විශේෂ මෙහෙයුම් වලින් සැකකරුවන් 822ක් අත්අඩංගුවට
Posted on January 2nd, 2024

Courtesy Hiru News 

ගෙවුණු පැය 24 තුළ යුක්තිය මෙහෙයුමේදී තවත් සැකකරුවන් 822 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 60 දෙනෙකු රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තවත් 72 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින්, අයිස්, මත්පෙති සහ කේරළ ගංජා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම බ්ලූමැන්ඩල් පොලිස් වසමේ කිඹුලාඇළ, ඉබ්බගෙවත්ත, රෙඩ්බානාවත්ත සහ දුම්රිය පටුමග යන ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් සිදු කර තිබුණා.

එහිදීද හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් විසිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර යුක්තිය මෙහෙයුම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්කෝන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ වුණා. මේ එහිදී ඔහු ජනතාව දැනුවත් කළ ආකාරයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress