුතුය. සිංහල බෞද්ධ පදනම බකල් කරණ, රට දෙකඩ තුනට කඩන, MCC ගිවිසුම් වලට පක්ෂපාති නොවන අය විය යුතුය.

ඉහත සූත්‍රයේ අනුර කුමාර සමඟ සසඳා ඇති පංචස්කන්ධ රටකැඩීමේ ප්ලෑනට පැටලැවී නිර්වින්දනයවූ අයය. මෙහි සටහන්කර ඇති ඇමෙරිකාවට ගොස් අනුර දැක්වූ අදහස්, මෙම නිර්වින්දනයවූ අයගේ න්‍යාය පත්‍ර හා කදිමට පෑස්සේ. ඔහු විසින් මේ ගැන සළකා බැලිය යුතු වන්නේ අපක්ෂපාතීව සිතන විට මේ අදහස් අනුව බිහිවන්නේ නරුමයින්ගෙන් පිරි සේපාල් අමරසිංහ, පානදුරේ ලාල්ලා වැන්නන් දතකට මැදගෙන් බලා ඉන්නා අරගලයේ කූඩාරම් ඇතුලේ තිබුණා මෙන් ඕමාර් ඛයියාම්ලාගේ සමාජයකි. කිසිදු මාක්ස්වාදී රටක්, ධනවාදී රටවල් මෙන්ම දූෂණයෙන් ගැලවී ගොඩ ආවේ නැත.

එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය  අද බහු ආගමික, බහුජාතිය ජාතික ලණුව ගිලගෙන, කනවෝ කනවෝ කියමින් කෑගසමින් සිටී. දූෂණ, අපරාධ මේ රටවල් වෙලාගෙන තිබේ. මෙම අක්මුල් සිඳගැනීමේ විපාක ලංකාවට තව දුරටත් අවශ්‍යද? ක්‍රිස්තියානියෙකුට මෙන් නොව, විශේෂයෙන් සිංහල බෞද්ධයෙකුට ඇමෙරිකාවේ කෘතිම ජීවන ක්‍රමය දැනගන්නට අවුරුදු 50 ක් ඒ රටේ පදිංචිව සිටියාත් මදිය. සුමාන දෙකක සංචාරයකින් අනුර කුමාරට ලැබුණේ සිංහල බෞද්ධ විරෝධී පිරිස්වල ගෙවල් වලින් කෑම බීමය.

ඇමෙරිකාවේදී අනුර කුමාර ප්‍රකාශ කල අදහස් වර්ග දෙකෙන්  එකක් වන්නේ ගෝල්පේස් කුමණ්ත්‍රනයක් නොවේය යන්නය. මේ ගැන මට දිය හැකි පිළිතුර නම ඔහු විසින් විමල් වීරවංශගේ පොත කියවියයුතුය යන්නය. ඔහු මගේ පොතවත් කියෙව්වා නම් මෙම අරගල හැව නැවත දාගන්නේ නැත. අරගලය රනිල්ගේ වැඩක් යන කරුණවත් ඔහු පිළිගන්නේ නැද්ද?

අනුරගේ අනිත් අදහස් 5 වනාහි, (1) ඔහු හා jvp පිරිස් විසින් ජාතිවාදය හා ජාතික වාදය යන මතවාද දෙකේ වෙනස නොදැනීම (2) හා ලංකාවේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදැනීමේත්, මාක්ස්වාදය හා බෞද්ධ සමාජ-පුද්ගල ජීවන ක්‍රමයේ ඇති වෙනස හඳුනා නොගැනීම මෙන්ම, හුදෙක් දේශපාලකයින්ගේ හොරකම් හා ඒවාට දෙන දඬුවම් ගැන මහජනයා කුල්මත් කරවනවා වෙනුවට, ලෝක බලවේග/ආක්‍රමණ (මෘදු/ශූක්ෂම/කූඨ) වලින් රටට සිදුවන හානිය ගැන ඔවුන් දැනුවත් නොකර (අනිකුත් සිංහල දේශපාලකයින් මෙන් සුළු ජනවර්ගවල චන්ද වලට ඇති පෙරේතකම නිසා?) සිය ජාතික වගකීම් උවමනාවෙන්ම පැහැර හැරීම නමැති කල්ක්‍රියාදාමයය.

උදාහරණ වශයෙන්, ජපානයේ ජපනුන්, ජර්මනියේ ජර්මානුන් ගැන කියන අනුර, ශ්‍රී ලංකා යන වචනය 1972 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම මිස, මේ දිවයිනේ ඓතිහාසික නම නොවන බව නොදනී! රටේ නම සිංහලේ බවත් එය සේලාන්, සෙරන්ඩිබ් වී පසුව ඉංග්‍රීසින් විසින් සිලෝන් කලේය. එම සිංහලේ රටේ මලබාර් වැසියන් (1911 න් පසු ලංකා දෙමළ), මුස්ලිම්, හින්දු, ඉස්ලාම්. ක්‍රිස්තියානි ලබ්ධින්, සිංහල බෞද්ධ සමාජයේ ආරක්ෂාව යටතේ සාමයෙන් ජීවත්වුනේය. මැල්කම් රංජිත් කාදිනල්තුමා 1551 (ධර්මපාල කෝට්ටේ ක්‍රිස්තියානි රජුවීම) පසු ප්‍රථම වරට 2017 දී පමණ තහවුරු කලේය,

ශ්‍රී ලාංකික යයි කීමෙන් හෝ ජාතික ගීය දෙමළෙන් ගැයීමෙන් හෝ ජාතික සමඟිය බිහි නොවේ. එය ඇතිවන්නේ විවිධත්වය අගය කරණ ගමන්ම රට කැඩීමට දෙමළ බෙදුම්වාදීන් විසින් කරගෙනෙයන ව්‍යාපාරය මතවාදය පරාදය කිරීමෙන්ය. මෙම ප්‍රශ්ණය ගැන පාර්ලිමෙන්තුවේදි වචනයක්වත් jvp මන්ත්‍රීන් කවදාවත් කතාකර නැත. එය ෂේප්වීමේ න්‍යාය නොවේද? ලංකාවේ දෙමළ ජනයාට ටැමිල්නාඩ්වල දෙමළ ජනයාට වඩා අයිතිවාසිකම් තිබෙන බව රජීව් ගාන්ධි කිව්වේය. මෙසේ තිබියදී සිංහල ජනයාගෙන් දෙමළ ජනයාට අසාධාරණ වෙනවා යයි අනුර කියන්නේ කෙසේද? කුරුන්දි විහාරය ගැන අනුර හා රනිල් දරන්නේ එකම මතයද? පලාත් සභා දෙමළ ජනයාගේ අයිතියක්වී ඇතැයි අනුර කියන්නේ උතුරේ දෙමළ ජනගහනයෙන් 60% වන කුලහීනයයි සම්මත ජනයා  උතුරේ පලාත් සභාව වෙල්ලාලයින් විසින් තමන්ව පාගා තැබීමට යොදාගන්නවා යයි චෝදනා කරද්දීය. යාපනේ චේ ගුවේරා වන අරුන් සිද්ධාර්ථ් සමඟ අනුර කතා නොකරන්නේ කුමක් නිසාද?

පහේ ශිෂ්‍යත්ව විභාගයට මුළු රටෙන්ම දෙමළ ළමයි පෙනී සිටියත් එකම සිංහල ළමයෙක්වත් උතුරු පලාතෙන් නැත. මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් හමුවීමට අනුර කුමාර නොයන්නේ කුමක් නිසාද? මඩකලපුවේ සිංහල ජනයාට වන හිරිහැර ගැන  සොයා බැලීම අනුරගේ යුතුකම නොවේද?

බහු ආගමික-ඉන්ටර්ෆේත් ජරමරය බටහිර ක්‍රිස්තියානි උගුලකි. සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාස නොකරණ බෞද්ධ ධර්මය, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ලබ්ධීන් සමඟ මිශ්‍ර කල නොහැකිය. මුස්ලිම් හා කතෝලික ජනයා සමූලඝාතනයට ලක්වන විට උඩරට රජු ලෝකයේ ප්‍රථම සරණාගත කඳවුරු (ජනාවාස) තම රාජධානියේ පිහිටුවූයේය. සංවිධානාත්මක ලබ්ධියක් නොවන බුද්ධාගම ආරක්ෂාකිරීම රජුගේ වගකීමක්විය. එය මිස ආගමික රාජ්‍යයක් කවරදාකවත් ලංකාවේ තිබුනේ නැත. එව බලව මිස එව අදහව (come and examine, not come and believe) යයි  නොකියන එකම ධර්මය බුද්ධාගම පමණය. එවැනි සමාජයක ආගමික අන්තවාදයකට ඉඩක් නැත. (1) ඊළම් වාදය (2) ශාරියා-වහාබි ඉස්ලාම් ව්‍යාප්තවාදය (3) ක්‍රිස්තියානි මූලධර්මවාදය යනු සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට විදේශවලින් එන අනතුරුය. මේ හතුරන්ගෙන් හා සිංහල කළු සුද්දන්ගෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සවුදි අරාබියේ මෙන් ආගම රජකරවීමක් නොවේ.

මෙහි සඳහන් කල කරුණු උපයෝගී කර ගනිමින් මෙහි සඳහන් කල කරුණු උපයෝගී කර ගනිමින් අනුර කුමාර ඇතුළු තෝරාගත් දේශපාලක බළලුන්ගේ බෙල්ලේ ගෙජ්ජි බැඳීම නොහොත් ඔවුන්ගේ හෘද ශාක්ෂිය එලිදරව්කරගත හැකිවන ටේබල් එකක් මීලඟ ලිපියෙන් ඉදිරිපත් කරමි.

කලින් ලිපි දෙක මෙන්ම මේ ලිපියද අනුර කුමාර මහතාට ඊමේල් කර යවන්නේ ඉන් ඔහුට ප්‍රයෝජනයක් වේ යයි සිතාය. ඇතුළු තෝරාගත් දේශපාලක බළලුන්ගේ බෙල්ලේ ගෙජ්ජි බැඳීම නොහොත් ඔවුන්ගේ හෘද ශාක්ෂිය එලිදරව්කරගත හැකිවන ටේබල් එකක් මීලඟ ලිපියෙන් ඉදිරිපත් කරමි.

cwije77@outlook.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress