විශ්ව බුද්ධ මුනි’ යළිත් රිමාන්ඩ් (වීඩියෝ)
Posted on January 21st, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඒවා අන්තර් ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රත්නපුරේ විමල බුද්ධි හෙවත් විශ්ව බුද්ධ නැමැත්තා මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකතර තිබෙනවා.

ඒ, ඔහු නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටආරච්චි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රත්නපුරේ විමල බුද්ධි හෙවත් විශ්ව බුද්ධ නැමැත්තා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කලගෙඩිහේන ප්‍රදේශයේදීයි.

මීට පෙර ද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත් සැකකරු අධිකරණ නියෝග නොතකමින් දිිගින් දිගටම බුදු දහමට අපහාස වන ආකාරයේ ක්‍රියාවල නිරතවෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් යළි මෙලෙස අත්අඩංගුවට තිබුණේ.

මෙම චිවරධාරියා මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකරමින් සඳහන් කළේ බාහිර පාර්ශවයක් මගින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් සැකකරුගේ ගිණුමකට යොමුකර ඇති බවයි.

විටෙක චීවරධාරියෙකු ලෙස මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසද පෙනී සිට ඇති බවට එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළා.

එමෙන්ම කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙම පුද්ගලයා පිටුපස සිටින බවට තොරතුරු හෙළිව ඇති බවද අනාවරණ කළා.

මීට අමතරව මෙම සැකකාර චීවරධාරියා වාහන භාවිත කරමින් කාන්තාවන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශනවලින් හෙළිව ඇත්තේ.<

කෙසේ වෙතත් යළිත් වරක් රත්නපුරේ විමල බුද්ධි හෙවත් විශ්ව බුද්ධ නැමැත්තා සමාජ මාධ්‍ය ඔස්සේ බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ ඔහුගේ කළගෙඩිහේන නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු කලිසමක් ඇඳ සිට ඇති අතර ඔහුගේ මව බවට පැවසෙන කාන්තාවක්ද නිවසේ සිට තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රත්නපුරේ විමල බුද්ධි හෙවත් විශ්ව බුද්ධ නැමැත්තා පසුව ඉදිරිපත් කෙරුණේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි හමුවටයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress