විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 71කින් ලක්ෂ 50කටම රතු බිල ලැබිලා… විදුලි ගාස්තු සංශෝධනය සිදුකර ඇත්තේ අනීතිකවයි – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්
Posted on January 31st, 2024

උපුටාගැණීම Lankaleader

2022 අගෝස්තු මාසයේ සිටි 2023 ඔක්තෝබර් මාසය දක්වා විදුලි ගාස්තු හතර වතාවක් සංශෝධනය කර ඇති බවත්, මෙම විදුලි ගාස්තු සංශෝධනය කිරීම් අනීතිකව සිදුවී ඇති බවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

අනීතික ලෙස හා අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම සහ එමගින් සිදුකෙරන විදුලි විසංධිකිරීම් සිදුකිරීම් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකිරීමට ඉකුත් (29) දින පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.

රටේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 71ක් සිටින බව විදුලිබල මණ්ඩලය පැවසූවද, ඔවුන්ගෙන් ලක්ෂ 50කටම රතුබිල ලැබී ඇති බවද, විදුලි පාරිභෝගිකයන්ගෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි පිරිසකට මෙසේ රතු බිල ලැබී ඇති බවද අනුරාධා යහම්පත් මහත්මිය පෙන්වා දෙයි.

ලක්ෂ 6ක ප්‍රමාණයකට විදුලිය විසංධිකර නැවත එය ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද ඇය පෙන්වා දෙයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress