පනික්කාර් න්‍යාය අනුව මේ රට ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය කිරීමට පාර කපන ඊනියා සත්‍ය, සමගිය හා සංහිඳියා පනතට අපගේ දැඩි විරෝධය  මින් ප්‍රකාශ කරමු.
Posted on January 6th, 2024

ආචාර්ය සුදත් ගුණසේකර. සභාපති හෙළ අභිමානී ජාතික පදනම සහ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්තිර ලේකම්. මහනුවර. 

පළමුව ශ්‍රී ලන්කාවේ ස්වාධිනත්වය, ස්වයිරී භාවය හා නිදහසද, දෙවනුව, සින්හල ජාතියද, මිහිපිට සින්හල බෞද්ධ සිෂ්ඨාචාරයද අවසන්කොට එය ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය කිරීමට පාර කපන මේ රජයේ දේශද්‍රෝහී, ජාතිද්‍රෝහි ඊනියා සත්‍ය, සමගිය හා සංහිඳියා පනතට”, මේ රටේ පරම භූමිපුත්‍රයින් වන අපි සියළු දෙනාම එක හඬින් අපගේ දැඩි විරෝධය මින් පළකරමු. තවද, වසර 2566 ක් වන අපගේ සින්හල බෞද්ධ ශිස්ඨාචාරයද මිහිපිටින් අතුගා දමන එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළයුතු බවද එක හඬින් රජයට අපි බලකර සිටිමු.

සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටත්, එම කොමිසමේ නිර්දේශ ඇතුළත් පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමටත් ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තා විය. ‘සත්‍යය, සංක්‍රාන්ති යුක්තිය, සංහිඳියාව, වින්දිතයින්ට වන්දි ගෙවීම සහ සමාජ ඒකාබද්ධතාවය තුළින් ජාතික සමගිය ශක්තිමත් කරන සහ ආරක්ෂා කරන’ නීති සම්පාදනය කිරීමේ සංකල්ප පත්‍රිකාව පවා කෙටුම්පත් කරමින් පවතින බව ද වාර්තා විය. තවත් මාධ්‍ය නිවේදනයක රජය පවසා තිබුණේ මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනිමින් ශ්‍රී ලංකාව ඓතිහාසික පියවරක් ගැනීමට නියමිත බවය.

වසර 2566 ක් වූ සිංහල ජාතියේ සහ සම්බුද්ධ සාසනයේ සොහොන් වළ හෑරීම  සහ ඔවුන්ගේ අධ්වීතීය ලෝක පූජිත සින්හල බෞද්ධ සංස්කෘතිය විනාශකිරීම සහ ඊළාම් සිතියම නිර්මාණය සඳහා යෝජනාකර ඇති මෙම පනත කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිව සියලුම සිංහල බෞද්ධයන් ජාතික අරගලයක් වටා පෙළ ගැසී දැඩි ලෙස විරෝධය පළ කළ යුතුය.ඒ සඳා සින්හලුන් එක මොහොතක් හෝ ප්‍රමාද වුවහොත්, මේ රජයේ ආයුකාලය අවසන්වීමට පෙර මේ රට භාරත දේශයේ 29 වැනි ප්‍රාන්තය වනු නියත.

එසේ වූ දාට, වසර 2666 ක් පැරණි සින්හල දේශයේ සහ සින්හල ජාතියේ අ වසන් කටයුත්තට පැන් වැඩිමට පෙර මෙම යෝජනාව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට පි මින් බලකර සිටිමු.

1799 ක්ලෙග්හෝර්න් සටහනින් ආරම්භකොට බ්‍රිතාන්‍ය සහ කතෝලික පල්ලිය එක්ව ලක්ෂගණ්නින් මලබාර් වරුන් මෙහි ගෙන්වා පදින්චි කොට සිදු කරන ලද දේශද්‍රෝහී ජන සන්යුතියේ විපර්යාසයන් අපමණ කළද තවමත් මේ රටේ සමස්ථ ජනගහනයෙන් 75% ක් වන සිංහල බෞද්ධයෝ ආණ්ඩුවේ මෙම යෝජිත දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී නිවට දේශපාලන පනතට දැඩි ලෙස විරෝධය පළ කරන අතර එය වහාම අකුළා ගතයුතුයයි රජයට බලකර සිටියි. තවදුරටත් මේ රටේ සහ සින්හල ජාතියේ පැවැත්මට දැඩිසේ අහිතකර, අවිචාරවත්,  රටත් ජාතියයත්සි න්හල බෞද්ධ සිශ්ඨාචාරයත් නිර්ලජ්ජිත පාවාදිමක් සහ පහත සඳහන් අනීතික, ව්‍යවස්ථාවිරෝදී හේතූන් නිසා එම යෝජනාව වහාම ඉල්ලා අස්කර ගත යුතුයයි අපි රජයට බලකර සිටිමු.

1 පළමුවෙන්ම, එවැනි පනතක් ගෙන ඒම 2019 දී ජනාධිපති වරණයෙන් මෙන්ම 2020 දී පැවති පාර්ලිමේන්තු මැති වරණයෙන් මේ රජයට ලබා දුන් ලක්ෂ 69.24,255 ක අති විශාල ජනවරමට සම්පූර්ණයෙන්ම පටහැනිවීම.

2 දෙවනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවට අන්දමින් රටින් පලා යාමෙන් පසු පුරප්පාඩු වූ ජනාධිපතිධූරය සඳහා 2022 ජූලි 20 දින (ආණ්ඩුකරම ව්‍ය්යවස්ථාවේ අඩුපාඩුකම් නිසා) පිනට පත්වූ වර්තමාන ජනාධිපති වරයා පත්වූයේ එම ජනවරම ක්‍රියාත්මක කිරීමටය. එබැවින්   ඊට හාත්පසින්ම විරුද්ධ මෙබඳු 69.24,255 ලක්ෂයක ජනවරමට විරුද්ධ නීති සම්පාදනයට නායකත්වය දීමට ජනාඩ්ධිපති වරයාට හෝ රජයට ජනතාවගෙන් ජනවරමක් ලැබී නැත.තවද මා ඇතුලු ඒ 69.24,255 ම චන්දය දී ඇත්තේ මේ ජනාධිපති වරයාට විරුද්දව බවද ඔහු අමතක නොකළ යුතුය. එබැවින් වර්තමාන ජනාධිපතිවරයා ක්‍රියාකළයුත්තේ 2019 දී ඔහුගේ පූර්වගාමියාට ලැබුණු ජනවරම යටතේ ඔහුගේ ධුර කාලය 2025 දී අවසන් වන තෙක් වගකීම් සහ යුතුකම් දැඩි ලෙස ඉටු කිරීම සඳහා පමණි. ඒ නිසා ඔහුට කිසිවිටෙකත් එම ජනවරම් දෙක උල්ලන්ගනය කළ නොහැක. එසේ කිරීම ව්‍යවස්ථා විරෝදී මෙන්ම සදචාර විරෝදීය. ඒ නිසා මේ රටේ ජනතාව ලබාදුන් එම ඓතිහාසික ජනවරම්  දෙකට පටහැනිව කිසිදු නීති සම්පාදනයක් කිරීමට ජනාධිපතිවරයාට හෝ රජයට බලයක් නැත.

3.එබැවින්, තෙවනුව, ජනාධිපතිවරයා හෝ රජය එම ජනවරමට පටහැනිව කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, සදාචාර විරෝධී මෙන්ම ජාති ද්‍රෝහී සහ දේශද්‍රෝහී වනු ඇත. එබැවින්, එවැනි සියලු ක්‍රියා අධිකරණයකදී අභියෝගයට ලක් කළ හැකි යැයි මම සිතමි. නීතිමය පැත්ත පසෙක තබා රජය හෝ ජනාධිපතිවරයා විසින් සිදු කරන එවැනි ක්‍රියාමාර්ග සදාචාර විරෝධී, සහ සමාව දිය නොහැකි අපරාධ ලෙස මම හඳුන්වමි.

4. හතරවනුව, එය 2009 ත්‍රස්තවාදයට එරෙහි ලබාගත් අයිතිහාසික ජයග්‍රහණය සහ යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළ 29,000 ක් වූ සෙබළුන් සහ මාතෘභූමියේ නාමයෙන් තම අතපය පූජා කළ 14,000 ක් සහ ඊට අමතරව  ශ්‍රි දළද මාලිගාව සහ ජයශ්‍රී මහා බොධිය ඇතුලු රට පුරා මරාදැමූ දසදහස් සංඛ්‍යාත අහිංසක මිනිසුන් දරුණුලෙස පාවාදීමකි. සිංහල,දෙමළ, යෝනක ආදී ජාති භේදයකින් තොරව මියගියවුන්ටද සිදුකෙරෙන සමාව දිය නොහැකි ද්‍රෝහී කමකි.

5 පස්වනුව, එය වාර්ගික නැගිටීම් සඳහා ගංවතුර දොරටු විවෘත කරන අතර වාර්ගික පදනමින් බෙදුම්වාදය ශක්තිමත් කිරීමකක්ද වන නිසාය.

6. හයවනුව, ලොව පුරා සිටින දෙමළ ඩයස්පෝරාව සිය කැත හිස යළිත් ඔසවමින් ශ්‍රී ලංකාවට සහ එහි උපන් සිංහල බෞද්ධයන්ට එරෙහිව සියලු සිංහල හා බෞද්ධ විරෝධී බලවේග යලිත් බලගැන්වීමක්ද වණ නිසාය.

7 හත්වනුව, මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඉන්දියානු ඇඟිලි ගැසීම් ද වැඩි වන අතර අවසානයේදී, මේ රට සිංහල දෙමල සහ මුස්ලිම් මිනිසුන් අමුඅමුවේ මරාගන්නා සදාකාලික සටන් බිමක් බවට පත්වනු නිශාය.

8. තම පැවැත්ම සඳහා සටන් කරන ස්වදේශික සිංහලයන් සහ රට බෙදා වෙන්කර එය අයිතිකර ගැනීම සඳහා සටන් කරන දෙමළ මුස්ලිම් ත්‍රස්ථවාදින්ගෙන් ශාපලත් දේශයක් වන නිශාය. 

9 අවසානයේදී වසර 2566 ප්‍රෞධ ශිශ්ඨා චාරයක් මානව ශිස්ඨාචාරයට සදටම අහිමිවන නිසාය.

10. අවසාන වශයෙන්, ස්වදේශික සිංහලයන් මුලින්ම සුළුතරයක් බවට පත්වන අතර, අනතූරුව තම මව්බිම අහිමිවීම නිසා ඔවුන්ට යන්ට එන්ට තැනක් නැතිව ඔවුන් මේ මිහිතලයෙන්ද සදහටම අතූරුදන්වීමේ දැඩි අවදානමක් ඇති නිසාය.

                    මේම මහා ව්‍යශනය සැලකිල්ලට නොගෙන, ගැඹුරු නිද්‍රාවේ සිටින ජාතියක් අවදි කිරීමටත්, අපේ මාතෘ භූමිය සහ එහි ශ්‍රේෂ්ඨ සංස්කෘතිය, මෙම ආත්මාර්ථකාමී, බල තණ්හාවෙන් පෙළෙන, සුළුජන එළු අණ්ඩකෝෂය නෑමැති මිරිඟුව පසුපස දුවන දේශපාලකයින්ගෙන් බේරා ගැනීමට ලක්ෂ ගණනින් දේශප්‍රේමි දෑ හිතකාමී සියළු දෙනාම නැගී සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට මම මෙම ලිපිය ලිවීමට  තීරණය කළෙමි.  මේ රට, සින්හල අපට,  මේ මිහිමත ඇති එකම බිම් අඟල වන අතර, දෙමළ ජනයාට ඔවුන්ගේ මාතෘභූමිය ඉන්දියාවේ ද මුස්ලිම් ජනතාවට මාතෘභූමි ලොව පුරා ඇති බවද සඳහන් කළයුතුව ඇත.

ඒ නිසාම මාතෘභූමියට ආදරය කරන සිංහල මිනිසෙක් ලෙස මේ ප්‍රවෘත්තිය සහ ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනයේ සහ  පත්තරවල ඊට ලැබී ඇති අසාමාන්‍ය ප්‍රමුඛතාවය කියවීමෙන් සින්හල දේශයේ උපන් සින්හල්යකු වශයෙන් මම මහත් පුදුමයටත්, ව්‍යාකූලත්වයටත් පත්වීමි.

මුළු රටම දැවෙන ප්‍රශ්න සිය ගණනකින් ගිනිගෙන දැවෙන මොහොතක රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතා අයිතමය බවට අද මෙය පත්ව ඇත. මට නම් මේ යෝජනාව පෙනෙන්නේ මේ රට සහ සිංහලයින්ගේ ඉතිහාසයේ සිදුවීමට යන මහාම මහා පාවාදීම සහ ඛේදවාචකය ලෙසය.

එබැවින් එම පාපයේ බරපතලකම නොදැන රජය ප්‍රකාශ කළ පරිදි එය නියත වශයෙන්ම ඓතිහාසික පියවරක් නොවන බවත්, තම දේශපාලන බලය රැක ගැනීම සඳාහා, මේ රට ගැන නොදන්නා එසේම මේ රටේ හෝ ජාතියේ වටිනාකමද නොදන්නා බලලොභී, දේශ ද්‍රෝහි ,ජතිද්‍රෝහි  ආත්මර්තකාමි නිවට හා හුදු ආත්මාර්තය ගැන පමණක් හිතන පාපතර  දේශපාලකයින් පිරිසක් විසින් සුළුජනචන්ද ලබගැනීම සඳහා වසර 2566 ක සිංහල බෞද්ධ ජාතියත්,   පාවාදී අහිමිකොටගත් ලෝක ඉතිහාසයේම මෝඩ රැළක් වශයෙන් ලෝකඉතිහාස ගතවනු ඇත

එබැවින්, මේ පාපතම පනත ගිනිදෙවියාට පූජාකර මුළු රටම මීට වඩා බැරෑරුම් හා හදිසි ප්‍රමුඛතා රාශියකට මුහුණ දී සිටින මෙවන් මොහොතක ධර්මාශෝක රාස්ට්‍රපාලනයෙන් ඔපගැන්වුණු ජනත හිත වාදි පාලක පරම්පරාවක් වශයෙන් ජනතා හිතවාදි, දේශප්‍රේමී, සංවේදී ආණ්ඩුවක න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය කිසිසේත්ම මෙය නොවිය යුතුය.

මගේ මතය අනුව එසේ පාප්තරයන් නොවී රජය පළමුව වඩාත් තීරණාත්මක හා හදිසි සමාජීය කටයුතු සඳහා අවධානය යොමු කළ යුතුය. එනම් ජනතා සාගින්න, දරාගත නොහැකි ජීවන වියදම, වැඩිවන සහ දරාගත නොහැකි බදු බර, නිදන්ගත විරැකියාව, සමස්ත ජනඝනයෙන් 75% උග්‍ර දරිද්‍රතාව,දෛනිකව වැඩිවන අපරාධ, රාජ්‍ය සේවයේ සහ නීතිය හා සාමයේ සම්පූර්ණ බිඳවැටීම, යුක්තිය පසිඳලීමේ අප්‍රමාණ ප්‍රමාදයන් සහ එසේම රටේ ප්‍රධාන ආර්ථික කටයුත්ත වන ගොවිතැන ඊට අවශ්‍ය ජලය සහ පොහොර සැතුළු යෙදවුම් නොමැතිවීම වගාවෙන් 40% පමණ වනසස්තුන්ගෙන් සිදුවන හානිය සහ කර්මාන්ත අංශයන් සහ ආර්ථික, දේශපාලන හා සමාජ පද්ධතියේ සමස්ථ කඩාවැටීම, ආදී මේ සියල්ල තවත් උග්‍රවී මුළු රටම සහ සමාජ ක්‍රමයම ආපසු නොඑන තත්ත්වයකට කඩාවැටීමට පෙර ඒවාට කඩිනම් පිළියම්  යොදා රටේ ජනතාව සුවපත් කර්කිරීමට වහාම පියවර ගන්නාමෙන් මුළු මහත් ජාතියම වෙනුවෙන් ජාති, ජන්ම ,ආගම් භාෂා භේදයක් නැතිව සමස්ත ලන්කාවාසීන්ම වෙනුවෙන් මම ඉල්ලා සිටිමි. raaJYaka muulika vagakiim thuna washayen kavtilYa visin prakaaSha karaNaladha mulika karuNu thuna vuu rakSha,paalana saha yoegakSheima yana vagakiim thunama mei rajaya shaaparaDhii andhamin pAhAra hara Atha.

emanisaa ඒවා කිසිත් නොවිසඳා, rata haa janathaava wenuwen thama yuthukam kisith itu nokota තම පටු දේශපාලන වාසි ලබාගනීම සඳහා, වසර 2566 ක ස්‍රේෂ්ඨ හා අභිමානවත්, ලෝකපූජිත, එසේම අසම සින්හල බෞද්ධ සිස්ඨාචාරයක්,  අපරාජිත ඉතිහාසයක් ඇති සින්හල ජාතිය මේ මිහි පිටින් සදටම අතුගා දමා මේ කුඩා දිව්යින ඉන්දියාවේ 29 න ප්‍රාන්තය කිරීමේ පිඹුරුපත වූ මෙම පනත අපි දැඩි පිලිකුලෙන් යුතුව හෙලාදකිමු.

ඊනියා ජාත්‍යන්තර මානව කොමිසම සහ ඉන්දියාව වැනි බටහිර විලෝපිත ආයතන සහ ජාතීන්ගේ ඉල්ලීම් මතම තීරණ ගැනීම ජාතියක් වශයෙන් අපව කබලෙන් ලිපට තල්ලු කිරීමක්  පමණි.මේ නිසා මා සිතන්නේ  දේශපාලන විලෝපිතයින් මෙන් නොහැසිරී,ප්‍රඥාසම්පන්න පාලකයින් මෙන් තම රටේ ජනතාවගේ එදිනෙදා ජීවත් වීමට විසඳිය යුතු මෙම හදිසි ප්‍රස්න පළමුව  විසඳා දෙවනුව මෙම ඉන්දියානු විලෝපිතයින්ගෙන් අප සැමගේ ආදරණීය මව්බිම සහ වසර 2566 ක සින්හල බෞද්ධයින්ගේ උරුමය බේරාගෙන එය  ඉන්දියාවට පාවා දුන් ලෝක ඉතිහාසයේම අසමසම දේශද්‍රෝහීන් සහ ජාතිද්‍රෝහීන් වෂයෙන් ලෝක ඉතිහාසයට එකතු නොවන මෙන් මම ඔබගෙන් ඉල්ලමි.

 අවසාන වශයෙන් ජනාධිපතිවරයාට මෙන්ම පොදුපෙරමුණේ මන්ත්‍රී වරුන් වන ඔබ සැමට තවත් එක් කරුණක් කිව යුතුව ඇත. එනම් මේ කිසිවකට කන් නොදි ජනාධිපතිවරයා අත්තනෝමතිකව මෙම පනත ඉදිරිපත් කළහොත් පොදුපෙරමුණේ ලඟ මිස ඈත නොපෙනෙන ඔබ සැමදෙනාම අනිවාර්යෙන්ම ඊට චන්දය දීමෙන් වැළැකී සිටිය යුතු බවය. මා එසේ කියන්නේ ඔබ සැම මෙන්ම මාද රනිල් වික්‍රමසින්හට විරුද්ධව 2019 දී ගෝටාභයට https://election.adaderana.lk/assets/images/bg.png 69,24,255 ka චන්දය දුන් කෙනකු වශයෙනි. ඔබ එසේ නොකලොත් මීලඟ මහ මැතිවරණයේදි ඔබලා අද මේ කරණ ද්‍රෝහි කම නිසා ඔබ පක්ෂයට ආසන 10ක් වත් නොලැබෙන බව ඔබ පක්ෂයේ නායක තාරකාදීන් මෙන්ම ඔබ සැමද, එක හෙලා තෙරුම් ගත යුතුය. එසේම එය, ඔබ සැමගේ දේශපාලන වසන්තයේ අවසානයද වනු ඇත.මේ කිසිවකට කන් නොදී වසර 2600 ක් පැරණි, බුදුන් වහන්සේට තෙවරක් පූජාකරණලද අපගේ සින්හල ජාතිය සහ සින්හල බෞද්ධ ශිශ්ඨාචාරය  සහ මේ උතුම් සින්හල ද්වීපය ඉන්දියාවට පාවාදුන් සහගහන ලෝක අපරාධයට ඔබ සැමගේ හිස්, හිස් ගෙඩිවලට  වැහිනැති හෙනF2666Fහත බැගින් වදිනු ඒකාන්තය.

(රජයේ නිවේදනයේ සඳහන් සත්‍ය, සමඟිය සහ සන්හිඳියාව  ගැන මීලඟ ලිපියෙන්)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress