බුදු දහමට පහරදී රටේ සමාජ සංස්ථාව බිඳ දැමීමේ දැවැන්ත මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක්
Posted on January 22nd, 2024

Politics

මහා සංඝරත්නයට සහ රටේ සමාජ සංස්ථාවට දිගින් දිගටම සිදුවන පහර දීම දීර්ඝ කාලීන න්‍යායපත්‍රයකට අනුව සිදුවන බවත්, රටේ පවතින අර්බුදය මැද එය උච්චම තැනට ගෙනවිත් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ මහාවංශයට, ත්‍රිපිටකයට පහර දෙමින් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනු බව පවසමින් ඇතැම් පුද්ගලයන් මෙරට ජනයාගේ විශ්වාසයන්ට සහ ශ්‍රද්ධාවට දැඩි ලෙස පහර දෙමින් ඇති බවය.

මෙවැනි දේ සිදුකරන එක් පුද්ගලයකු වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයකු බවත් ඔහු අමෙරිකාවේ පවා නීත්‍යානුකූල නොවන PL 480 නමැති ගිණුමක් පවත්වාගෙන යන බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.

මෙය සම්බන්ධීකරණය කළ අධ්‍යක්ෂකවරයා  අමෙරිකාවට ගොස් පැමිණ මීවලපලානේ නමින් සිවුරක් දමාගෙන මහණ වූ බවද, ඉන්පසුව ලංකාවේ බුදුන් වහන්සේ ඉපදුනු බවට මතයක් සමාජය තුළ නිර්මාණය කරන්නට පටන්ගත් බවද ඒ මහතා පවසයි.

බුදුන් වහන්සේට හා බුදු දහමට පහර දීමට සිවුරක් දමාගත් පුද්ගලයකු යොදා ගැනීම මෙම සැලසුමේ කොටසක් බවත්, මතවාදී වශයෙන් මෙරට ජනයා බිඳ දැමීමේ CIA මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress