මේ අවස්ථාවෙදී විධායක ජනාධිපතිකම අහෝසිකිරීම එළුවා බේරාගැනීමට එලුවගේ බෙල්ල කැපුවා වැනි වැඩකි.
Posted on January 24th, 2024

දේශමාන්‍ය ආචර්ය සුදත් ගුණසේකර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ලේකම් සහ හෙළ අභිමානි ජාතික පදනමේ සභාපති

මේ දිනවල බොහෝ දෙනෙකුට විධායක ජනාධිපතිකම අහෝසි කිරීමේ රුදාවක් හටගෙන තිබෙන බව පෙනේ. එහි ඇති විශේෂත්වය නම් ඒ රුදාව හැදී ඇති සියළු දෙනාම මේ රටේ ශිෂ්ඨාචාරාය හෝ ඉතිහාශය නොදන්න ආත්මාර්ථකාමි දේශපාලකයින් වීමය.එසේම දේශපාලන හේතු නිසා දෙමළ සහ මුස්ලිම් හිත වාදීහු. ඒ නිසාම. සින්හල බෞද්ධ විරෝධීන් වීමය. සති අන්තයේ පුවත් පතක සඳහන් වූ පරිදි මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ කරු ජයසූරිය මහතා සහ රාජිත සේනාරත්නය. පැපැරල් සන්විධානයේ සාමජිකයකුද මීට සහාය පලකොට ඇත.එහෙත් ඔහුපවසා ඇත්තේ මහ මැතිවරණයෙන් පසු එය කළයුතු බවය. රාජිතගේ අදහස මැතිවරණයට පෙර එය කළයුතු බවයි.  ඒ යෝජනාවට තමා අත් දෙකම උස්සන බවද ඔහු කියා ඇත.

මේ යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත්කිරීමට කරු ජයසූරිය පොරොන්දු වී ඇත. ඒ කියන්නේ, ඔහු එය ජනාධිපතිවරයාට ඉදිරිපත්කරණ බවය. මන්ද අද මේ රටේ ආණ්ඩුවව කියන්නේ ඔහු නිසාය. එසේ නැතිව 2020 දී 69 ලක්ෂහයක චන්දයෙනින් තෝරාගත් ආණ්ඩුව නොවේ. ඒ ආණ්ඩුවට පාණ්ඩුව හැදී දහසක් පැතුම් පොදි බැඳගෙන ඔවුන්ට චන්දය දුන්   69 ලක්ශයම නින්දිත අන්දමින් පාවා දී දැන් බොහෝකල්ය. මේ ගැන කතාකර ත්තේ වාද්දුවේ වජිරකොත් පුරාණ විහාරයේදී බව්ද වාර්තාවී ඇත.

මේ අතර රනිල් වික්‍රමසින්හටද විධායක ජනාධිපතිකම අහෝසිකිරීමට අවශ්‍යතාවක් ඇති බවද වාර්තාවෙයි.  ඔහුට එසේ කිරිමට අවශ්‍යව ඇත්තේ හේතු කීපයක් නිසාය.පළමුවැන්න  ඉදිරියට එන ජනාධිපති වරණයේදි ඔහුට දිනන්ට බැරි බව අන් සියළුදෙනාටම වඩා හොඳින් ඔහු දන්නා නිසාය. දෙවැන්න අසනග ජාතක කතාවේ එන න්‍යාය අනුව සජිත්ට හෝ වෙනත් කිසිවෙකුට ඒ සැප විඳීඉමට ඉඩක් නොදිය යුතුයයි ඔහු සිතන  නිසාය. තුන්වනුව ඔහුද  බටහිර ඇන්ග්ලෝ සැක්සන් වරුන්ගේ පැතුම සහ රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයෙදි වරෙක ඔහුගේ මාමා වූ ජේ. ආර්. කී පරිදි මේ රටේ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය අවසන්වී එය ඉන්දියාවේ ප්‍රාන්තයක් වණු දැක්මට ඇති ආශාව නිසා වියහැක. ඒ අතර ඔහු අමෙරිකාවේ සහායෙන් එක්සත් ජාතීන්ගේ සන්ගමයේ ලොකු පුටුවකට යාමට සූදානම් බවද පැවසේ.

මෙහිදි පැහැදිලිවන එක් වැදගත් කරුනක් ඇත. එනම් විධායක ජනාධිපති කමට විරුද්ධ සියලුම දෙනා සින්හල බෞධ විරෝධීන් බවය. මන්ද විධායක ජනාධිපති කම තිබෙන තුරු සින්හලයින්ගේ බලය රැකෙන නිසාය. ලන්කාවේ දෙමල මිනිසුන්ට ඊළම නම්වූ වෙනම රාජ්‍යක් සාදාදීමේ දුෂ්ට අරමුණින්  1987 දී ගැසූ රජීව්/ජේ.ආර් ගිවිසුමෙන් මේ රට කෑලි දෙකකට කැඩී යෑමෙන් වලක්වා ගත හැකිවූයේ විධායක ජනාධිපති කම තිබුණ නිසාය.එහෙත් එහි ඒ වටිනාකම් රාජිතට මෙන්ම  කරුජසූරියටද නොතේරෙනවා ඇති. 

ඒ මේ කරුණු කුමක් වුවත් මේ අවස්ථාවේ විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ඉතාමත් භයානකය. මන්ද පවතීන තත්වය යටතේ විධායක ජනාධිපති තනතුර අහෝසි වුවහොත් සතියක් යාමට පෙර උතුරු නැගෙනහිර ආණ්ඩු කාරවරුන් විසින් ඊලම පිහිටවනු ඇත. ඒ සමඟම අමෙරිකාව, ඊනියා ජාත්යන්ත්‍ර ප්‍රජාව සහ ඉන්දියාව ඊලම පිලිගනු ඇත. 2566 ඉතිහාසයක් ඇති සින්හල රාජධානියේ අවසානය ඉන් සටහන් වනු ඇත.

මෙන්න මේ නිසයි විධායක ජනාධිපති තනතුර මේ අවස්ථාවේ අහෝසි නොකල යුතු වන්නේ. ඒ වෙනුවට රටට සහ ජාතියට ආදරය කරණ සියලුදෙනාම කලයුත්තේ 13 වන ව්‍යවස්ථාව මෙන්ම රජිව්.ජේ ආර්. ගිවිසුම අහෝසිකොට පලාත්සභා හුනියමද අවසන්කර දැමීමයි.දැනටත් වසර 7 ක් පමණ කාලයක් පලාත් සභ ක්‍රියා නොවෙන බැවින් මෙය පහසුවෙන් කළ හැක.මෙම ව්‍යශනයෙන් රටත් ජාතියත් බේරා ගැනීමට පොදු පෙරමුණ, සමඟි ජනබලවේගේ සහ ජන බල වේගේ වැනි ජාති හිතයිෂීන් සියලු දෙනාම එක්වී පළමුව කළයුත්තේ 13 වන සන්සෝධනය අහෝසිකොට දෙවනුව   රජිව්/ජේ.ආර්. ගිවිසුමද අහෝසි කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය ගැන සිතිය යුත්තේ ඉන්පසුවය.

තවද කිව යුත්තක් ඇත. එනම් මේ රටේ වසර 2500ක ලෝක පූජිත මානව ශිෂ්ඨාචාරක් ගොඩ නැගුනේ රජෙකු යටතේ ක්‍රියාත්මක් වු පාලන ක්‍රමයක් යටතේ බවය. විධායක ජනාධිපති කම බොහෝ දුරට ඊට අණුරූපවන නිසා එය අහෝසි කිරීමට හදිසි නොවි එහි ඇති අඩුපාඩුකම් ඉවත්ක්කොට මේ රටේ පැවති රජකුගේ ස්වරූපයට සමාන,අපගේ ශිෂ්ඨාචාරයට ගැළපෙන රාජ්‍ය තනතුරක්  නිර්මාණය කර ගැනීමට මේ සුදුසු කාලයකැයි මම සිතමි.ඔහු ජනාධිපති කිවද, ලකිසුරු කිවද, රජ කිවද, ඕනෑම රාජ්‍යකට  ප්‍රධාන විධායකායා වශයෙන් නායකයකු සිටියයුතු බව ඕනෑම කෙනකු අවිවාධයෙන් පිලිගණු ඇත. මගේ පුද්ගලික අදහසනම් ඔහු රජෙකු වශයෙන් නම් කිරීම වඩා හොදය කියාය. මන්ද කූඹින්ටද රජෙcට් සිටී.මීයකද රැජිනක් සිටී.ස්වභාව ධර්මයේ නියාය එයයයි මට සිතේ.

 මගේ පුද්ගලික අදහසනම් ඔහු රජෙකු වශයෙන් නම් කිරීම වඩා හොදය කියාය. මන්ද කූඹින්ටද රජෙcට් සිටී.මීයකද රැජිනක් සිටී.ස්වභාව ධර්මයේ නියාය එයයයි මට සිතේ. ඒ කෙසේ වුවද පලාත් සභා තිබෙනතුරු. විධායක ජනාධිපති කම අහෝසි නොකළ යුතුය. අපේ දේශපාලකයින් එළුවාගේ බෙල්ල කැපීමට පෙර මුට්ටිය බිඳිය යුතුය. එලුවා බේරාගත හැක්කේ එවිටය.

ඒ නිසා මේ රටේ ඒකීය භාවය අනාගත පරම්පරාවටත් ආරක්ෂා කරගැනීමට ඕනෑනම් වහාම කළයුත්තේ රජිව්/ජේ ආර් ගිවිසුම සහ 13 වන ව්‍යවස්ථා හූනිය වහාම අහෝසිකිරීමයි. පවතින ආණ්ඩුව යටතේ එය කරගැනීමට නොහැකිනම් රටේ ජනතාව කළයුත්තේ  ඒ දෙකම කිරීමට දිවුරා පොරොන්දුවන නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress